Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 3:24 - Sinhala New Revised Version

24 ‘මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබේ ශ්‍රේෂ්ඨත්වය ද බාහු බලය ද ඔබේ සේවකයා හට පෙන්වීමට ඔබ පටන්ගෙන තිබේ. ඔබ සේ දස්කම් හා විස්කම් අනුව ක්‍රියා පෑමට සමත් අන් කවර දෙවි කෙනෙක් සගලොව හෝ නරලොව හෝ සිටිත් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ‘මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබේ ශ්‍රේෂ්ඨත්වය ද බාහු බලය ද ඔබේ සේවකයා හට පෙන්වීමට ඔබ පටන්ගෙන තිබේ. ඔබ සේ දස්කම් හා විස්කම් අනුව ක්‍රියා පෑමට සමත් අන් කවර දෙවි කෙනෙක් සගලොව හෝ නරලොව හෝ සිටිත් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 අහෝ, ස්වාමීවූ දෙවියන්වහන්ස, ඔබගේ උතුම්කමද බලවත් හස්තයද ඔබගේ මෙහෙකරුවාට පෙන්වන්ට ඔබ පටන්ගත්සේක. මක්නිසාද ඔබගේ ක්‍රියාවලද ඔබගේ බලපරාක්‍රමයේද හැටියට කරන්ට පුළුවන් වෙන මොන දෙවිකෙනෙක් ස්වර්ගයෙහිවත් පොළොවෙහිවත් ඇත්තේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 3:24
25 හුවමාරු යොමු  

එබැවින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ උතුම් ව සිටින සේක. ඔබ වහන්සේට සමාන කෙනෙකු ගැන අප කන්වලින් කවදාවත් අසා නැත; ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත.


එසේ ඔබේ නාමය නිසා දුර දේශයකින් පැමිණි විදේශිකයෙකු මේ මාලිගාව දෙසට හැරී යාච්ඤා කළොත්,


“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ස්වර්ගයෙහි වත්, පොළොවෙහි වත් ඔබට සමාන දෙවි කෙනෙක් නැත. ඔබ වනාහි, ඔබ ඉදිරියෙහි තමන්ගේ මුළු සිතින් කීකරු වන ඔබේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත්, කරුණාවත් පවත්වන සේක.


“ඉතින් අපේ දෙවියන් වහන්ස, මහත් වූ, බලවන්ත වූ, භයානක වූ ගිවිසුම ද කරුණාව ද පවත්වන්නා වූ දෙවියන් වහන්ස, අසිරියාවේ රජුන්ගේ කාලයේ සිට අද දක්වා අපටත්, අපේ පියවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පූජකයන්ටත්, අපේ දිවැසිවරුන්ටත්, ඔබේ මුළු සෙනඟටත් පැමිණි සියලු දුක් ගැහැට ඔබ ඉදිරියෙහි සුළු ලෙස නොපෙනේ වා!


සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා කියන්නත්, එතුමන්ගේ සියලු පැසසුම් ගයන්නත් පුළුවන් කවරෙකුට ද?


සමිඳාණෝ උතුම් ය, උසස් ම පැසසුම් ලැබිය යුතු ය. එතුමන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකි ය.


දනෝ ඔබේ විස්මයජනක ක්‍රියා ගැන කතා කරන්නෝ ය; මම ඔබේ උතුම්කම පවසන්නෙමි.


එතුමන්ගේ බලවත් ක්‍රියා නිසා එතුමන් පසසන්න. එතුමන්ගේ ලොවුතුරා මහිමතාව නිසා එතුමන් පසසන්න.


මාගේ මුළු සිතින් මෙපවත් මම පවසන්නෙමි: “ඔබ වැනි උතුමෙක් මුළු ලොව ඇද් ද? ප්‍රබලයන්ගෙන් දුබලයන් රක්නා, පීඩාකරුන්ගෙන් දිළිඳුන් රැකගන්න වෙන උතුමෙක් තවත් ඇද් ද?”


අනේ දෙවිඳුනි! ඔබේ දැහැමිකම අහස දක්වා උසස් ය. ඔබ ප්‍රබල ක්‍රියා කළ සේක. ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය.


අහෝ සමිඳුනි! දෙවිවරුන් අතර ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය. ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි අන් ක්‍රියා ද නැත්තේ ය.


සමිඳුන්ට සම කළ හැකි කිසිවෙක් අහස් තලයෙහි ඇද් ද? දෙවිවරුන් අතර සමිඳුන්ට සමාන වනුයේ කවරෙක් ද?


සව් බලැති දෙවි සමිඳුනි, ඔබ හා සම, බලසම්පන්න අන් කවරෙක් ද? සමිඳුනි, සියල්ලෙහි දී ඔබ විශ්වාසවන්ත ය.


සමිඳුනි, දෙවියන් අතර ඔබ හා සම අන් කවුරු ද? ශුද්ධකමින් ප්‍රතාපවත්, බල විකුමෙන් භයංකර, අරුමපුදුම දේ කරවන ඔබ වැනි අය අන් කවුරු ද?


ඔහු පිළිතුරු දෙමින්, “හෙට ය”යි කී විට, “ඔබ කී ලෙස එසේ වනු ඇත. එවිට අපේ දෙවියන් වහන්සේ හා සමාන වෙන කිසි සමිඳාණන් වහන්සේ කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය.


ඒ මන්ද, මම මේ වතාවේ ඔබ පිට ද ඔබේ නිලධාරීන් හා සෙනඟ පිට ද වසංගත සියල්ල ම එවන්නෙමි. එවිට මුළු මිහි පිට මා වැනි අන් කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය.


දෙවිඳාණන් කවරෙකුට සමකළ හැකි ද? එතුමන්ගේ හැඩ රුව කෙසේ විස්තර කළ හැකි ද?


සුවිශුද්ධ දෙවිඳුන් සමාන කළ හැක්කේ කවරෙකුට ද? එතුමන්ට සමාන අන් කිසිවෙක් සිටින්නේ ද?


සමිඳුනි, ඔබට සම කිසිවෙක් නැත. ඔබ පරාක්‍රමවත් ය. ප්‍රබලතාවෙන් ඔබේ නම උතුම් ය.


“එබැවින්, සියලු ජනයෙනි, ෂද්‍රක්ගේත්, මේෂක්ගේත්, අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට විරුද්ධ ව දොස් කියන යම් කෙනෙකුට හෝ ජාතියකට හෝ භාෂාවකට හෝ අයත් යමෙක් වේ නම්, ඔහු කැබලි කොට ඔහුගේ ගේ-දොර කසළ ගොඩක් කරන හැටියට මම නියමයක් කරමි. මන්ද, මේ ආකාරයෙන් ගළවාගන්නට පුළුවන් අන් දෙවි කෙනෙක් නැත.”


ජාකොබ්ට එරෙහි ව අනවින නැත. ඉශ්රායෙල්ට එරෙහි ව පේන කීමක් ද නැත. ජාකොබ් පෙළපත, ඉශ්රායෙල් පරපුර අමතා, ‘දෙවිඳුන් කෙළේ කුමක් ද’ කියා අසනු ඇත.


අද දින මෙය දැනගන්න. මා කතා කරන්නේ ඒවා නොදත් ඔබේ දරුවන් සමඟ නොව ඔබ සමඟ ය. ඔබේ දරුවෝ වනාහි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එවූ දඬුවම් ද, උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ බාහු බලය ද, දිගු කළ හස්තය ද,


“එවිට මම සමිඳාණන් වහන්සේට බැගෑපත් ව යාච්ඤා කරමින්,


හිමි සඳ නම මම පවසමි. එතුමන්ගේ මහිමය ඔබ ගයන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්