ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 5:20 - Sinhala New Revised Version

දාවිත් බාල්-පෙරාශීම් නගරයට අවුත්, එහි දී ඔවුන්ට පහර දී, “ගඟක් ඉවුරු තළා යන්නා සේ සමිඳාණන් වහන්සේ මා ඉදිරියේ මාගේ සතුරන් බිඳ දැමූ සේකැ”යි කීවේ ය. එබැවින් ඔහු ඒ ස්ථානයට භංගස්ථානය යන අරුත ඇති බාල්-පෙරාශීම් යන නම තැබී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දාවිත් බාල්-පෙරාශීම් නගරයට අවුත්, එහි දී ඔවුන්ට පහර දී, “ගඟක් ඉවුරු තළා යන්නා සේ සමිඳාණන් වහන්සේ මා ඉදිරියේ මාගේ සතුරන් බිඳ දැමූ සේකැ”යි කීවේ ය. එබැවින් ඔහු ඒ ස්ථානයට භංගස්ථානය යන අරුත ඇති බාල්-පෙරාශීම් යන නම තැබී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දාවිත් බාල්-පෙරාශීම්ට ඇවිත් එහිදී ඔවුන්ට පහරදී: ස්වාමීන්වහන්සේ ජල බිඳීමක් මෙන් මා ඉදිරියේ මාගේ සතුරන් බින්දසේකැයි කීවේය. එබැවින් ඔහු ඒ ස්ථානයට බාල්-පෙරාශීම්යයි නම් තැබීය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 5:20
5 හුවමාරු යොමු  

සියලු ඉශ්රායෙල් ගෝත්‍රවල සෙනඟ විවාද කරමින්, “රජ්ජුරුවෝ අපේ සතුරන් අතින් අප මුදා, පිලිස්තිවරුන්ගේ අතින් ද අප ගළවාගත්හ. එහෙත්, දැන් ඔහු අබ්සලොම් නිසා රටින් පලා ගොස් ඇත.


ඔව්හු බාල්-පෙරාශීම්ට ආවෝ ය. දාවිත් එහි දී ඔවුන්ට පහර දී, කතා කරමින්, “දෙවියන් වහන්සේ මා අතින් මාගේ සතුරන් ජලගැල්මක් මෙන් විසුරුවා හැරිය සේකැ”යි කීවේ ය. ඒ නිසා ඒ ස්ථානයට බාල්-පෙරාශීම් යන නම තැබී ය.


අහෝ දෙවිඳුනි! ඔබ අප අත්හැර අප බලකොටු බිඳදැමූ සේක; ඔබ උදහස් වූ සේක. අප වෙත යළි වැඩිය මැනව.


සමිඳාණෝ තමන් කරන්න අදහස් කළ පුදුම ක්‍රියා මෙන් පෙනෙන දේ ඉෂ්ට කරන පිණිස, පෙරාශිම් කන්දේ දී හා ගිබියොන් මිටියාවතේ දී සටන් කළාක් මෙන් සටන් කරන සේක. එය අබිරහස් ක්‍රියාවකි.


ඔබේ සෙනඟ ගළවන පිණිසත්, ඔබේ අභිෂේක ලත් නිරිඳා මුදන පිණිසත් ඔබ පිටත් ව වැඩිය සේක. ඔබ දුෂ්ටයන්ගේ නායකයා ගසා දමා, ඔහුගේ අනුගාමිකයන් සහමුලින් ම විනාශ කළ සේක.