දැන් ඔබ මාගේ ස්වාමියාට කරුණාව හා හිතවත්කම දක්වන්න කැමැති නම් මට එසේ කියන්න; අකමැති නම් එය ද කියන්න; එවිට කුමක් කළ යුතුදැ යි මම තීරණය කරමි.”
1 සාමුවෙ 20:8 - Sinhala New Revised Version ඒ නිසා කරුණා කොට ඔබේ මෙහෙකරුවා වන මට මේ උපකාරය කර මා සමඟ ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ කළ ගිවිසුම පවත්වන්න. එහෙත්, මා අතේ වරදක් ඇත්නම්, ඔබ ම මා මරන්න. ඔබේ පියා වෙත මා ගෙනයන්නේ කුමට ද?” Sinhala New Revised Version 2018 ඒ නිසා කරුණා කොට ඔබේ මෙහෙකරුවා වන මට මේ උපකාරය කර මා සමඟ ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ කළ ගිවිසුම පවත්වන්න. එහෙත්, මා අතේ වරදක් ඇත්නම්, ඔබ ම මා මරන්න. ඔබේ පියා වෙත මා ගෙනයන්නේ කුමට ද?” Sinhala Revised Old Version එවිට නුඹේ මෙහෙකරුවාවූ මට නුඹ කරුණාව පෙන්වන්ට ඕනෑය; මක්නිසාද නුඹේ මෙහෙකරුවා සමඟ නුඹ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තෙහිය. නුමුත් මා කෙරෙහි වරදක් ඇත්නම් නුඹම මා මරන්න; නුඹේ පියාණන් වෙතට මා ගෙනයන්නේ මක්නිසාදැයි කීවේය. |
දැන් ඔබ මාගේ ස්වාමියාට කරුණාව හා හිතවත්කම දක්වන්න කැමැති නම් මට එසේ කියන්න; අකමැති නම් එය ද කියන්න; එවිට කුමක් කළ යුතුදැ යි මම තීරණය කරමි.”
ඉශ්රායෙල් නසින කාලය ආසන්න වූ විට ඔහු තම පුත් ජෝසෙප් කැඳවා ඔහුට කතා කොට, “දැන් ඉතින් ඔබ මට ප්‍රසාදය දක්වන්නෙහි නම්, කරුණාකර, මාගේ කලවය යට ඔබේ අත තබා, මා වෙත පක්ෂපාතකම හා හොඳ හිත දක්වමින්, මා මිසර දේශයෙහි භූමදාන නොකරන බවට පොරොන්දු වන්න.
අබ්සලොම් කතා කොට, “මෙහි පැමිණෙන්නැ යි ඔබට පණිවුඩ එව්වේ, ‘මම ගෙෂූර් සිට ආවේ කුමට ද? මේ වන තුරුත් එහි සිටියෙම් නම් හොඳ ය’ කියා දන්වා ඔබ රජු වෙත යවන පිණිස ය. ඉතින් මට රජුගේ මුහුණ දකින්නට ලැබේවා. මා තුළ අපරාධයක් ඇත්නම්, ඔහු මා මැරුවා වේ”යි කී ය.
දාවිත් ඔවුන් සම්බ වන්න පිටතට ගොස්, ඔවුන්ට කතා කොට, “ඔබ හැම මට උපකාර කරන්න සාමදානයෙන් මා ළඟට ආවහු නම්, මාගේ සිත ඔබ කෙරෙහි ඇළුම් වන්නේ ය. එහෙත්, මා අත වරදක් නැති ව තිබෙද්දී, මාගේ එදිරිකාරයන්ට මා පාවා දෙන පිණිස ආවහු නම්, අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ එය බලා යුක්තිය ඉටු කරන සේක් වා!”යි කීවේ ය.
පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න.
ඉදින් මම වරදකාරයෙක් නම්, මරණයට සුදුසු යමක් මා කර තිබේ නම්, මා මරණ දඬුවමින් මුදන ලෙස නො ඉල්ලමි. එහෙත් මොවුන් මට තබන චෝදනාවල කිසි සත්‍යයක් නැත්නම්, මා ඔවුන් අතට පාවා දීමට කිසිවෙකුට බැරි ය. මම සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලමි”යි කී ය.
එවිට ඒ මිනිස්සු ඈට පිළිතුරු දෙමින්, “අපේ මේ රහස ඔබ එළිදරව් නොකළොත්, ඔබ වෙනුවෙන් දිවි පුදන්නට අපි සූදානම් ය. සමිඳාණන් වහන්සේ මේ දේශය අපට දුන් කල, අපි ඔබ කෙරෙහි කරුණාවෙන් ද හිතවත්කමෙන් ද ක්‍රියා කරන්නෙමු”යි කීවෝ ය.
“දේවාතිදේව සමිඳාණන් වහන්ස, දේවාතිදේව සමිඳාණන් වහන්ස, උන් වහන්සේ ම දන්නා සේක. ඉශ්රායෙල් ජනයා ද දැනගත යුතු ය. අපි කැරලි ගසා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළෙමු නම්, අද අප ඉතිරි නොකළ මැනව.
නයෝමි ලේලීන් දෙදෙනා අමතා මෙසේ කීවා ය: “ආපසු ගෙදර ගොස් ඔබ එකිනෙකාගේ මවුන් සමඟ නවතින්න. මටත්, මළගිය අයටත් ඔබ හොඳින් සැලකුවාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඔබටත් හොඳින් සලකන සේක් වා!
දාවිත් සාවුල්ට කතා කොට නිම වූ කල ජොනතන්ගේ සිත දාවිත් දෙසට තදින් ඇදී ගොස්, ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කෙළේ ය.
ඔබත් මාත් අතර කළ ගිවිසුම නොකැඩී පවතී වා. එය කඩ කරනු ලැබුවොත්, සමිඳාණන් වහන්සේ ඔබට දඬුවම් කරන සේක.”
ජොනතන් ඊට පිළිතුරු දෙමින්, “ඔබට එසේ නොවේ වා! ඔබට නපුරක් කරන්නට මාගේ පියා අදහස් කර සිටින බව මා ඇත්තට ම දන්නවා නම්, මා එය ඔබට දන්වන්නේ නැද්දැ”යි කී ය.
ඔවුන් දෙදෙනා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්හ. දාවිත් හොරෙෂ්හි නැවතී සිටියේ ය; ජොනතන් තමාගේ ගෙදරට ගියේ ය.