1 සාමුවෙ 18:1 - Sinhala New Revised Version1 දාවිත් සාවුල්ට කතා කොට නිම වූ කල ජොනතන්ගේ සිත දාවිත් දෙසට තදින් ඇදී ගොස්, ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 දාවිත් සාවුල්ට කතා කොට නිම වූ කල ජොනතන්ගේ සිත දාවිත් දෙසට තදින් ඇදී ගොස්, ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 තවද ඔහු සාවුල්ට කථාකොට නිමවූ කල යොනාතාන්ගේ ප්‍රාණය දාවිත්ගේ ප්‍රාණයට බැඳී, යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් ඔහුට ආදරේවිය. පරිච්ඡේදය බලන්න |
“එක මවකගෙන් උපන් ඔබේ සොහොයුරා හෝ ඔබේ පුතා හෝ දුව හෝ ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ හෝ ඔබට පණ මෙන් සිටින ඔබේ මිතුරා හෝ රහසින් ඔබ පොළඹවමින් ඔබ වත් ඔබේ පියවරුන් වත් නොදත්, ඔබ අවට ඉතා කිට්ටුවෙන් හෝ බොහෝ දුරින් හෝ ලෝකයේ එක් කොණක සිට අනික් කොණ දක්වා හෝ සිටි ජනතාවන්ගේ ‘දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු’යි කීවොත්,
එවිට සෙනඟ සාවුල්ට කතා කොට, “ඉශ්රායෙල්ට මේ මහත් ජයග්‍රහණය ලබා දුන් ජොනතන් නසින්නට ඕනෑ ද? එසේ නොවේ වා. ඔහුගේ හිසෙන් කේශයක් වත් බිම නොවැටිය යුතු යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමු. මන්ද, ඔහු දෙවියන් වහන්සේ සමඟ අද දවසේ ක්‍රියා කෙළේ ය”යි කීවෝ ය. මෙසේ ජොනතන් නොනසින ලෙස සෙනඟ ඔහු බේරාගත්තෝ ය.
එසේ නොවේ නම්, ඔබ සියල්ලන් මට විරුද්ධ ව කුමන්ත්‍රණය කරගෙන සිටින්නේ මන් ද? මාගේ පුත්‍රයා, දාවිත් සමඟ ගිවිසුමක් කර ගත් බව ඔබ අතරෙන් කිසිවෙකු මට කීවේ නැත. කිසිවෙකු මා ගැන සලකන්නේත් නැත. මාගේ ම සේවකයෙකු වන දාවිත් දැන් මා මරන්නට අවස්ථාවක් සොයමින් සිටින බවත්, මාගේ පුත්‍රයා ඔහුට අනුබල දෙන බවත් කිසිවෙකු මට කියා නැතැ”යි කීවේ ය.