Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 20:8 - Sinhala Revised Old Version

8 එවිට නුඹේ මෙහෙකරුවාවූ මට නුඹ කරුණාව පෙන්වන්ට ඕනෑය; මක්නිසාද නුඹේ මෙහෙකරුවා සමඟ නුඹ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තෙහිය. නුමුත් මා කෙරෙහි වරදක් ඇත්නම් නුඹම මා මරන්න; නුඹේ පියාණන් වෙතට මා ගෙනයන්නේ මක්නිසාදැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඒ නිසා කරුණා කොට ඔබේ මෙහෙකරුවා වන මට මේ උපකාරය කර මා සමඟ ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ කළ ගිවිසුම පවත්වන්න. එහෙත්, මා අතේ වරදක් ඇත්නම්, ඔබ ම මා මරන්න. ඔබේ පියා වෙත මා ගෙනයන්නේ කුමට ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඒ නිසා කරුණා කොට ඔබේ මෙහෙකරුවා වන මට මේ උපකාරය කර මා සමඟ ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ කළ ගිවිසුම පවත්වන්න. එහෙත්, මා අතේ වරදක් ඇත්නම්, ඔබ ම මා මරන්න. ඔබේ පියා වෙත මා ගෙනයන්නේ කුමට ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:8
16 හුවමාරු යොමු  

අබ්සලොම්ද යෝවාබ්ට කථාකොට: මම ගෙෂූර් සිට කුමට ආයෙම්ද? මේ වනතුරුත් එහි සිටියෙම්නම් මට හොඳය කියා කියන්ට නුඹ රජු වෙතට යවන පිණිස, මෙහි එන්න කියා නුඹට කියා එවුවෙමි. ඉතින් මට රජුගේ මුහුණ දකින්ට ලැබේවා; මා තුළ අපරාධයක් ඇත්නම් ඔහු මා මැරුවාවේයි කීවේය.


යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් දාවිත්ට ආදරේවූ බැවින් ඔහු සහ දාවිත් ගිවිසුමක් කරගත්තෝය.


ඔවුන් දෙදෙනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තෝය. දාවිත් කැලෑවෙහි සිටියේය, යොනාතාන් තමාගේ ගෙදරට ගියේය.


මෙසේ යොනාතාන් දාවිත්ගේ වංශය සමඟ ගිවිසුමක් කොට: ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සතුරන් අතින් ඒක අය කරන සේක්වයි කීවේය.


ඉදින් මම වරදකාරයෙක් නම්, මරණයට සුදුසු කිසිවක් කෙළෙම් නම්, මරණය නොලබන ලෙසට නොඉල්ලමි. නුමුත් මොවුන් මට තබන වරදවලින් එකක්වත් සැබෑ නොවේ නම්, මා ඔවුන්ට පාවාදෙන්ට කිසිවෙකුට බැරිය. මම කායිසර්ගේ විනිශ්චය ඉල්ලමියි කීවේය.


කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න.


සියලු මනුෂ්‍යයෝම බොරුවකැයි මාගේ ඉක්මන්කමින් කීමි.


දාවිත් ඔවුන් සම්බවෙන්ට පිටතට ගොස් ඔවුන්ට කථාකොට: නුඹලා මට උපකාරකරන්ට සමාදානයෙන් මා ළඟට ආවහු නම්, මාගේ සිත නුඹලා කෙරෙහි ඇලුම්වන්නේය. නුමුත් මා අත වරදක් නැතුව තිබෙද්දී මාගේ එදිරිකාරයන්ට මා පාවාදෙන පිණිස ආවා නම්, අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ එය බලා යුක්තිය කරනසේක්වයි කීවේය.


නායොමි ඇගේ යෙහෙළීන් දෙදෙනාට කථාකොට: නුඹලා හැරී නුඹලාගේ මවුවරුන්ගේ ගෙවලට යන්න. නුඹලා මැරුණ අයටත් මටත් කරුණාවෙන් ක්‍රියාකළ ලෙස ස්වාමීන්වහන්සේ නුඹලාටත් කරුණාවෙන් යුක්තව ක්‍රියාකරනසේක්වා.


දෙවිවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, දෙවිවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම දන්නාසේක, ඉශ්‍රායෙල්ද දැනගන්නවා ඇත; අප විසින් කැරළිකාරකමින්වත් ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකමින්වත්, ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන පිණිස අපට පූජාසනයක් ගොඩනගා තිබේ නම්, අද දවසේ අප නොගැළවුව මැනව.


ඒ මනුෂ්‍යයෝ ඈට කථාකොට: අපේ මේ කාරණය නුඹලා එළිදරව් නොකරතොත් ස්වාමීන්වහන්සේ දේශය අපට දෙන කල අපි නුඹට කරුණාවෙන්ද සැබෑකමින්ද ක්‍රියාකරන්නෙමුව. එසේ ක්‍රියානොකළොත් අපේ ප්‍රාණ නුඹලා වෙනුවට මරණයට පැමිණේවයි කීවෝය.


ඉශ්‍රායෙල් නසින කාලය ආසන්නවූයේය. ඔහු තමාගේ පුත්‍රවූ යෝසෙප් කැඳවා ඔහුට කථාකොට: නුඹෙන් මට කරුණාව ඇත්තේවීනම් නුඹේ අත මාගේ කළවය යට තබා ගිවිස, මට කරුණාවෙන් සහ සැබෑකමෙන් ක්‍රියාකරන්න; මිසරයෙහි මා තැන්පත්නොකරන්න.


ඉදින් නුඹලා මාගේ ස්වාමියාට කරුණාවෙන්ද අවංකකමෙන්ද ක්‍රියාකරන්නහු නම් මට කියන්න; නැතහොත් මා විසින් දකුණට හෝ වමට හෝ හැරෙන පිණිස මට කියන්නැයි කීය.


යොනාතාන්ද: නුඹට එසේ නොවේවා. නුඹ පිටට නපුරක් පමුණුවන්ට මාගේ පියා නියමකරගන සිටින බව මම ඇත්තටම දැනගතිම්නම් මා ඒක නුඹට දන්වන්නේ නැද්දැයි කීවේය.


තවද ඔහු සාවුල්ට කථාකොට නිමවූ කල යොනාතාන්ගේ ප්‍රාණය දාවිත්ගේ ප්‍රාණයට බැඳී, යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් ඔහුට ආදරේවිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්