පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන්ට ගී ගයන්න. එතුමන්ගෙන් ලැබෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශ කරන්න.
1 ලේකම් 16:30 - Sinhala New Revised Version පොළෝ වැසි සියල්ලෙනි, එතුමන් අබිමුව බියෙන් ඇලළී සිටින්න; එතුමාණෝ නොසැලෙන ලෙස තිරසාර ව ලොව සෑදූ සේක. Sinhala New Revised Version 2018 පොළෝ වැසි සියල්ලෙනි, එතුමන් අබිමුව බියෙන් ඇලළී සිටින්න; එතුමාණෝ නොසැලෙන ලෙස තිරසාර ව ලොව සෑදූ සේක. Sinhala Revised Old Version පොළෝවාසී සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියේ වෙවුලමින් සිටිව්. නොසෙල්වෙන ලෙස ලෝකයත් ස්ථිරව තිබේ. |
පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන්ට ගී ගයන්න. එතුමන්ගෙන් ලැබෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශ කරන්න.
මන්ද, සමිඳාණෝ උතුම් ය; අතිශයින් පැසසිය යුතු ය. සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය.
සමිඳුන් නමට හිමි ගෞරවය පිරිනමන්න; පඬුරක් රැගෙන එතුමන් ඉදිරියට එන්න; ශුද්ධ මළුවෙහි සමිඳුන් නමදින්න.
ස්වර්ගයෝ සන්තෝෂ වෙත් වා! පොළොව ද ප්‍රීති වේ වා! “සමිඳාණෝ රජකම් කරන සේකැ”යි ජාතීන් අතරේ කියත් වා!
සමිඳාණෝ රජකම් කරන සේක; ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහට ම නොසැලෙන සක්වළ පිහිටෙවු සේක.
සමිඳුන් අබිමුව පාරිශුද්ධත්වයෙන් සැරසී වැඳ වැටෙන්න; ලෝ වැසි සියල්ලෙනි, එතුමන් අබිමුව බියෙන් ඇලළී සිටින්න.
සමිඳාණෝ රජකම් කරන සේක. විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය. එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක. මිහිතලය කම්පා වන්නේ ය.
සමිඳාණෝ මෙසේ වදාළ සේක: “සුදුසු කාලයේ දී මම නුඹට පිළිතුරු දී, ගැළවීමේ දවසේ දී නුඹට උපකාර කරන්නෙමි. මම නුඹ ආරක්ෂාකර, නුඹ මඟින් සියලු මිනිසුන් සමඟ ගිවිසුමක් කරන්නෙමි. දැනට පාළු වී ඇති නුඹේ දේශය නැවත උරුම කරගන්න මම නුඹට දෙන්නෙමි.
සමිඳාණෝ සිය බලයෙන් පොළොව මැවූ සේක; සිය ඥානයෙන් ලෝකය පිහිටෙව් සේක; සිය නුවණින් අහස පැතිරෙව් සේක.
උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.
සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: “ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය.