ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 12:13 - Sinhala New Revised Version

රජ ද ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම අත්හැර,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

රජ ද ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම අත්හැර,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද රජ සෙනඟට තද ලෙස උත්තරදෙමින්, වැඩිමහල්ලන් ඔහුට දුන් දැනමිතිකම අත්හැර,

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 12:13
21 හුවමාරු යොමු  

ආබ්‍රම් ද සාරයිට උත්තර දෙමින්, “මෙන්න, ඔබේ වහල් කෙල්ල, ඔබ ම ඈ බාරගන්න. ඔබ කැමැති දෙයක් ඇයට කරන්නැ”යි කී ය. එවිට සාරයි, ඇයට තදින් හිරිහැර කෙළෙන් ඈ තම ස්වාමිදුව වෙතින් පලා ගියා ය.


“දේශාධිපතියා වූ තැනැත්තා අපට තදින් කතා කොට ඒ රටේ ඔත්තුකාරයන් ලෙස අප සැලකී ය.


ජෝසෙප් ඔහුගේ සහෝදරයන් දැක, ඔවුන් හඳුනාගත් නමුත්, තමා නාඳුනන්නාක් මෙන් හඟවා, ඔවුන්ට තදින් කතා කරමින්, “නුඹලා ආවේ කිනම් රටකින් දැ”යි ඇසී ය. “ආහාර මිලට ගනු පිණිස කානාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ.


ඉශ්රායෙල් සෙනඟ ජුදා සෙනඟට පිළිතුරු දෙමින්, “රජුගෙන් දස කොටසක් අපට තිබේ. දාවිත් රජුගෙනුත් ඔබට වඩා අයිතිකම් අපට ඇත්තේ ය. ඔබ අප සුළු කොට සිතුවේ මන් ද? රජු යළිත් ගෙනෙන්නට පළමුකොට කතා කෙළේ අපි නො‍වෙමු දැ”යි කී හ. එහෙත්, ඉශ්රායෙල් සෙනඟගේ වචනවලට වඩා ජුදා සෙනඟගේ වචන වේගවත් විය.


‘තුන් වන දින නැවත මා ළඟට එන්න’ කියා රජු නියම කළ හැටියට ජෙරොබෝවම් හා මුළු සෙනඟ තුන් වන දින රෙහොබෝවම් ළඟට පැමිණියහ.


සෙනඟට තදින් උත්තර දෙමින්, තරුණයන්ගේ දැනුමැතිකමේ හැටියට ඔවුන්ට කතා කොට, “මාගේ පියාණෝ ඔබ පිට බර වියගහක් තැබූ හ. එහෙත්, මම ඔබේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ සාමාන්‍ය කසවලින් ඔබට දඬුවම් කළහ. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි”යි කී ය.


ඔහු මෝසෙස්ට කතා කොට, “මෙතැනින් පලා යන්න; මින්පසු නම් මා ඉදිරියට නොඑන්නට බලාගන්න, මා නුඹ දකින්නේ කවර දිනක ද එදින නුඹ නසිනු ඇතැ”යි කී ය.


පාරාවෝ පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ නම් කවරෙක් ද? ඉශ්රායෙල් ජනයාට යන්න අවසර දීමට මා ඒ හඬට අවනත විය යුත්තේ මන් ද? මම සමිඳාණන් වහන්සේ නාඳුනමි. ඉශ්රායෙල් ජනයාට යන්න මා අවසර දෙන්නේ නැතැ”යි කී ය.


සුදනන්ගේ කතාව ජීවන උල්පතකි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවී ඇත.


දැහැමියා සිය මුවින් ප්‍රස්තාවෝචිත දේ කියයි; එහෙත් දුෂ්ටයා කතාවෙන් කැරලිකාර දේ පවසයි.


නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත; අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත.


මුදු මොළොක් පිළිතුර කෝපය පහකරයි; රළු පරුස වදන තරහ අවුස්සයි.


දිළිඳා නම් බැගෑපත් ව අයැදියි; ධනවතා නම් රළු පිළිතුරක් දෙයි.


ප්‍රඥාවන්තයාගේ මුවින් නික්මෙන වචන ඔහුට ගෞරවය දෙයි; අඥානයාගේ වචන ඔහුට විනාශය ගෙනෙයි.


ඔහු ප්‍රඥාවන්තයෙක් වේ ද අඥානයෙක් වේ දැ යි කියන්නට දන්නේ කවරෙක් ද? මුළු මිනිස් ලොවෙහි වීර්යයෙන් හා ප්‍රඥාවෙන් මා ඉටු කළ හැම දෙය ම ඔහු සන්තක වනු ඇත. මෙය ද නිස්සාර දෙයකි.


එහෙත් ලෝකෝත්තර ප්‍රඥාව පළමුකොට නිර්මල ය, ඊළඟට සාමකාමී ය, සානුකම්පිත ය, යුක්ති සහගත ය; එය දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණ ව, පක්ෂවාදිකමින් ද කුහකකමින් ද තොර ව පවතී.


එවිට, දාවිත්, “ඔබේ පියාණන් ඔබට උදහසින් උත්තර දුන්නොත් ඒ බව මට දන්වන්නේ කවරෙක් දැ”යි ජොනතන්ගෙන් ඇසී ය.