ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 තිමෝති 5:21 - Sinhala New Revised Version

කලින් ගත් තීරණයක් අනුව වත්, පක්ෂපාතකමින් වත් කිසිවක් නොකර, සාධාරණ ව ක්‍රියා කිරීම ඔබේ යුතුකමක් ලෙස දෙවියන් වහන්සේ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද තෝරාගත් දේව දූතයන් ද ඉදිරියෙහි ඔබට අණ කරමි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

දෙවියන්වහන්සේ ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ද තෝරාගත් දේව දූතයින් ද ඉදිරියේ මා ඔබට අණ කරන්නේ, පූර්ව නිගමනවලින් හා පක්ෂවාදිකම්වලින් තොරව මෙම උපදෙස් පිළිපදින ලෙස ය;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

කලින් ගත් තීරණයක් අනුව වත්, පක්ෂපාතකමින් වත් කිසිවක් නොකර, සාධාරණ ව ක්‍රියා කිරීම ඔබේ යුතුකමක් ලෙස දෙවියන් වහන්සේ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද තෝරාගත් දේව දූතයන් ද ඉදිරියෙහි ඔබට අණ කරමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කලින් නිශ්චයකරගනවත් පක්ෂපාත කමින්වත් කිසිවක් නොකර, මේ සියල්ල පවත්වන්ට දෙවියන්වහන්සේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේද තෝරාගත් දේවදූතයන්ද ඉදිරියෙහි නුඹට අණකරමි.

පරිච්ඡේදය බලන්න



1 තිමෝති 5:21
25 හුවමාරු යොමු  

නුවණැත්තෝ මේ දේ සිතට ගනිත් වා! ඔව්හු සමිඳුන්ගේ තිර පෙම පිළිගනිත් වා!


මට මනා අවබෝධය දුන මැනව. එවිට ඔබේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි; එසේ ය, මාගේ මුළු සිතින් එය පිළිපදින්නෙමි.


විනිශ්චයේ දී, දුදනන්ට වාසිය සැලසීම ද සුදනන්ගෙන් යුක්තිය පැහැරගැනීම ද හරි නැත.


ඉන්පසු වෙන ගඩොල් ගෙන පළමු ගඩොල් තිබූ ස්ථානවලට දමා තව බදාම ද රැගෙන ගෙය කපරාරු කළ යුතු ය.


“නඩු තීන්දුවක් දෙන විට සාධාරණ ව සිටිය යුතු ය. දිළින්දාගේ පහත් තත්ත්වය වත්, බලවතාගේ උසස් තත්ත්වය වත් නොසලකා, සාධාරණ ලෙස නුඹේ අසල්වැසියා විනිශ්චය කළ යුතු ය.


නුඹලා මාගේ ඉගැන්වීම් නොපිළිපැද, මාගේ කැමැත්ත ගැන උගන්වන විට සියලු දෙනා එක සේ නොසලකන බැවින් මම ද ඉශ්රායෙල් සෙනඟ විසින් නුඹලා හෙළාදකිනු ලබන්න සලස්වන්නෙමි.” මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.


මනුෂ්‍ය-පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින සේක. එකල උන් වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙන සේක.


“එවිට උන් වහන්සේ වම් පසෙහි සිටින්නන්ට කතා කොට, ‘සාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාට ද ඔහුගේ දූතයන්ට ද සූදානම් කර තිබෙන සදාතන ගින්නට යන්න.


මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.


ඔව්හු කතා කොට, “ගුරුදේවයෙනි, ඔබ යුක්ති සහගත ලෙස කතා කරන බවත්, අනුශාසනා කරන බවත්, මිනිසුන්ගේ තරාතිරම් නොබලා, දෙවියන් වහන්සේගේ මාර්ගය සැබෑ ලෙස උගන්වන බවත් අපි දනිමු.


යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් තමන්ගේ ද පියාණන්ගේ ද ශුද්ධ දූතයන්ගේ ද තේජශ්‍රීයෙන් යුක්ත ව වඩිනා කල ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.


මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුන් වහන්සේ දැන හැඳින සිටියත්, මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු.


කඳවුර ගලවා, ගමන අරඹා අමෝරිවරුන්ගේ කඳුකරයට ද ඊට යාබද ව අසල්වැසියන් වසන මිටියාවතට සහ කඳුකරයට ද තැනිතලාවට සහ දකුණු දිශාවට ද මුහුදුබඩට හා කානානිවරුන්ගේ දේශයට ද ලෙබනොන් රටට සහ මහා ගංගාව වන යුප්‍රටීස් ගංගාව දක්වා ද යන්න.


ඔව්හු සිය දෙමාපියන් අමතා, ‘අපි ඔබ නුදුටිමු’යි කී හ; සිය සෝයුරන් නොපිළිගත්හ; සිය දරුදැරියන් නොදත්හ; ඔව්හු ඔබ වදන් රැක ඔබ ගිවිසුම ඉටු කළහ.


මේ හසුන සියලු සහෝදරයන් ඉදිරියෙහි කියවන ලෙස සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි.


සකල ජීවයට උල්පත වූ දෙවියන් වහන්සේ ද, පොන්තියුස් පිලාත් ඉදිරියෙහි ඇදහීම නිර්භීත ලෙස ප්‍රකාශ කළ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද අබිමුවෙහි මා ඔබට භාර දෙන කටයුත්ත මෙය යි:


මේවා ඔවුන්ට මතක් කරමින්, වැඩක් නැති, අසන්නන්ට හානි ගෙන දෙන වචන ගැන විවාද නොකිරීමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි තරයේ අණ කරන්න.


දෙවියන් වහන්සේ ඉදිරියෙහි ද, ජීවතුන්ගේ ද, මළවුන්ගේ ද විනිශ්චයකාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ඉදිරියෙහි ද, එතුමාණන්ගේ ආගමනයේ හා රාජ්‍යයේ ද නාමයෙන් මා ඔබට පවරන භාරදූර කටයුත්ත මේ ය:


එහෙත් ලෝකෝත්තර ප්‍රඥාව පළමුකොට නිර්මල ය, ඊළඟට සාමකාමී ය, සානුකම්පිත ය, යුක්ති සහගත ය; එය දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණ ව, පක්ෂවාදිකමින් ද කුහකකමින් ද තොර ව පවතී.


පව් කළ දේව දූතයන්ට දෙවියන් වහන්සේ දඬුවම් දීමෙන් නොවැළකී, ඔවුන්ගේ විනිශ්චය සඳහා ඔවුන් වෙන් කර තැබීමට නිරයෙහි හෙළා, අන්ධකාර ගුහාවලට භාර දුන් සේක.


තමන් සතු ආධිපත්‍යයෙහි නොසිට ස්වකීය වාසභවනය අත්හැර ගිය දේව දූතයන්, උන් වහන්සේ මහා දවසේ විනිශ්චය පිණිස අන්ධකාරයට යට කොට, සදාකාල යදම්වලින් බැඳ තැබූ බවත් සිහි කරන්න.


ඔහුත් දෙවියන් වහන්සේගේ උදහස නමැති කුසලානට වත් කරන ලද උන් වහන්සේගේ කෝපය නමැති අමිශ්‍ර මුද්‍රික පානය බොන්නේ ය. ඔහු ශුද්ධ දේව දූතයන් ඉදිරියෙහි ද, බැටළු පෝතකයාණන් ඉදිරියෙහි ද ගින්නෙන් හා ගෙන්දගම්වලින් වද වේදනා විඳින්නේ ය.