Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මලාකි 2:9 - Sinhala New Revised Version

9 නුඹලා මාගේ ඉගැන්වීම් නොපිළිපැද, මාගේ කැමැත්ත ගැන උගන්වන විට සියලු දෙනා එක සේ නොසලකන බැවින් මම ද ඉශ්රායෙල් සෙනඟ විසින් නුඹලා හෙළාදකිනු ලබන්න සලස්වන්නෙමි.” මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 නුඹලා මාගේ ඉගැන්වීම් නොපිළිපැද, මාගේ කැමැත්ත ගැන උගන්වන විට සියලු දෙනා එක සේ නොසලකන බැවින් මම ද ඉශ්රායෙල් සෙනඟ විසින් නුඹලා හෙළාදකිනු ලබන්න සලස්වන්නෙමි.” මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 එබැවින් නුඹලා මාගේ මාර්ගයන් රක්ෂා නොකොට, ව්‍යවස්ථාව ගැන තරාතිරම් බලන ප්‍රකාරයටම, මමත් නුඹලා මුළු සෙනඟ ඉදිරියෙහි නීචවූ පහත්වූ අය කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මලාකි 2:9
30 හුවමාරු යොමු  

එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ කියමි: නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියෙහි සදහට ම සේවය කරනු ඇත. එහෙත්, දැන් ස්වාමීන් වන මම එය මාගෙන් දුරු වේ වා යි කියමි. මන්ද, මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි. මා හෙළා දකින්නන් නින්දාවට පමුණුවන්නෙමි.


විනිශ්චය කරද්දී, මිනිසුන්ගේ තරාතිරම් නොබලා, ලොකු කුඩා අයට එක සේ කන් දී, තීන්දුව දෙවියන් වහන්සේගෙන් එන බැවින් මිනිසුන්ට බිය නොවිය යුතු යයි ද දුෂ්කර නඩුවක් ඇත්නම් මා එය අසන පිණිස මා වෙත එය ගෙනෙන්නට ඕනෑ බව ද කීවෙමි.


ප්‍රධානීන් යයි සිතූ ඒ අයගෙන් අමුතු අදහසක් ලැබුණේ නැත. ඔවුන්ගේ වැදගත්කම ගැන මට කමක් නැත. දෙවියන් වහන්සේ කිසි ම පුද්ගලයෙකුගේ තරාතිරම් නොබලන සේක.


“පරිසිවරුනි, ඔබට වන විපතක මහත! ඔබ සුවඳතලාවලින් ද සුදුදුරුවලින් ද සියලු පලාවලින් ද දසයෙන් කොටස දෙන නමුත් යුක්ති ධර්මය ද දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ද නොසලකා හරින්නාහු ය. ඔබ කළ යුතු ව තිබුණේ ඒ දේත් හැර නොදමා මේ දේත් ඉටු කිරීම ය.


එහෙත් ඔහු තමන් නිවැරදි බව දක්වන්ට කැමැති ව “මාගේ අසල්වැසියා කවරෙක් දැ”යි ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය.


“එහෙත්, පූජකයන් වන නුඹලා හරි මාර්ගයෙන් පිට ගොස් ඇත. නුඹලාගේ ඉගැන්වීම් නිසා බොහෝ දෙනෙකු වරදට වැටී ඇත. ලෙවී සමඟ මා කළ ගිවිසුම නුඹලා කඩ කර ඇත.


නුඹලාගේ හිස් වැසුම් මම ඉරාදමා, මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. ඔවුන් යටත් කර ගැනීමට නුඹලාගේ අතට අසුවන්නට ඉඩ නොදෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.


මීකායා ද, “ඔබ ඇත්තටම සාමදානයෙන් හැරී ආවොත් සමිඳාණන් වහන්සේ මා ලවා කතා කෙරෙව්වේ නැත. ජනයිනි, ඔබ සියල්ලන් ම අසන්නැ”යි කීවේ ය.


මම නුඹලාගේ දරු සම්පත වළක්වන්නෙමි. නුඹලාගේ මුහුණු පිට කසළ එනම්, මංගල්‍ය පූජා පිණිස ගෙනෙන සතුන්ගේ කසළ තවරා, ඒ සමඟ නුඹලා ඉවතට හෙළන්නෙමි.


දැහැමි දනා සැමරීම වාසනාවකි; එහෙත් දුදනන්ගේ නාමය පිළිකුලකි.


විපත පිට විපත ද අසුබ ආරංචියක් පිට අසුබ ආරංචියක් ද පැමිණෙන්නේ ය; ඔවුන් දිවැසිවරුන්ගේ දර්ශනයක් සොයනු ඇත; එහෙත්, පූජකයන්ගෙන් ව්‍යවස්ථාව ද ප්‍රජා මූලිකයන්ගෙන් අවවාද ද පහවන්නේ ය.


එහි නායකයෝ අල්ලසට විනිශ්චය කරති; පූජකයෝත් කුලියට උගන්වති; බොරු දිවැසිවරු මුදලට පේන කියති. එහෙත්, සමිඳාණන් වහන්සේ කෙරෙහි රඳා සිටිමින්, ‘සමිඳාණන් වහන්සේ අප සමඟ නොවේ ද? අපට කිසි විපත්තියක් නොපැමිණෙන්නේ ය’යි ඔව්හු කියති.


පිළිකුල් දේ නුඹ පිට හෙළා නුඹට නින්දා කොට අනුන් ඉදිරියේ නුඹ කෝලමක් කරන්නෙමි.


මම කිසිවෙකුගේ පැත්ත නොගනිමි. මම කිසිවෙකුට ඉච්ඡා බස් නොකියමි.


මිනිසෙකුගේ ප්‍රඥාවේ තරමට ඔහු කීර්තිය ලබයි; එහෙත් වංක සිත අපකීර්තියට ලක් වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්