Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 9:26 - Sinhala New Revised Version

26 යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් තමන්ගේ ද පියාණන්ගේ ද ශුද්ධ දූතයන්ගේ ද තේජශ්‍රීයෙන් යුක්ත ව වඩිනා කල ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

26 යමෙක් මා ගැනත්, මාගේ වචන ගැනත් ලජ්ජා වන්නේ නම්, මනුෂ්‍ය පුත්‍රයාණන් තමන්ගේ තේජසින් ද පියාණන්වහන්සේගේ හා ශුද්ධ වූ දේව දූතයින්ගේ තේජසින් ද යුක්තව එන කල, ඒ තැනැත්තා ගැනත් ලජ්ජා වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් තමන්ගේ ද පියාණන්ගේ ද ශුද්ධ දූතයන්ගේ ද තේජශ්‍රීයෙන් යුක්ත ව වඩිනා කල ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 මක්නිසාද යමෙක් මා ගැනත් මාගේ වචන ගැනත් ලජ්ජාවන්නේද, මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේද පියාණන්ගේද ශුද්ධවූ දේවදූතයන්ගේද තේජසින් යුක්තව එන කල උන්වහන්සේ ඔහු ගැනත් ලජ්ජාවනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 9:26
30 හුවමාරු යොමු  

අපි ස්ථිර ව සිටිමු නම්, උන් වහන්සේ සමඟ රජකම් කරන්නෙමු; අපි උන් වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම්, උන් වහන්සේ අපත් ප්‍රතික්ෂේප කරන සේක.


මම සුබ අස්න ගැන කිසිසේත් ලජ්ජා නොවෙමි. මන්ද, අදහාගන්නා සියල්ලන්ට, පළමුකොට ජුදෙව්වරුන්ට ද, දෙවනු ව ග්‍රීකයන්ට ද එය ගැළවීම සලසන දෙවියන් වහන්සේගේ බලය වන හෙයිනි.


එසේ හෙයින් මේ දේව ද්‍රෝහි, පාපිෂ්ඨ පරම්පරාවේ දී යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් පියාණන්ගේ තේජශ්‍රීයෙන් ශුද්ධ දූතයන් පිරිවරා වඩිනා කල උන් වහන්සේ ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.”


එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.


මනුෂ්‍ය-පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින සේක. එකල උන් වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙන සේක.


“මනුෂ්‍ය-පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජශ්‍රීයෙන් පැමිණෙන කල, එතුමාණෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක.


මන්ද, ඔව්හු දෙවියන් වහන්සේගෙන් ලැබෙන ගෞරවයට වඩා මිනිසුන්ගෙන් ලැබෙන ගෞරවයට ඇලුම් වූ හ.


තවද, විශාල ධවල සිංහාසනයක් ද, එහි වැඩහුන් තැනැන් වහන්සේ ද දිටිමි. උන් වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේ ය. ඒවායේ ලකුණක් වත් ඉතිරි නො වී ය.


ආදම්ගේ පෙළපතෙහි සත්වැන්නා වූ ඒනොක් මොවුන් ගැන දිවැස් වැකි පවසමින්: “බලන්න, සමිඳාණන් වහන්සේ දස දහසක් ගණන් ස්වකීය ශුද්ධ දූතයන් සමඟ වැඩම කළ සේක.


මා දුක් විඳින්නේ ඒ නිසා ම ය. එහෙත් මම ලජ්ජා නොවෙමි. මන්ද, මා අදහන්නේ කවරෙකු ද කියා මම දනිමි. මට භාර දී තිබෙන දෙය, ඒ මහා දවස දක්වා ආරක්ෂා කිරීමට උන් වහන්සේට හැකි බව මම සැක නොකරමි.


ජයග්‍රාහකයා මෙලෙස ධවල වස්ත්‍රයෙන් සරසනු ලබන්නේ ය. මම ඔහුගේ නාමය ජීවන පොතෙන් මකා නොහරින්නෙමි. මාගේ පියාණන් වහන්සේ ද, උන් වහන්සේගේ දූතයන් ද ඉදිරියෙහි මම ඔහුගේ නාමය පිළිගන්නෙමි.


බලන්න, උන් වහන්සේ වලාකුළු පිරිවරා වඩින සේක. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය. එය සැබෑ ම ය. ආමෙන්.


එහෙත් මම නම් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය ගැන මිස අන් කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමි. මන්ද, කුරුසිය කරණකොටගෙන ලෝකය ගැන මාගේ ආශාව ද, මා ගැන ලෝකයාගේ ආශාව ද මැරුණා හා සමාන ය.


ජේසුස් වහන්සේ ද, “ඔබ කියන දෙය හරි ය. තවදුරටත් මම ඔබට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් පරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩ සිටිනවාත්, අහසේ වළාකුළු මත වඩිනවාත් ඔබ දකින්නෙහි ය”යි ඔහුට වදාළ සේක.


මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ; දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ. එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූ හ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු.


ඒ නිසා උන් වහන්සේ දැරූ නින්දාව උසුලාගෙන අපිත් කඳවුරෙන් පිටත උන් වහන්සේ වෙත යමු.


මන්ද, මතු එන්නට තිබෙන ඉෂ්ට විපාකය හිත ගත් බැවින්, මිසරයේ යසඉසුරුවලට වඩා විමුක්ති දායකයාණන් නමින් එන අවමානය මහත් සම්පතකැයි ඔහු සිතී ය.


එහෙයින් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම් ද අන්තරා ද අගහිඟකම් ද පීඩා ද විපත්ති ද මම සතුටින් පිළිගනිමි. මක්නිසා ද යත්, දුර්වල ව සිටිය දී ම මම ශක්තිසම්පන්න ව සිටිමි.


ගිනිමය ගංගාවක් උන් වහන්සේ ඉදිරියෙන් ගලාගෙන ගියේ ය. ලක්ෂ සංබ්‍යාත පිරිසක් උන් වහන්සේට උපස්ථාන කළහ. කෝටි ප්‍රකෝටි සංබ්‍යාත පිරිසක් උන් වහන්සේ ඉදිරියේ සිටියහ. අධිකරණ සභාව අසුන් ගත්තා ය. පොත් දිගඅරින ලද්දේ ය.


එක ම දෙවියන් වහන්සේගේ ගෞරවය නොසොයන, එකිනෙකාගෙන් ගෞරව ලබන්නට ප්‍රිය කරන ඔබ, අදහාගන්නේ කෙසේ ද?


ඔව්හු කතා කොට: “දැහැමි, දේව භය ඇති, මුළු ජුදෙව් ජාතිය ම ගරු කරන ශතාධිපතියෙකු වූ, කොර්නේලියස් තෙමේ තමාගේ ගෙදරට ඔබ කැඳවා ඔබෙන් ඔවදන් අසන පිණිස, දෙවියන් වහන්සේ විසින් ශුද්ධ වූ දේව දුතයෙකු ලවා අණ දෙනු ලැබී ය”යි කී හ.


කලින් ගත් තීරණයක් අනුව වත්, පක්ෂපාතකමින් වත් කිසිවක් නොකර, සාධාරණ ව ක්‍රියා කිරීම ඔබේ යුතුකමක් ලෙස දෙවියන් වහන්සේ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද තෝරාගත් දේව දූතයන් ද ඉදිරියෙහි ඔබට අණ කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්