Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තිමෝති 5:21 - සිංහල කාලීන පරිවර්තනය

21 දෙවියන්වහන්සේ ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ද තෝරාගත් දේව දූතයින් ද ඉදිරියේ මා ඔබට අණ කරන්නේ, පූර්ව නිගමනවලින් හා පක්ෂවාදිකම්වලින් තොරව මෙම උපදෙස් පිළිපදින ලෙස ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 කලින් ගත් තීරණයක් අනුව වත්, පක්ෂපාතකමින් වත් කිසිවක් නොකර, සාධාරණ ව ක්‍රියා කිරීම ඔබේ යුතුකමක් ලෙස දෙවියන් වහන්සේ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද තෝරාගත් දේව දූතයන් ද ඉදිරියෙහි ඔබට අණ කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 කලින් ගත් තීරණයක් අනුව වත්, පක්ෂපාතකමින් වත් කිසිවක් නොකර, සාධාරණ ව ක්‍රියා කිරීම ඔබේ යුතුකමක් ලෙස දෙවියන් වහන්සේ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද තෝරාගත් දේව දූතයන් ද ඉදිරියෙහි ඔබට අණ කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 කලින් නිශ්චයකරගනවත් පක්ෂපාත කමින්වත් කිසිවක් නොකර, මේ සියල්ල පවත්වන්ට දෙවියන්වහන්සේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේද තෝරාගත් දේවදූතයන්ද ඉදිරියෙහි නුඹට අණකරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තිමෝති 5:21
25 හුවමාරු යොමු  

මන්ද දේව දූතයින් පව් කළ කල්හි දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් දීමෙන් නො වැළකී, විනිශ්චය තෙක් ඔවුන් රඳවා තබන්නට නිරයට යවා, ඝන අන්ධකාර බන්ධනයේ හෙළූ සේක් නම්,


දෙවියන්වහන්සේ ඉදිරියේ ද ජීවතුන් හා මළවුන් විනිශ්චය කරන්නට සිටින ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියේ ද උන්වහන්සේගේ පැමිණීමත්, උන්වහන්සේගේ රාජ්‍යයත් උදෙසා, මම ඔබට මෙසේ නියෝග කරමි.


සෑම සියල්ලට ජීවනය දෙන දෙවියන්වහන්සේ ඉදිරියේදීත්, ආණ්ඩුකාර පොන්තියුස් පිලාත් අබියස තම සාක්ෂිය දෙන අතරේ මනා ප්‍රකාශයක් කළ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියේදීත් මා ඔබට අණ කරන්නේ,


හා තමන් ලත් අධිපති නිලයේ නො පැවත, තමන්ට නියමිත නිවහන් අත්හළ දේව දූතයින්, ඒ මහා දවසේ විනිශ්චය සඳහා සදාතන බැඳුමින් බඳිනු ලැබ, අන්ධකාරය යට උන්වහන්සේ විසින් රඳවා තබා ඇති වග ය.


මේ දෑ ඔවුන්ට මතක් කරන්න. වචන ගැන කලහ නො කිරීමට දෙවියන්වහන්සේ ඉදිරියේ ඔවුනට අණ කරන්න; එයින් කිසි හොඳක් සිදු නො වේ, අසා සිටින්නවුන් විනාශ වෙනවා පමණකි.


එබැවින් මෙතැන් පටන් අප, මාංසයට අනුව කිසිවකු සලකන්නේ නැත. වරක් අප ක්‍රිස්තුස්වහන්සේ මාංසයට අනුව සැලකූ නමුදු, තවදුරටත් උන්වහන්සේ ගැන එසේ සලකන්නේ නැත.


“ඉන්පසු උන්වහන්සේ තමන් වම් පස සිටින්නවුන් අමතමින්, ‘මා වෙතින් ඉවත්ව යනු, ශාප ලද්දෙනි, යක්ෂයාටත් උගේ දූතයින්ටත් පිළියෙලව ඇති සදාතන ගින්නට යනු.


දෙවියන්වහන්සේගේ කෝපයේ කුසලාන අමිශ්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදහසේ මිදි යුෂ ඔහු ද බොනු ඇත. ශුද්ධ දේව දූතයින් ඉදිරියේ හා බැටළු පැටවාණන් ඉදිරියේ, ගින්නෙන් හා ගෙන්දගමින් ඔහුට වධ දෙනු ඇත.


එහෙත් ඉහළින් එන ප්‍රඥාව පළමු කොට පවිත්‍ර ය; ඊ ළඟට සාමකාමී ය; මෘදු ය; විවෘත ය; දයාවෙන් හා යහපත් පලයෙන් පූර්ණ ය; අපක්ෂවාදී ය; අවංක ය.


මෙම ලිපිය සියලු සහෝදරයින්ට කියවන්නට සලස්වන මෙන් ස්වාමින්වහන්සේ ඉදිරියෙහි මම ඔබට නියෝග කරමි.


මෙසේ ඔවුහු උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ගුරුතුමනි, ඔබතුමා ඇත්ත කතා කරන, උගන්වන කෙනකු බවත්, තරාතිරම් නො තකා, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන වගත් අප දන්නවා.


මා ඔබට අණ කළ හැම දේටම කීකරු වීමට ඔවුන්ට උගන්වමින් ද එසේ කරන්න. සැබවින් ම යුගයේ අවසානය දක්වා නිරතුරුව මම ඔබ සමඟ සිටිමි” යි පැවසූ සේක.


මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය දූතයින් සමඟ තම පියාණන්වහන්සේගේ තේජසින් පැමිණ, එක් එක් කෙනාට ඒ ඒ අය කළ කළ දේ අනුව පල විපාක දෙන සේක.


යමෙක් මා ගැනත්, මාගේ වචන ගැනත් ලජ්ජා වන්නේ නම්, මනුෂ්‍ය පුත්‍රයාණන් තමන්ගේ තේජසින් ද පියාණන්වහන්සේගේ හා ශුද්ධ වූ දේව දූතයින්ගේ තේජසින් ද යුක්තව එන කල, ඒ තැනැත්තා ගැනත් ලජ්ජා වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්