තවද, ඔහු රන් රිදී ආභරණ ද වස්ත්‍ර ද ගෙන රෙබෙකාට ප්‍රදානය කෙළේ ය. ඇගේ සහෝදරයාට හා මවට ද වටිනා තෑගි බෝග දුන්නේ ය.
1 තිමෝති 2:9 - Sinhala New Revised Version එසේ ම, ස්ත්‍රී පක්ෂය කොණ්ඩ මෝස්තර ද, රන් මුතු අබරණ ද, මිල අධික වස්ත්‍ර ද යන මේවායින් වැළකී ඔබින, විනීත ඇඳුම් ඇඳගත යුතු යි. සිංහල කාලීන පරිවර්තනය එලෙස ස්ත්‍රීන් කොණ්ඩා මෝස්තර, රන්, මුතු හෝ අගනා සළු-පිළිවලින් නො ව විනීතව, සංයමයෙන් යුතුව ශිෂ්ට ඇඳුමින් සැරසී සිටීම මාගේ කැමැත්තයි. Sinhala New Revised Version 2018 එසේ ම, ස්ත්‍රී පක්ෂය කොණ්ඩ මෝස්තර ද, රන් මුතු අබරණ ද, මිල අධික වස්ත්‍ර ද යන මේවායින් වැළකී ඔබින, විනීත ඇඳුම් ඇඳගත යුතු යි. Sinhala Revised Old Version එසේම ස්ත්‍රීන් ලජ්ජාවෙන් සහ විනීත භාවයෙන් යුක්තව, ඔබින වස්ත්‍ර ඇඳ, ඉසකේ ගෙතීමෙන්වත් රනින්වත් මුතුවලින්වත් අනර්ඝ වස්ත්‍රවලින්වත් නොව, |
තවද, ඔහු රන් රිදී ආභරණ ද වස්ත්‍ර ද ගෙන රෙබෙකාට ප්‍රදානය කෙළේ ය. ඇගේ සහෝදරයාට හා මවට ද වටිනා තෑගි බෝග දුන්නේ ය.
ජේහු ජෙශ්‍රෙයෙල්ට ආ කල ජෙශෙබෙල් ඒ අසා, ඇගේ ඇස්වල අඳුන් ගා, හිස සරසාගෙන කවුළුවෙන් බැලුවා ය.
තුන් වන දා එස්තර් රාජ වස්ත්‍ර පැළඳගෙන රජ මැදුර ඉදිරිපිට වූ රජුගේ ශාලාවේ ඇතුළු මිදුලට ගොස් සිටියා ය. රජතුමා රජ මැදුරේ දොරටුවට මුහුණ දී සිහසුන් අරා හුන්නේ ය.
සමිඳාණෝ මෙසේ වදාරන සේක; “ජෙරුසලම් ස්ත්‍රීහු කෙතරම් ආඩම්බර ද කියා බලන්න. ඔව්හු අහංකාරකමින් හිස ඔසවාගෙන, නුවන’ඟ බැලුම් හෙළමින්, පා සළඹ හඬ නංවමින් ඇවිදිති.
ඔව්හු පැරණි නටබුන් ගොඩනඟති; නැති නාස්ති වූ තැන් අලුත්වැඩියා කරති; පරම්පරා ගණනාවක් තුළ නටබුන් ව පාළු ව තිබුණ නගර ප්‍රතිසංස්කරණය කරති.
තරුණ කාන්තාවක ඇගේ ආභරණ ද මනමාලියක ඇගේ මඟුල් ඇඳුම ද අමතක කරනු ඇද් ද? එහෙත්, මාගේ සෙනඟ ගණන් කළ නොහැකි තරම් දවස් ගණනාවක් මා අමතක කළහ.
පාළුවට ගිය ජෙරුසලම, නුඹ රතු වස්ත්‍ර පැළඳගත්තත්, ස්වර්ණාභරණවලින් සැරසුණත්, නුඹේ ඇස්වල අඳුන් ගාගත්තත්, නුඹේ අලංකාර වීම නිෂ්ඵල වන්නේ ය. නුඹේ ප්‍රේම වන්තයෝ නුඹ ප්‍රතික්ෂේප කරති; ඔව්හු නුඹේ ප්‍රාණය හානි කරන්නට සොයති.
නැතහොත් කුමක් බලන්න ගියහු ද? පට පිළියෙන් සැරසුණු මනුෂ්‍යයෙක් ද? බලන්න, පට පිළියෙන් සැරසුණු අය රජ මැදුරුවල සිටිති.