Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 9:30 - Sinhala New Revised Version

30 ජේහු ජෙශ්‍රෙයෙල්ට ආ කල ජෙශෙබෙල් ඒ අසා, ඇගේ ඇස්වල අඳුන් ගා, හිස සරසාගෙන කවුළුවෙන් බැලුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 ජේහු ජෙශ්‍රෙයෙල්ට ආ කල ජෙශෙබෙල් ඒ අසා, ඇගේ ඇස්වල අඳුන් ගා, හිස සරසාගෙන කවුළුවෙන් බැලුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 යේහු යෙස්‍රෙයෙල්ට ආ කල යෙසෙබෙල් ඒ අසා ඇගේ ඇස්වල අඳුන් ගා හිස සරසාගෙන කවුළුවෙන් බැලුවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 9:30
12 හුවමාරු යොමු  

පාළුවට ගිය ජෙරුසලම, නුඹ රතු වස්ත්‍ර පැළඳගත්තත්, ස්වර්ණාභරණවලින් සැරසුණත්, නුඹේ ඇස්වල අඳුන් ගාගත්තත්, නුඹේ අලංකාර වීම නිෂ්ඵල වන්නේ ය. නුඹේ ප්‍රේම වන්තයෝ නුඹ ප්‍රතික්ෂේප කරති; ඔව්හු නුඹේ ප්‍රාණය හානි කරන්නට සොයති.


“තවද ඔව්හු දුර බැහැර සිටින මිනිසුන් කැඳවා ඔවුන් වෙත පණිවුඩකාරයෙකු යැවූ හ. ඔව්හු ද පැමිණියෝ ය. නුඹ ඔවුන් නිසා ස්නානය කර, නුඹේ ඇස්වල අඳුන් ගා ආභරණ පැළඳගෙන අලංකාර යහනක ඉඳගත්තෙහි ය.


නිහඬ ව සුසුම්ලන්න; මළවුන් ගැන නොවැලපෙන්න; නුඹ නුඹේ ජටාව හිසේ බැඳ ගන්න; නුඹේ වහන් පාදවල දමාගන්න. මුහුණ වසා නොගන්න; මළගෙදර දානය නොකා සිටින්න.”


ඔබගේ අලංකාරය, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇඳුම් පැළඳුම් ද යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුයි.


පිලිස්තිවරු ඔවුන්ගේ සියලු හමුදාවන් අපෙක් නම් ස්ථානයට රැස් කළහ. ඉශ්රායෙල්වරු ජෙශ්‍රෙයෙල්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්හ.


ඔහුගේ අශ්ව රථ සේනාවෙන් දෙකෙන් කොටසකට අධිපති ව සිටි ඔහුගේ සේවක වන සිම්රී ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, තිර්ශාහි මාලිගාවේ ප්‍රධානියා වන අර්ශාගේ නිවෙසේ ඔහු බීමත් ව සිටින විට,


උන් වහන්සේ ජෙශෙබෙල් ගැන ද කතා කොට, ‘ජෙශ්‍රෙයෙල් නගරයේ පවුර ළඟ දී බල්ලෝ ජෙශෙබෙල් කන්නෝ ය.


ඇගේ රුවට සිතින් ඇදී නොයන්න; ඇගේ නුවන’ග බැල්මෙන් ඈ ඔබ වසඟ කර නොගනී වා.


එවිට ඈ වෙසඟනකගේ වස්ත්‍ර හැඳ, රැවටිලිකාර ස්ත්‍රියක මෙන් ඔහුට මුණගැසුණා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්