1 කොරින්ති 9:9 - Sinhala New Revised Version මන්ද, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා ඇත්තේ: “ගොයම් පාගන ගවයාගේ කට නොබඳිනු” කියා ය. මෙයින් හැඟෙන්නේ දෙවියන් වහන්සේ ගවයන් ගැන සිතන බව ද? සිංහල කාලීන පරිවර්තනය මන්ද: “ගොයම් මඩින කල, ගවයාගේ කට නො බඳිනු” යි මෝසෙස්ගේ දහම් නීතියේ ලියවී තිබේ. දෙවියන්වහන්සේ සැලකිලිමත් වනුයේ ගවයින් ගැන ද? Sinhala New Revised Version 2018 මන්ද, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා ඇත්තේ: “ගොයම් පාගන ගවයාගේ කට නොබඳිනු” කියා ය. මෙයින් හැඟෙන්නේ දෙවියන් වහන්සේ ගවයන් ගැන සිතන බව ද? Sinhala Revised Old Version මක්නිසාද: ගොනා ගොයම් පාගන විට උගේ කට නොබඳුවයි මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබේ. දෙවියන්වහන්සේ සලකන්නේ ගවයන් ගැනද? |
ඔහු තිරිඟු පමණට වඩා පාගා ඒවා නාස්ති කරන්නේ නැත. ධාන්‍ය කුඩු නොවන ලෙස රථයකින් ඒවා පාගන්න ඔහු දනියි.
තමන්ගේ දකුණතත් වමතත් අතරේ වෙනස නොදන්න එක් ලක්ෂ විසි දහසකට වඩා මනුෂ්‍යයන් ද ගවයන් ද සිටින නිනිවය නම් ඒ ශ්‍රේෂ්ඨ නගරය කෙරෙහි මාත් අනුකම්පා කළ යුතු නොවේ දැ”යි වදාළ සේක.
එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතා වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ ගවයා වත්, කොටළුවා වත්, ගවමහිෂයන් වත්, නුඹේ වාසල් දොරටු සීමා තුළ සිටින ආගන්තුකයා වත් කිසි වැඩක් නොකළ යුතු ය. එවිට නුඹට මෙන් ම නුඹේ සේවක සේවිකාවන්ට ද නිවාඩු ගත හැකි ය.
ගොයම් පාගන විට ගවයාගේ කට නොබැඳිය යුතු ය කියා ද, වැඩ කරන්නාට කුලියක් ලැබිය යුතු ය කියා ද, ශුද්ධ ලියවිල්ලේ සඳහන් කොට ඇත.