Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 9:9 - Sinhala Revised Old Version

9 මක්නිසාද: ගොනා ගොයම් පාගන විට උගේ කට නොබඳුවයි මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබේ. දෙවියන්වහන්සේ සලකන්නේ ගවයන් ගැනද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මන්ද, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා ඇත්තේ: “ගොයම් පාගන ගවයාගේ කට නොබඳිනු” කියා ය. මෙයින් හැඟෙන්නේ දෙවියන් වහන්සේ ගවයන් ගැන සිතන බව ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 මන්ද: “ගොයම් මඩින කල, ගවයාගේ කට නො බඳිනු” යි මෝස‍ෙස්ගේ දහම් නීතියේ ලියවී තිබේ. දෙවියන්වහන්සේ සැලකිලිමත් වනුයේ ගවයින් ගැන ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මන්ද, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා ඇත්තේ: “ගොයම් පාගන ගවයාගේ කට නොබඳිනු” කියා ය. මෙයින් හැඟෙන්නේ දෙවියන් වහන්සේ ගවයන් ගැන සිතන බව ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 9:9
14 හුවමාරු යොමු  

ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න.


මක්නිසාද: ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න කියාද වැඩකරන්නාට තමාගේ කුලිය ලැබෙන්ට යුතුය කියාද ලියවිල්ලෙහි කියා තිබේ.


උන්ගේ කෑම සුදුසු කාලයේදී ඔබගෙන් ලබන පිණිස උන් සියල්ලෝ ඔබ දෙස බලා සිටිති.


එසේ නම්, තමුන්ගේ දකුණතවත් වමතවත් නොදන්න එක්ලක්ෂ විසිදහසකට වඩා මනුෂ්‍යයන්ද බොහෝ මෘගයන්ද සිටින්නාවූ නිනිවය නම්වූ ඒ මහත් නුවර කෙරෙහි මාත් අනුකම්පාකළ යුතු නොවේදැයි කීසේක.


නමුත් සත්වෙනි දවස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ නුඹ මෙන් නුඹේ වැඩකාරයාත් නුඹේ වැඩකාරීත් නිවාඩු ගන්න පිණිස නුඹවත් නුඹේ පුතාවත් නුඹේ දුවවත් නුඹේ වැඩකාරයාවත් නුඹේ වැඩකාරීවත් නුඹේ ගවයාවත් නුඹේ කොටළුවාවත් නුඹේ කිසි සිව්පාවෙක්වත් නුඹේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්.


ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය; එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය.


ඉඳින් ඔහුට එය ගණන්ගන්නාලදැයි ලියනු ලැබුවේ ඔහු නිසා පමණක් නොව අප නිසාත්ය.


රොටි-ධාන්‍ය අඹරනු ලබන්නේය; මක්නිසාද ඔහු ඒවා නිතරම තළ තළා නොසිටින්නේය. තමාගේ රථ රෝද සහ තමාගේ අශ්වයන් ඒවා පිට ගෙනගොස් ඒවා විසුරුවන නුමුත් ඒවා පොඩිකරවන්නේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්