හිතෝපදේශ 12:21 - Sinhala New Revised Version 2018 දැහැමි අයට කිසිදු අනතුරක් සිදු නොවේ ම ය; දුෂ්ටයන්ට සතර දිගින් විපත ගලා එයි. Sinhala New Revised Version දැහැමි අයට කිසිදු අනතුරක් සිදු නොවේ ම ය; දුෂ්ටයන්ට සතර දිගින් විපත ගලා එයි. Sinhala Revised Old Version ධර්මිෂ්ඨයන්ට කිසි අනතුරක් නොවන්නේය; එහෙත් දුෂ්ටයෝ විපතෙන් පිරීයන්නෝය. |
රජුගේ ආඥා රක්ෂා කරන්නාට අනතුරක් නැත. එසේ කළ යුතු කාල වේලාව හා අවස්ථාව ප්‍රඥාවන්තයා දනියි.
ඒ අයුරින් නුඹලාත් ගෞරවයෙන් වෙනුවට නින්දාවෙන් පිරී සිටින්නහු ය. නුඹලාත් වෙරිමත් වන්නහු ය. සමිඳාණන් වහන්සේගේ දකුණු අතෙහි කුසලානෙන් නුඹලාට බොන්න සලස්වා උන් වහන්සේ නුඹලාගේ ගෞරවය අගෞරවයට හරවන සේක.
තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු.
දැනට අප විඳින තාවකාලික සුළු දුක, එය මුළුමනින් ම ඉක්මවා යන සදාතන තේජස් සම්භාරයකට මඟ පාදයි.
ඈ කළ ලෙස ම ඈටත් කරන්න. ඇගේ ක්‍රියා අනුව දෙගුණයක් ඈට දෙන්න. ඈ මිශ්‍ර කර දුන් පාත්‍රය දෙගුණයකින් දැඩි කර ඈට දෙන්න.