බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.
හබක්කුක් 2:7 - Sinhala New Revised Version 2018 නුඹලාගේ ණය හිමියන් හදිසියේ නුඹලා පිට කඩා පනින්නේ නැද් ද? නුඹලාගේ සතුරෝ නුඹලා තැති නොගන්වන්නෝ ද? එවිට ඔව්හු නුඹලා කොල්ලකන්නෝ ය. Sinhala New Revised Version නුඹලාගේ ණය හිමියන් හදිසියේ නුඹලා පිට කඩා පනින්නේ නැද් ද? නුඹලාගේ සතුරෝ නුඹලා තැති නොගන්වන්නෝ ද? එවිට ඔව්හු නුඹලා කොල්ලකන්නෝ ය. Sinhala Revised Old Version නුඹ හපාකෑමට මනුෂ්‍යයෝ හදිසියෙන් නොනැගිටින්නෝද? නුඹට හිරිහැරකිරීමට නොපිබිදෙන්නෝද? නුඹ වනාහි ඔවුන්ට කොල්ලයක් වන්නෙහිය. |
බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.
ඉශ්රායෙල් ජුදාට ඊර්ෂ්‍යා කරන්නේ වත්, ජුදා ඉශ්රායෙල්ට සතුරුකම් කරන්නේ වත් නැත. ඉශ්රායෙල්හි ඊර්ෂ්‍යාව පහ ව යන්නේ ය. ජුදාට පීඩා කරන්නෝ විනාශ කරනු ලබන්නෝ ය.
මම නැගෙනහිරෙන් කෙනෙකු තෝරාගතිමි. පහර දෙන පිණිස උතුරේ සිට මම ඔහු ගෙන එන්නෙමි. කුම්භකාරයා මැටි පාගන්නාක් මෙන් ඔහු මැටි මෙන් පාලකයන් මැඬදමනු ඇත.
මම නැගෙනහිරෙන් මිනිසෙකු කැඳවන්නෙමි. ඔහු ගිජු උකුස්සෙකු සේ කඩා වැදී මා අදහස් කළ දේ ඉටු කරන්නේ ය. මා කියා ඇති දේ මා යෝජනා කළ දේ එසේ ම සිදු වන්නේ ය.
ඒ නිසා විපත්ති නුඹ පිට පැමිණෙන්නේ ය. එය මන්ත්‍රයකින් නවත්වන්න නොහැකි ය. නුඹට වළක්වන්න බැරි නාස්තියක් නුඹ පිට පැමිණෙන්නේ ය. නුඹ නොසිතූ විරූ විනාශයක් හදිසියෙන් නුඹ පිට වැටෙන්නේ ය.
“සමිඳාණෝ බබිලෝනිය විනාශ කරන්නට අදහස් කර තිබෙන නිසා, මේදිය රටේ රජවරුන්ගේ සිත් එයට පෙළඹවූ සේක. මේ වනාහි එතුමන්ගේ මාලිගාවේ විනාශයට සමිඳුන්ගේ පළිගැනීමකි. පහර දෙන නිලධාරීහු අණ දෙමින්, ‘නුඹලාගේ ඊතල මුවහත් කරගන්න; පලිස් සූදානම් කරගන්න.
මම ඇගේ අධිපතීන් ද ඇගේ ප්‍රඥාවන්තයන් ද ඇගේ ආණ්ඩුකාරයන් ද ඇගේ සේනාධිපතීන් ද ඇගේ හේවායන් ද මත් කරන්නෙමි. ඔව්හු ද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝ ය. මෙසේ පවසන්නේ සව් බලැති සමිඳුන් වන රජාණන් වහන්සේ ය.
සමිඳාණන් වහන්සේ කතා කොට, “මෙන්න, මම කිසි මන්ත්‍රයකට වශී නොවන සර්පයන් ද පොළඟුන් ද නුඹලා අතරට එවන්නෙමි, උන් නුඹලාට දෂ්ට කරනු ඇතැ”යි වදාළ සේක.
‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.