Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 41:25 - Sinhala New Revised Version 2018

25 මම නැගෙනහිරෙන් කෙනෙකු තෝරාගතිමි. පහර දෙන පිණිස උතුරේ සිට මම ඔහු ගෙන එන්නෙමි. කුම්භකාරයා මැටි පාගන්නාක් මෙන් ඔහු මැටි මෙන් පාලකයන් මැඬදමනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 මම නැගෙනහිරෙන් කෙනෙකු තෝරාගතිමි. පහර දෙන පිණිස උතුරේ සිට මම ඔහු ගෙන එන්නෙමි. කුම්භකාරයා මැටි පාගන්නාක් මෙන් ඔහු මැටි මෙන් පාලකයන් මැඬදමනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 මම උතුරු දිගින් කෙනෙක් නැගිටවීමි, ඔහු ඇවිත් සිටියි; නැගෙනහිර පටන් ඔහු මාගේ නාමය කියා යාච්ඤාකරන කෙනෙක්ය. බදාම මෙන්ද කුම්භකාරයා මැටි පාගන්නාක්මෙන්ද ඔහු ආණ්ඩුකාරයන් පිටට පැමිණෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 41:25
15 හුවමාරු යොමු  

පෙරදිගින් ජයග්‍රාකයෙකු කැඳවා, දිරි ගන්වා, යන යන තැන ඔහුට ජය අත්පත් කර දුන්නේ කවරෙක් ද? ඔහුට රට රාජ්‍යයන් පාවා දී රජවරුන් ඔහුට යටත් කර දුන්නේ කවරෙක් ද? ඔහු සිය කඩුවෙන් ඔවුන් ධූලි බවටත්, සිය දුන්නෙන් ඔවුන් සුළඟට ගසා යන පිදුරු බවටත් පමුණුවන්නේ ය.


මාගේ උදහස ඇවිස්සූ ජාතියට පහර දෙන පිණිස ඒ ජාතිය කොල්ලකන්නත්, එහි සම්පත් උදුරාගන්නත්, වීථිවල මඩ මෙන් පාගන්නත් මම අසිරියාව එවමි.


එකල මම පොළො‍වෙහි ධූලි මෙන් ඔවුන් සුණු විසුණු කෙළෙමි. වීථිවල මඩ මෙන් ඔවුන් පාගා දැමුවෙමි.


වීථිවල ඇති මඩෙහි සතුරන් පාගා දමන බලවත් හේවායන් මෙන් ජුදාහි සෙනඟ ජයග්‍රාහකයෝ වන්නෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටින නිසා ඔව්හු සටන් කොට සතුරු අශ්වාරෝහකයන් වුව ද පරාජය කරන්නෝ ය.


“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කොහේ දැ”යි අසා මට සරදම් කළ මාගේ සතුරන් එය දැක ලජ්ජාවට පත් වනු ඇත. ඔවුන්ගේ පරාජයත්, වීථිවල මඩ මෙන් ඔවුන් පාගනු ලැබීමත් මාගේ ඇස්වලින් දකින්නෙමි.


සයිරස්ට කතා කොට, ‘නුඹ මාගේ එඬේරා වන්නෙහි ය; මාගේ අදහස් නුඹ ඉටු කරන්නෙහි ය. ජෙරුසලම නැවත ගොඩනඟන්නත්, දේව මාලිගාවේ අත්තිවාරම් දමන්නත් නුඹ නියම කරන්නෙහි ය’යි කියන්නේත් මම ය.”


මන්ද, බබිලෝනියට පහර දෙන පිණිස උතුරු දිගින් ජාතියක් පැමිණෙන්නේ ය. ඔව්හු බබිලෝනිය පාළු කර දමන්නෝ ය. කිසිවෙක් එහි නොවසන්නෝ ය. මනුෂ්‍යයෝ ද මෘගයෝ ද පලා යන්නෝ ය.”


මාගේ අරමුණ ඉටු කරන පිණිසත්, සියල්ල මනා සේ සකස් කරන පිණිසත් මම සයිරස් උනන්දු කරවීමි. ඔහු යන මාර්ගය සමතලා කරන්නෙමි; මගේ නගරය ඔහු ගොඩනඟා වස්තුවක් හෝ අල්ලසක් හෝ නොගෙන වහල් වූවන් මුදාගෙන එනු ඇත.”


කෲරතර සිද්ධීන් පිළිබඳ දර්ශනයක් මට ප්‍රකාශ කරන ලද්දේ ය. එය කොල්ලයත්, විනාශයත් පිළිබඳ දර්ශනයකි. ඒලාම් හමුදාවෙනි, පහර දෙව්! මේදිය හමුදාවෙනි, නගර වටලාගනිව්! බබිලෝනිය විසින් ඇති කරන ලද දුක් වේදනා දෙවිඳාණෝ කෙළවර කරන සේක.


සවැන්නා තමාගේ පාත්‍රය යුප්‍රටීස් නම් මහා ගංගාව පිට වැගිරෙව්වේ ය. එවිට පෙරදිගින් එන රජවරුන්ට මාර්ගයක් පෑදෙන පිණිස එහි වතුර සිඳී ගියේ ය.


සමිඳුන්ගේ අභිෂේක ලත් රජ්ජුරුවෝ සයිරස් ය. ජාතීන් යටත් කිරීමටත්, රජවරුන්ගේ බලය බිඳලීමටත්, සමිඳාණෝ ඔහු සහායට ගත් සේක. නැවත නොවැසෙන පිණිස නගරවල දොරටු සමිඳාණෝ විවෘත ව තබන සේක. එතුමාණෝ සයිරස්ට මෙසේ වදාරන සේක:


එවිට සමිඳාණන් වහන්සේ කතා කොට මට මෙසේ වදාළ සේක: “මේ දේශයේ සියලු වැසියන් පිට උතුරු දෙසින් විපාක කඩා වැටෙන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්