Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 29:1 - Sinhala New Revised Version 2018

1 බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 29:1
41 හුවමාරු යොමු  

එබැවින් ඔහුගේ නැස්පැත්තිය හදිසියෙන් එයි, ගැළවීමට මඟක් නැති ව, මොහොතකින් ඔහු සුණු වී යයි.


මිනිසෙකුට විරුද්ධ ව මිනිසෙකු පව් කළොත්, ඒ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට මැදහත් විය හැකි ය. එහෙත්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව මිනිසෙකු පව් කළොත්, ඔහු වෙනුවට මැදහත් විය හැක්කේ කවරෙකුට දැ”යි කීවේ ය. එහෙත්, ඔව්හු තම පියාගේ බසට සවන් නොදුන්නෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන් නසන්නට තීරණය කර තිබුණු බැවිනි.


අවංක ලෙස ජීවත් වෙන්නා ගැළවෙයි; වංක ලෙස ජීවත් වෙන්නා විපතට වැටෙයි.


මා කතා කරන්නේ ඔබ හැම දෙනා ගැන ම නොවේ. මා තෝරාගත් අය මම හඳුනමි. එහෙත්, ‘මාගේ භෝජන වළඳන තැනැත්තා මට විරුද්ධ ව නැඟී ඇත’ යන ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතු ය.


එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මම රොටි කෑල්ලක් පොඟවා යමෙකුට දෙම් ද, ඒ ඔහු ය”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ ඒ කෑල්ල පොඟවා සීමොන් ඉස්කාරියොත්ගේ පුත් ජූදස්ට දුන් සේක.


‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.


මේ මිනිසා, සිය ද්‍රෝහිකමෙන් ලත් මුදලින් ඉඩමක් මිලයට ගත්තේ ය. ඔහු එහි මුණින් වැටී, මැදින් පැළුණේ ය. ඔහුගේ බඩවැල් සියල්ල පිටතට වීසි විය.


ඔබේ ව්‍යවස්ථාවට ඔවුන් හරවා ගන්නට ඔබ ඔවුන්ට අවවාද කළ සේක. එහෙත්, ඔව්හු උඩඟුකම් කර, ඔබේ ආඥාවලට සවන් නො දී, මනුෂ්‍යයා ජීවත් වන පිණිස ඔහු කළ යුතු ඔබේ විනිශ්චයයන්ට විරුද්ධ ව පව් කොට දරදඬු වී, හිතුවක්කාරකමින් සවන් නො දී සිටියෝ ය.


තවද, දෙවියන් වහන්සේගේ නමින් ඔහු දිවුර වූ නෙබුකද්නෙශර් රජුට විරුද්ධ ව ඔහු කැරලි ගැසුවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත නොහැරෙන ලෙස මුරණ්ඩු වී තමාගේ සිත දැඩි කරගත්තේ ය.


සමිඳාණන් වහන්සේ මනස්සේටත්, ඔහුගේ සෙනඟටත් කතා කළ නමුත් ඔව්හු සවන් නුදුන්නෝ ය.


මීකායා ද, “ඔබ ඇත්තටම සාමදානයෙන් හැරී ආවොත් සමිඳාණන් වහන්සේ මා ලවා කතා කෙරෙව්වේ නැත. ජනයිනි, ඔබ සියල්ලන් ම අසන්නැ”යි කීවේ ය.


ඔහු උත්තර දෙමින්, “මා නොව ඔබ සහ ඔබේ පියාගේ වංශය සමිඳාණන් වහන්සේගේ ආඥා අත්හැර, බාල් දේවතාවා පසුපස ගිය කාරණය නිසා ඔබ හැම ඉශ්රායෙල් ජනයා කැළඹුවහු ය.


ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.


නුඹේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි සහ පිනෙහාස් එක දවසේ මැරුණ විට, මා කියන දේ සැබෑ බවට එය ලකුණක් වන්නේ ය.


නුඹලාගේ පියවරු මා දෙසට කන් යොමු කර මට සවන් නුදුන්නෝ ය. ඒ වෙනුවට නුඹලා සිත් දැඩි කරගෙන, මට කීකරු වුණේ වත්, මාගේ අවවාද පිළිගත්තේ වත් නැත.


යකඩ මෙන් දැඩි සිතක් ඇති, ලෝකඩ මෙන් බොරු ආටෝපයක් ඇති නුඹලා, මුරණ්ඩු සෙනඟක් බව දැන සිටියෙමි.


මෙසේ ඔහු රජු සමඟ කතා කරද්දී අමශියා ඔහුට කතා කොට, “ඔබ රජුගේ මන්ත්‍රීවරයෙකු කොට පත් කෙළෙමු ද? ඔබ මැරුම්කන්න කැමැති නැත්නම් නිකම් සිටින්නැ”යි කීවේ ය. එවිට දිවැසිවරයා නැවතී, “ඔබ මාගේ දැනුමැතිකම නොඅසා මෙය කළ බැවින්, දෙවියන් වහන්සේ ඔබ විනාශ කරන්න තීරණය කර ගත් බව මට පෙනේ ය”යි කීවේ ය.


ඔහු රජුට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මා විසින් මරණයට නියම කරන ලද මිනිසා නුඹ නිදහස් කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණය ද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟ ද දෙන්න වේ යැ’ ”යි කීවේ ය.


දෙවිඳාණෝ ප්‍රඥාසම්පන්න ය; සර්ව බලධාරී ය. එතුමන්ට එරෙහි ව කිසිවෙකුට ජයගත හැකි වේ ද?


නොදැහැමි අය බලයට පත් වන විට වැසියෝ බියෙන් සැඟවෙති; ඔවුන් වැනසෙන විට දැහැමියෝ බලයට පත් වෙති.


මම නුඹටත්, නුඹේ වංශයටත්, නුඹේ සේවකයන්ටත් නුඹලා සියලු දෙනාගේ අපරාධ නිසා දඬුවම් කරන්නෙමි. නුඹ වත්, ජෙරුසලමේ හා ජුදාවේ වැසියන් වත් මට සවන් නුදුන් නිසා මම නුඹලාට විරුද්ධ ව ප්‍රකාශ කළ සියලු විපත්ති නුඹලා පිට පමුණුවන්නෙමි.”


නුඹලාගේ ණය හිමියන් හදිසියේ නුඹලා පිට කඩා පනින්නේ නැද් ද? නුඹලාගේ සතුරෝ නුඹලා තැති නොගන්වන්නෝ ද? එවිට ඔව්හු නුඹලා කොල්ලකන්නෝ ය.


පාරාවෝ පණිවුඩකාරයන් යැවූ විට ඉශ්රායෙල් ජනයාගේ ගවසම්පතින් එකෙකු වත් නොමළ බව දිටී ය. එහෙත්, ඔහුගේ සිත දැඩි වූයෙන් ඔහු සෙනඟට යන්න අවසර නුදුන්නේ ය.


දේව ගරුබිය ඇත්නම් ඔබට වාසනාව ඇත; මුරණ්ඩුකම ඇත්නම් ඔබට විපත ඇත.


මා ඔබට දෙන අනතුරු ඇඟවීම් ගැන ඉතින් සරදම් නොකරන්න. ඔබේ අත්අඩංගු තවත් තද වනු ඇත. මුළු දේශය විනාශ කිරීමට සව් බලැති සමිඳුන් කර ඇති තීරණය මා අසා ඇත.


“සමිඳුනි, ඔබ මුළුමනින් ම ජුදා ප්‍රතික්ෂේප කළ සේක් ද? සියොන් වැසියෝ ඔබට පිළිකුල් වී සිටිත් ද? අපට සුවයක් ලැබීමට නොහැකි වන පරිදි ඔබ අපට පහර දුන්නේ මන් ද? අපි ද සාමදානය ගැන බලා සිටියෙමු; එහෙත්, කිසි හොඳක් නො වී ය; සුව වීමේ කාලයක් ගැන බලා සිටියෙමු. එහෙත් මෙන්න, භීතිය පමණක් ඇති වී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්