ඔහු මාලිගාවේ ඇතුළේ අන්තිම කොටසෙන් මීටර් නවයක් දිගට බිම සිට සීලිම දක්වා කිහිරි ලෑලි අල්ලා, වෙන් කොට ඒ ඇතුළු කොටස දිව්‍ය-වාක්‍යස්ථානයක් වූ අතිශුද්ධස්ථානය කොට සෑදුවේ ය.
ලෙවී කථාව 16:2 - Sinhala New Revised Version 2018 “නුඹ සහෝදර ආරොන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නියමිත කාලයේ දී පමණක් ඔහු තිරය පිටුපස තබා ඇති ගිවිසුම් කරඬුව මත පිහිටි කරුණාසනය ඉදිරියේ ශුද්ධස්ථානයට ඇතුළු විය යුතු ය. මෙය කඩ කළොත්, ඔහු මිය යනු ඇත. මන්ද, මම කරුණාසනය මත වලාකුළක දර්ශනය වන්නෙමි. Sinhala New Revised Version “නුඹ සහෝදර ආරොන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නියමිත කාලයේ දී පමණක් ඔහු තිරය පිටුපස තබා ඇති ගිවිසුම් කරඬුව මත පිහිටි කරුණාසනය ඉදිරියේ ශුද්ධස්ථානයට ඇතුළු විය යුතු ය. මෙය කඩ කළොත්, ඔහු මිය යනු ඇත. මන්ද, මම කරුණාසනය මත වලාකුළක දර්ශනය වන්නෙමි. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: නුඹේ සහෝදරවූ ආරොන් නොනස්නා පිණිස තිරය ඇතුළතින් ශුද්ධස්ථානයෙහි පෙට්ටිය පිට තිබෙන කරුණාසනය ඉදිරියට නිතරම ඇතුල් නොවන ලෙස ඔහුට කියන්න. මක්නිසාද මම කරුණාසනය මතුයේ වලාකුළෙහි පෙනෙන්නෙමි. |
ඔහු මාලිගාවේ ඇතුළේ අන්තිම කොටසෙන් මීටර් නවයක් දිගට බිම සිට සීලිම දක්වා කිහිරි ලෑලි අල්ලා, වෙන් කොට ඒ ඇතුළු කොටස දිව්‍ය-වාක්‍යස්ථානයක් වූ අතිශුද්ධස්ථානය කොට සෑදුවේ ය.
පූජකවරු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන දේව මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නිසි තැන එය තැබූ හ.
ඒ වලාපටලය නිසා සේවය කිරීම පිණිස පූජකයන්ට එහි සිටින්නට බැරි විය. එසේ වූයේ, සමිඳාණන් වහන්සේගේ තේජසින් දෙවියන් වහන්සේගේ මාලිගාව පිරී ගිය බැවිනි.
අවුරුද්දකට වරක් ආරොන් එහි අං පිට පව් කමාව ලබාගැනීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. අවුරුද්දකට වරක් පාප කමාව ලබන පූජාවේ ලේ ගෙන, පූජාසනය මත පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. එය නුඹේ සෑම පෙළපතක් මඟින් ම ඉටු කළ යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මට කැප වූ අතිශුද්ධ පූජාසනයකි.”
උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් වලාකුළකින් ගිවිසුම් කරඬුව උඩ ඇති කරුණාසනය වැසෙන පිණිස ගිනි අඟුරු මත සුවඳ ද්‍රව්‍ය දැමිය යුතු ය. මෙසේ කළොත්, ඔහු මැරෙන්නේ නැත.
මෙය වනාහි අවුරුද්දකට වරක් ඉශ්රායෙල් ජනයාගේ සියලු පාප කමා කිරීම පිණිස ඉටු කළ යුතු නුඹලා කෙරෙහි සදහට ම වලංගු නියෝගයකි.” සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ ලෙස ඔහු ද ඒවා ඉටු කෙළේ ය.
“හත් වන මාසයේ දස වන දින පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කරන දිනයකි. එදින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. එදින උපවාස කර, ගින්නෙන් දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.
එබැවින් ඔබ දිවා රෑ, හත්දිනක් සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ සමිඳාණන් වහන්සේගේ අණ පිළිපදිමින් නැවතී සිටිය යුතු ය. එලෙස නොකළොත්, ඔබ නසින්නහු ය. මක්නිසා ද උන් වහන්සේ මට එසේ අණ කළ සේකැ”යි කීවේ ය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “කැරලිකාරයන් මට විරුද්ධ ව මැසිවිලි දෙඩීම නවත්වන්නේ නැත් නම්, ඔවුන් නසින බවට සලකුණක් වශයෙන් ආරොන්ගේ සැරයටිය සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියට යළි ගෙනෙන්නැ”යි වදාළ සේක.
පූජාසනයට හා අතිශුද්ධස්ථානයට සම්බන්ධ පූජක නිල සේවාවන් නුඹත්, නුඹේ පුත්‍රයනුත් ඉටු කළ යුතු ය. මෙය නුඹලාගේ වගකීම ය. නුඹට මා පූජක නිලය පැවරුයේ තිළිණයක් වශයෙනි. ශුද්ධ බඩු භාණ්ඩ ළඟට අන් කෙනෙකු සමීප වුවහොත් ඔහු මරා දමනු ලැබේ.”
ඔවුන් අතිශුද්ධ බඩු භාණ්ඩවලට ළඟා වන විට නොමැරී, ජීවත් වනු පිණිස ඔවුන් ගැන කලින් කී පරිදි ක්‍රියා කරන්න. ආරොන් හා ඔහුගේ පුත්‍රයන් ඇතුළු වී, කොහාත්ගේ ගෝත්‍රයේ සෑම කෙනෙකුට ම පැවරෙන සේවාව හා වගකීමට ඔවුන් පත් කළ යුතු ය.
“කඳවුරේ කූඩාරම් ගලවා ඉදිරියට යා යුතු අවස්ථාව පැමිණි විට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විත් ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරය ගලවා, එයින් ගිවිසුම් කරඬුව වැසිය යුතු ය.
දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි;
අප සතු මේ බලාපොරොත්තුව ආත්මයේ නැංගුරමක් වැනි ය. එය සුරක්ෂිත ය, ස්ථීර ය. එය වනාහි දේව මාලිගාවේ තිරයෙන් ඇතුළට, ශුද්ධස්ථානයට අප පමුණුවන බලාපොරොත්තුව ය.
නායක පූජකයා අනුන්ගේ ලේ රැගෙන අවුරුදුපතා ශුද්ධස්ථානයට, ඇතුළු වන්නාක් මෙන්, උන් වහන්සේ නැවත නැවතත් තමන් ම ඔප්පු කරන පිණිස ඇතුළු නො වූ සේක.
ඒ මත කෙරුබ්වරු දිව්‍ය තේජසින් කරුණාසනය වසා සිටියහ. දැන් මේවා ගැන දීර්ඝ විස්තරයක් කිරීමට ඉඩක් නැත.
එවිට දේව මාලිගාව දෙවියන් වහන්සේගේ තේජසින් හා බලයෙන් නික්මුණු ධූමයෙන් පිරුණේ ය. ඒ නිසා, දේව දූතයන් සත් දෙනාගේ වසංගත සත කෙළවර වන තුරු දේව මාලිගාවට ඇතුළු වීමට කිසිවෙකුට නුපුළුවන් විය.