Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 4:5 - Sinhala New Revised Version 2018

5 “කඳවුරේ කූඩාරම් ගලවා ඉදිරියට යා යුතු අවස්ථාව පැමිණි විට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විත් ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරය ගලවා, එයින් ගිවිසුම් කරඬුව වැසිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 “කඳවුරේ කූඩාරම් ගලවා ඉදිරියට යා යුතු අවස්ථාව පැමිණි විට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විත් ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරය ගලවා, එයින් ගිවිසුම් කරඬුව වැසිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 කඳවුර නික්මෙන කල ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ අවුත් වහන තිරය බාගෙන එයින් සාක්ෂි පෙට්ටිය වසා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:5
23 හුවමාරු යොමු  

දෙ වන තිරය පිටුපස අතිශුද්ධස්ථානය යයි නම් ලත් මණ්ඩපය තිබිණි.


දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි;


උන් වහන්සේ ස්වකීය ශරීරය නමැති තිරය මැදින් අප උදෙසා අලුත් ජීවමාන මාර්ගයක් විවෘත කර දුන් සේක.


මෙහි දී උන් වහන්සේ සියලු ජාතීන් වසාගෙන පැවති දුක නමැති වලාකුළ පහකරන සේක.


පළමුකොට ජුදාගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. ජුදාගේ සේනාංකයේ සෙන්පතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් විය.


“මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ.


එහි ගිවිසුම් කරඬුව තබා තිරයකින් වැසිය යුතු ය.


ඉන්පසු ඔහු නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණපිළියෙන් තිරයක් සාදා එහි කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කෙළේ ය.


දුම් දවන රන් පූජාසනය ද ගිවිසුම් කරඬුව ඉදිරිපිට තබා කූඩාරම් දොරටුවට කඩතුරාව දැමිය යුතු ය.


“නුඹ සහෝදර ආරොන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නියමිත කාලයේ දී පමණක් ඔහු තිරය පිටුපස තබා ඇති ගිවිසුම් කරඬුව මත පිහිටි කරුණාසනය ඉදිරියේ ශුද්ධස්ථානයට ඇතුළු විය යුතු ය. මෙය කඩ කළොත්, ඔහු මිය යනු ඇත. මන්ද, මම කරුණාසනය මත වලාකුළක දර්ශනය වන්නෙමි.


සම්මුඛ මණ්ඩපය තුළ මොවුන්ගේ සේවය නම්, එහි ඇති ශුද්ධ බඩු භාණ්ඩ ගැන වගකීම ය.


එහෙත්, ශුද්ධස්ථානයේ සේවාවන්ට අදාළ ව කොහාත්ගේ දරුපරපුරට පැවරී තිබුණේ බඩු භාණ්ඩ කර පිට උසුලාගෙන යාම බැවින් ඔවුන්ට ඔහු කිසිවක් නුදුන්නේ ය.


මෝසෙස් මේ නීතිය ලියා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය ලෙවීගේ වංශයේ පූජකයන්ට ද ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන්ට ද භාර දුන්නේ ය.


බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇර බැලූ නිසා, උන් වහන්සේ සෙනඟගෙන් සැත්තෑදෙනෙකුට පහර දුන් සේක. සමිඳාණන් වහන්සේ සෙනඟ අතරෙහි මේ සා මහත් ඝාතනයක් කළ බැවින් සෙනඟ වැලපුණෝ ය.


සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාර, මෝසෙස් විසින් අණ කරනු ලැබූ ලෙස, ලෙවීගේ පුත්‍රයෝ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවේ පොලු තමන්ගේ කරපිට තබාගෙන එය ගෙන ගියෝ ය.


“මණ්ඩපය සහ එහි සේවයට අයිති සියලු භාණ්ඩත් ලෙවීවරුන්ට තවත් උසුලා ගෙන යන්න වන්නේ නැතැ”යි ද කීවේ ය.


ඔහු නිල් පාට, තද රතු පාට, දම් පාට නූල්වලිනුත්, සිහින් හණ නූල්වලිනුත් තිරය ද ඒ පිට කෙරුබ් රූප ද සෑදුවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්