පවිත්‍ර විය යුතු තැනැත්තා ද තම වස්ත්‍ර සෝදාගෙන, හිස මුඩු කොට ස්නානය කළ යුතු ය. මෙසේ කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත. ඔහු කඳවුරට ඇතුළු වී හත් දිනක් තුළ තම කූඩාරමෙන් පිටත සිටිය යුතු වේ.
පවිත්‍ර වෙන්ට සිටින්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ කේස සියල්ල බූගා වතුර නාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. පසුව ඔහු කඳවුර තුළට අවුත් තමාගේ කූඩාරමෙන් පිටත සත් දවසක් නැවතී සිටින්නේය.
උශ්ශියා රජ තෙමේ තමාගේ මරණයේ දවස දක්වා ලාදුරු රෝගියෙකු වී සිටියේ ය. ලාදුරු රෝගියෙකු ලෙස වෙන් වූ නිසා ඔහු ගිලන් ගෙයක වාසය කෙළේ ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීම ඔහුට තහනම් ව තිබිණි. ඔහුගේ පුත් ජෝතාම් රජ ගෙදර ප්‍රධානියා ව සිට දේශයේ සෙනඟ පාලනය කෙළේ ය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සෙනඟ වෙත ගොස් අදත්, හෙටත් නමස්කාරය පිණිස ඔවුන් සූදානම් කරන්න. ඔවුන් තම වස්ත්‍ර සෝදා,
මෝසෙස් කන්දෙන් බැස සෙනඟ වෙත පැමිණ නමස්කාරය සඳහා ඔවුන් සූදානම් කෙළේ ය. ඔව්හු ද තමන් වස්ත්‍ර සෝදාගත්හ.
තවද, යමෙකු උන්ගේ මළකුණු උසුලාගෙන ගියොත්, ඔහු සිය වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.
පසුව දවන යාග පූජාවත්, ධාන්‍ය පූජාවත් පූජාසනය මත පුද කොට ඒ තැනැත්තා උදෙසා පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත.
හත් වන දින දී ඔහු නැවත තම හිස මුඩු කොට, රැවුල බාගෙන ඇස් බැමි ද බූගාගෙන තම වස්ත්‍ර ද සෝදා ස්නානය කළ යුතු ය. එවිට ඔහු පවිත්‍ර වනු ඇත.
“අධික මෝචනය ඇති කෙනෙකු ඉන් සුව වූ විට, හත් දිනක් ගත වූ පසු ඔහු තම ඇඳුම් සෝදාගෙන, ගලා බසින පිරිසිදු වතුරෙන් ස්නානය කළ විට පවිත්‍ර වනු ඇත.
ඉන්පසු ඔහු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් කැඳවා ඔවුන් නෑවුවේ ය.
‘තමන් ළඟින් සිටින යමෙකු හදිසියෙන් මියගියොත්, ඔහු තමන් කැප කරගත් කේශ කලාපය දූෂණය කරගත්තේ යයි සැලකෙනු ඇත. එවිට ඔහු තමාගේ පවිත්‍ර වීමේ දිනය වන සත් වන දින තම හිස බූගෑ යුතු ය.
ඔවුන් පවිත්‍ර කිරීමේ වත්පිළිවෙත් මෙලෙස කළ යුතු ය. ඔවුන් මත පවිත්‍ර කිරීමේ වතුර ඉසින්න. ඉන්පසු ඔවුන් තම මුළු ශරීරය බූගාගෙන, තමන්ගේ වස්ත්‍ර සෝදා ගත යුතු ය. එවිට ඔවුන් පවිත්‍ර වනු ඇත.
ඇය ගෙදර ගෙනැවිත්, ඇගේ හිස බූගෑ යුතු ය. ඇගේ නියපොතු කැපිය යුතු ය.
මෙහි වතුර යන්නෙන් අදහස් කරනු ලබන්නේ අපට ගැළවීම ලබා දෙන බව්තීස්ම-ස්නාපනය යි. එය වනාහි ශරීරයේ කිළුටු සේදීමක් නොව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය කරණකොටගෙන නිදොස් හෘදය සාක්ෂියකින් දෙවියන් වහන්සේට කරන පොරොන්දුවක් ය.
“මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, “මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය.