Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 6:9 - Sinhala New Revised Version 2018

9 ‘තමන් ළඟින් සිටින යමෙකු හදිසියෙන් මියගියොත්, ඔහු තමන් කැප කරගත් කේශ කලාපය දූෂණය කරගත්තේ යයි සැලකෙනු ඇත. එවිට ඔහු තමාගේ පවිත්‍ර වීමේ දිනය වන සත් වන දින තම හිස බූගෑ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ‘තමන් ළඟින් සිටින යමෙකු හදිසියෙන් මියගියොත්, ඔහු තමන් කැප කරගත් කේශ කලාපය දූෂණය කරගත්තේ යයි සැලකෙනු ඇත. එවිට ඔහු තමාගේ පවිත්‍ර වීමේ දිනය වන සත් වන දින තම හිස බූගෑ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 නුමුත් ඔහුගේ කැපවූ හිස අපවිත්‍රවෙන පරිද්දෙන් යමෙක් ඔහු ළඟ ඉතා හදිසියෙන් මළොත්, ඔහු පිරිසිදුවෙන දවසේ එනම් සත්වෙනි දවසේ තමාගේ හිස බූගා ගනීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 6:9
11 හුවමාරු යොමු  

ඉන්පසු නාසරීයයා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ තම කැපවීමේ සංකේතය වන තමාගේ හිස බූගා, හිස කෙස් රැගෙන, සහභාගිකමේ පූජාව යට තිබෙන ගින්නට දැමිය යුතු ය.


පාවුලු එහි තවත් කලක් නැවතී සිටි පසු, සහෝදරයන්ගෙන් සමුගෙන, සිරියාවට යන්නට නැව් නැංගේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහු සමඟ ගියහ. පාවුලු බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේ දී හිස මුඩු කරගත්තේ ය.


හත් වන දින දී ඔහු නැවත තම හිස මුඩු කොට, රැවුල බාගෙන ඇස් බැමි ද බූගාගෙන තම වස්ත්‍ර ද සෝදා ස්නානය කළ යුතු ය. එවිට ඔහු පවිත්‍ර වනු ඇත.


ඒ දවස් සත සම්පූර්ණ වෙත් ම, ආසියාවෙන් පැමිණි ජුදෙව්වරු දේව මාලිගාවේ දී පාවුලු දැක, මුළු ජනකාය කළඹා, ඔහු අල්ලා ගෙන,


පවිත්‍ර විය යුතු තැනැත්තා ද තම වස්ත්‍ර සෝදාගෙන, හිස මුඩු කොට ස්නානය කළ යුතු ය. මෙසේ කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත. ඔහු කඳවුරට ඇතුළු වී හත් දිනක් තුළ තම කූඩාරමෙන් පිටත සිටිය යුතු වේ.


තමන් කැප වූ මුළු කාලය තුළ ම ඔහු සමිඳාණන් වහන්සේට කැප වූ කෙනෙකි.


ඇය ගෙදර ගෙනැවිත්, ඇගේ හිස බූගෑ යුතු ය. ඇගේ නියපොතු කැපිය යුතු ය.


ඔහු ශුද්ධස්ථානයේ සේවය කරන්න ශුද්ධස්ථානයේ ඇතුළු මළුවට පිවිසෙන දවසේ ඔහු තමාගේ පාප පූජාව ඔප්පු කළ යුතු ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්