Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 14:8 - Sinhala Revised Old Version

8 පවිත්‍ර වෙන්ට සිටින්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ කේස සියල්ල බූගා වතුර නාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. පසුව ඔහු කඳවුර තුළට අවුත් තමාගේ කූඩාරමෙන් පිටත සත් දවසක් නැවතී සිටින්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 පවිත්‍ර විය යුතු තැනැත්තා ද තම වස්ත්‍ර සෝදාගෙන, හිස මුඩු කොට ස්නානය කළ යුතු ය. මෙසේ කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත. ඔහු කඳවුරට ඇතුළු වී හත් දිනක් තුළ තම කූඩාරමෙන් පිටත සිටිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 පවිත්‍ර විය යුතු තැනැත්තා ද තම වස්ත්‍ර සෝදාගෙන, හිස මුඩු කොට ස්නානය කළ යුතු ය. මෙසේ කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත. ඔහු කඳවුරට ඇතුළු වී හත් දිනක් තුළ තම කූඩාරමෙන් පිටත සිටිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 14:8
19 හුවමාරු යොමු  

උන්ගේ මළකුණුවලින් කිසිවක් උසුලා ගෙනයන කවරෙක් නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගනීවා, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී.


ඊට සමානව තිබෙන බව්තීස්මයේ වතුරෙන් එනම් මාංසයේ කිලිටුකම පහකිරීමෙන් නොව, යහපත් හෘදයසාක්ෂියකින් දෙවියන්වහන්සේ සෙවීමෙන් දැන් නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන ගැළවෙන්නහුය.


ඔවුන් පවිත්‍රකරන පිණිස මෙසේ කරන්න–දෝෂ පහකිරීමේ වතුර ඔවුන් පිට ඉසින්න, ඔව්හු දැළිපිහියකින් තමුන්ගේ මුළු ශරීරය බූගා, තමුන්ගේ වස්ත්‍ර සෝදාගෙන තමුන්ම පවිත්‍රකරගනිත්වා.


මමද: මාගේ ස්වාමීනි, ඔබ දන්නෙහියයි ඔහුට කීමි. ඔහු කියනුයේ: මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.


උස්සියා රජ තෙමේ තමාගේ මරණයේ දවස දක්වා කුෂ්ඨරෝගියෙක්ව සිටියේය, කුෂ්ඨරෝගියෙක් ලෙස වෙන්වූ නිසා ඔහු ගිලන් ගෙයක වාසයකෙළේය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වීම ඔහුට තහනම්ව තිබුණේය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් රජගෙදර ප්‍රධානියාව සිට දේශයේ සෙනඟ විනිශ්චයකෙළේය.


පූජකයා ඒ දවන පූජාවද ආහාර පූජාවද පූජාසනය පිට ඔප්පුකොට ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, එවිට ඔහු පවිත්‍රවන්නේය.


සත්වෙනි දවසේදී තමාගේ සියලු කේස එනම් තමාගේ ඉසකෙස්ද තමාගේ රැවුලද තමාගේ ඇස්බැමිද බූගාගන තමාගේ වස්ත්‍ර සෝදාගන තමාගේ ශරීරය වතුරෙන් නාවාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය.


මෝසෙස් ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ගෙන්වා ඔවුන් වතුරෙන් නෑවුවේය.


මෝසෙස් කන්දෙන් සෙනඟ ළඟට බැස අවුත් ඔවුන් පවිත්‍රකෙළේය; ඔව්හු තමුන්ගේ වස්ත්‍ර අපුල්ලාගත්තෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සෙනඟ ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍රකරව, ඔව්හු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා.


ප්‍රමේහය ඇති අය ප්‍රමේහයෙන් පවිත්‍රවූ කල ඔහු තමාගේ පවිත්‍රවීමට සත් දවසක් පසුකොට තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ ශරීරය බැස යන වතුරෙන් නාවා ගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය.


නුමුත් ඔහුගේ කැපවූ හිස අපවිත්‍රවෙන පරිද්දෙන් යමෙක් ඔහු ළඟ ඉතා හදිසියෙන් මළොත්, ඔහු පිරිසිදුවෙන දවසේ එනම් සත්වෙනි දවසේ තමාගේ හිස බූගා ගනීවා.


ඈ තමාගේ හිස මුඩුකොට, ඇගේ නියපොතු කපා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්