Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 19:10 - Sinhala New Revised Version 2018

10 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සෙනඟ වෙත ගොස් අදත්, හෙටත් නමස්කාරය පිණිස ඔවුන් සූදානම් කරන්න. ඔවුන් තම වස්ත්‍ර සෝදා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සෙනඟ වෙත ගොස් අදත්, හෙටත් නමස්කාරය පිණිස ඔවුන් සූදානම් කරන්න. ඔවුන් තම වස්ත්‍ර සෝදා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සෙනඟ ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍රකරව, ඔව්හු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 19:10
24 හුවමාරු යොමු  

එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිත් ද, පිරිසිදු වතුරෙන් ධෝවනය කළ ශරීර ද ඇති ව අවංක සිතක් හා ඒකාන්ත ඇදහීමේ සහතිකය ද ඇති ව, දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.


තවද, යමෙකු උන්ගේ මළකුණු උසුලාගෙන ගියොත්, ඔහු සිය වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.


එවිට ජාකොබ් තම පවුලේ වැසියන් හා තමා සමඟ සිටි සියල්ලන් අමතා, “ඔබ ළඟ ඇති විදේශීය දේවතා රූප ඉවත් කොට, පවිත්‍ර වීමේ වත්පිළිවෙත් කර, ඔබේ ඇඳුම් මාරු කරගන්න.


තවද ඔබ අතරෙන් සමහරෙක් එවැන්නෝ වූ හ. එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ද අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් ද ඔබ සෝදනු ලැබුවහු ය; ශුද්ධ කරනු ලැබුවහු ය; දමිටු කරනු ලැබුවහු ය.


ලෙවීවරු ද පවිත්‍ර වී, තම වස්ත්‍ර සෝදාගත්හ. ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් විශේෂ දීමනාවක් මෙන් පිළිගැන්විය; ලෙවීවරුන් සම්බන්ධ පවිත්‍රවීමේ වත්පිළිවෙත් ද ඉටු කෙළේ ය.


යමෙකු එවැන්නෙකුගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.


ජෝෂුවා සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේ හෙට ඔබ අතරේ පුදුම දේ කරන්නට යන බැවින් පවිත්‍ර වන්නැ”යි කී ය.


ඔවුන් පවිත්‍ර කිරීමේ වත්පිළිවෙත් මෙලෙස කළ යුතු ය. ඔවුන් මත පවිත්‍ර කිරීමේ වතුර ඉසින්න. ඉන්පසු ඔවුන් තම මුළු ශරීරය බූගාගෙන, තමන්ගේ වස්ත්‍ර සෝදා ගත යුතු ය. එවිට ඔවුන් පවිත්‍ර වනු ඇත.


“මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, “මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය.


නුඹ නැඟිට සෙනඟ පවිත්‍ර කරන්න; ඔවුන්ට කතා කොට, ‘ඔබ හෙට පවිත්‍ර වන්න. මන්ද, ඉශ්රායෙල්වරුනි, ඔබ අතරේ කැප කරන ලද දෙයක් ඇත; කැප කරන ලද ඒ දේ ඔබ අතරෙන් පහකරන තුරු ඔබේ සතුරන්ට මූණ දෙන්නට ඔබට නොහැකි වන්නේ යයි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


ඔවුන්ට කතා කොට මෙසේ කීවේ ය: “ලෙවීවරුනි, මට සවන් දෙන්න; ඔබ දැන් පවිත්‍ර වී, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවත් පවිත්‍ර කොට, ශුද්ධස්ථානයෙන් අපවිත්‍රකම පහකරන්න.


හත් වන දින ඔබේ ඇඳුම් සෝදාගත් පසු ඔබ පවිත්‍ර වනු ඇත. ඉන්පසු ඔබට කඳවුරට ඇතුළු විය හැකි ය’යි” කී ය.


මංගල භෝජන සංග්‍රහ වටය නිම වූ එක එක වාරයේ දී ජෝබ් තම පුත්‍රයන් වෙත පණිවුඩ යවා ඔවුන් ගෙන්වා, ඔවුන්ගේ පවිත්‍රවීම පිණිස පසු දා අලුයම නැඟිට ඔවුන් එකිනෙකා වෙනුවෙන් දවන යාග පූජා පුද කෙළේ ය. එසේ කෙළේ, යම් හෙයකින් ඔවුන් තමන් සිතින් පව් කොට, නොදැනුවත් ව දේවාපහාස කිරීමේ වරදට වැටෙන්නට ඇද්දැ යි ජෝබ් සිතූ බැවිනි. හැම වාරයෙහි ම ඔහු මෙසේ කෙළේ ය.


එහෙත්, පූජකයන් මදි වූ නිසා සියලු දවන යාග පූජා සූදානම් කරන්න බැරි විය. ඒ නිසා ඔවුන්ගේ සහෝදර ලෙවීවරු, වැඩ කටයුතු නිම වන තුරුත්, අනික් පූජකයන් පවිත්‍ර වන තුරුත් ඔවුනට උදව් වූවෝ ය. මන්ද, තමන් පවිත්‍ර වීම ගැන ලෙවීවරු පූජකයන්ට වඩා අවංක ව සිටියෝ ය.


සාමුවෙල් පිළිතුරු දෙමින්, “සාමදානයෙන් ය; සමිඳාණන් වහන්සේට පූජා කරන්නට ආවෙමි; ඔබ හැම පවිත්‍ර වී මා සමඟ පූජාවට එන්නැ”යි කීවේ ය. සාමුවෙල්, ජෙස්සේ ද ඔහුගේ පුත්‍රයන් ද පවිත්‍ර කොට පූජාවට කැඳෙව්වේ ය.


ජීවන වෘක්ෂයට ළඟා වීමට අයිතිය ලැබෙන පිණිසත්, වාසල් දොරටුවලින් නගරයට ඇතුළු වන්නට හැකි වන පිණිසත්, තමන්ගේ සළුසෝදාගන්නා තැනැත්තෝ භාග්‍යවන්තයෝ ය.


සෙනඟට කතා කොට මෙසේ කියන්න: එනම්, ‘නුඹලා හෙට දවස සඳහා පවිත්‍ර වන්න. නුඹලාට මස් කෑමට ලැබෙනු ඇත.’ ‘අපට කන්න මස් දෙන්නේ කවුරු ද? මිසරයේ දී නම් අපට සැප තිබුණා නොවේ ද?’ කියා නුඹලා සමිඳාණන් වහන්සේගේ කනට ඇසෙන්නට හැඬුවහු ය. එබැවින් උන් වහන්සේ නුඹලාට කෑමට මස් දෙන සේක. නුඹලා එය කනු ඇත.


තුන් වන හා හත් වන දින පවිත්‍ර තැනැත්තා අපවිත්‍ර තැනැත්තාට මෙසේ දිය ඉසිය යුතු ය. හත් වන දින, ඔහු තමා ම පවිත්‍ර කරගනිමින් නාගෙන, ඇඳුම් සෝදාගත් විට, ඒ දින සවස පවිත්‍ර යයි සැලකෙනු ඇත.


සාවුල්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත්ගේ පෙරමඟට ආවේ ය. ඔහු රජු ගිය දා සිට සාමදානයෙන් ආපසු පැමිණි දවස දක්වා තමාගේ පාද සේදුවේ වත්, රැවුල සකස් කරගත්තේ වත්, ඇඳුම් සේදුවේ වත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්