Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 15:13 - Sinhala New Revised Version 2018

13 “අධික මෝචනය ඇති කෙනෙකු ඉන් සුව වූ විට, හත් දිනක් ගත වූ පසු ඔහු තම ඇඳුම් සෝදාගෙන, ගලා බසින පිරිසිදු වතුරෙන් ස්නානය කළ විට පවිත්‍ර වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 “අධික මෝචනය ඇති කෙනෙකු ඉන් සුව වූ විට, හත් දිනක් ගත වූ පසු ඔහු තම ඇඳුම් සෝදාගෙන, ගලා බසින පිරිසිදු වතුරෙන් ස්නානය කළ විට පවිත්‍ර වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ප්‍රමේහය ඇති අය ප්‍රමේහයෙන් පවිත්‍රවූ කල ඔහු තමාගේ පවිත්‍රවීමට සත් දවසක් පසුකොට තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ ශරීරය බැස යන වතුරෙන් නාවා ගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 15:13
16 හුවමාරු යොමු  

“මා නුඹට අණ කළ සියල්ල ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට ඉටු කළ යුතු ය. දවස් හතක් තුළ නුඹ ඔවුන්ට පූජකවරය දීමේ පිළිවෙත ඉටු කළ යුතු යි.


දවස් හතක් ම නුඹ පූජාසනයේ පව් දුරලීමේ වත්පිළිවෙත් කොට එය විශුද්ධ කළ යුතු යි. එවිට එය අතිශුද්ධ පූජාසනය වනු ඇත. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.”


ඔවුන් මට විරුද්ධ ව කළ ඔවුන්ගේ සියලු පාපයෙන් මම ඔවුන් පිරිසිදු කරන්නෙමි; මට විරුද්ධ ව පව් කිරීමෙන් ද මට විරුද්ධ ව ද්‍රෝහිකම් කිරීමෙන් ද කළ ඔවුන්ගේ සියලු ම අයුතුකම් ඔවුන්ට කමා කරන්නෙමි.


“අට වන දින ඔහු කැළැල් රහිත බැටළු වස්සන් දෙදෙනකු ද කැළැල් රහිත අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක ද තෙල් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද ධාන්‍ය පූජාවක් වශයෙන් ගත යුතු ය.


පවිත්‍ර විය යුතු තැනැත්තා ද තම වස්ත්‍ර සෝදාගෙන, හිස මුඩු කොට ස්නානය කළ යුතු ය. මෙසේ කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත. ඔහු කඳවුරට ඇතුළු වී හත් දිනක් තුළ තම කූඩාරමෙන් පිටත සිටිය යුතු වේ.


එහෙත්, ඇගේ ඒ ලේ ගලා යාම සුව වී හත් දිනකට පසු, ඈ පවිත්‍ර වනු ඇත.


යමෙකු එවැන්නෙකුගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.


කැප කිරීමේ දින ගණන අවසාන වන තෙක්, දින හතක් ඔබ සම්මුඛ මණ්ඩපයේ දොරටුවෙන් පිටතට නොයා යුතු ය. ඒ සඳහා දින හතක් ගත වේ.


අට වන දින මෝසෙස්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද කැඳවී ය.


ඉන්පසු සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඇගේ පියා ඇගේ මූණට කෙළ ගැසී නම්, ඈ දින හතක් තුළ ලජ්ජා නොවිය යුතු ද? එබැවින් දින හතකට ඈ කඳවුරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඉන්පසු ඇය කඳවුර තුළට බාර ගත හැකි ය”යි වදාළ සේක.


ප්‍රේමවන්ත සහෝදරවරුනි, මෙවැනි පොරොන්දු අපට ඇති බැවින් සිත කය කෙලෙසන සියලු දෙයින් වැළකී අප ම පවිත්‍ර කරගනිමින් දේව ගරුබිය ඇති ව අපගේ ශුද්ධවන්තකම පරිපූර්ණ කරගනිමු.


දෙවියන් වහන්සේට ළං වන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ළං වන සේක. පව්කාරයෙනි, ඔබගේ අත් පවිත්‍ර කරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබගේ සිත් පිරිසිදු කරගන්න.


මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්