කඩුවෙන් නුඹ ජීවත් වන්නෙහි ය. සොහොයුරු හට මෙහෙ කරන්නෙහි ය. එහෙත් නුඹ ඔහු යටත් කළ විට ඔහුගේ වියගස නුඹේ කරින් ගසාදමනු ඇත.”
යෙසායා 9:4 - Sinhala New Revised Version 2018 මන්ද යත්, ඔවුන්ට බරක් වූ වියගහ ද කර මත තැබූ වියදණ්ඩ ද ඔබ කඩාදැමූ සේක. පෙර කලක ඔබ මිදියන් හමුදා පරාජය කළාක් මෙන් ඔවුන්ට පීඩා කළ ජාතිය ඔබ විසින් පරාජය කරනු ලැබී ය. Sinhala New Revised Version මන්ද යත්, ඔවුන්ට බරක් වූ වියගහ ද කර මත තැබූ වියදණ්ඩ ද ඔබ කඩාදැමූ සේක. පෙර කලක ඔබ මිදියන් හමුදා පරාජය කළාක් මෙන් ඔවුන්ට පීඩා කළ ජාතිය ඔබ විසින් පරාජය කරනු ලැබී ය. Sinhala Revised Old Version මක්නිසාද ඔහුගේ බරවූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ටියද මිදියන්හි දවසේදී මෙන් ඔබවහන්සේ කඩාදැමූසේක. |
කඩුවෙන් නුඹ ජීවත් වන්නෙහි ය. සොහොයුරු හට මෙහෙ කරන්නෙහි ය. එහෙත් නුඹ ඔහු යටත් කළ විට ඔහුගේ වියගස නුඹේ කරින් ගසාදමනු ඇත.”
අදමිටු අය දමිටු අයගේ දේශය සදා පාලනය නොකරති. එසේ කළොත්, දමිටු අය වුව ද අදමිටු දේ කිරීමට පෙළඹෙන්නෝ ය.
සව් බලැති සමිඳුන් බලසම්පන්න සෙබළුන්ට දඬුවම් කරන පිණිස රෝග එවන්න අදහස් කර ඇත. ඔවුන්ගේ සිරුර තුළ නොනිවී ඇවිලෙන ගින්නක් හටගන්නේ ය.
මාගේ උදහසට ලක් වූ ජාතියට දඬුවම් කරන පිණිස මම අසිරියාව මුගුරක් හෙවත් සැරයටියක් සේ පාවිච්චි කරමි.
මාගේ ඉශ්රායෙල් දේශයේ මම අසිරියන්වරුන් විනාශ කොට මාගේ කඳු පිට ඔවුන් පයින් පාගාදමන්නෙමි. මාගේ සෙනඟ අසිරියාවේ වහල්කමෙන් ද ඔවුන් පිට පටවන ලද බරෙන් ද නිදහස් කරන්නෙමි.
නුඹලාගේ දේශයේ වාසය කරන්න අපට ඉඩ දෙන්න. අප විනාශ කරන්න මාන බලන අයගෙන් අප ආරක්ෂා කරගන්න. පීඩාව ද විනාශය ද කෙළවර වන්නේ ය. දේශය නැති නාස්ති කරන අය පහ වී යන්නෝ ය.
මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි. නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය.
නුඹට පීඩා කරන්නන්ට ඔවුන්ගේ ම මාංසය කන්න සලස්වන්නෙමි. මත්පැන් බී මත් වන සේ, ඔව්හු තමන්ගේ ම ලේ බී, මත් වන්නෝ ය. එවිට මා සමිඳාණන් වන බවත්, නුඹලා මුදා නිදහස් කරන තැනැන් වහන්සේ බවත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණන් බලවත් බවත් මුළු මිනිස් වර්ගයා දැනගනු ඇත.”
අහස විහිදුවා පොළොවේ අත්තිවාරම දැමූ නුඹලාගේ මැවුම්කාරයා අමතක කළහු ද? නුඹලා විනාශ කිරීමට අරමුණු කරගත් පීඩා කරන්නන්ගේ කෝපය නිසා නුඹලා දවස මුළුල්ලේ ම වෙවුළන්නේ කුමට ද? පීඩා කරන්නන්ගේ කෝපයෙන් නුඹලාට කිසි හානියක් නොවන්නේ ය.
ජෙරුසලම, ඔබ ධූලි ගසාදමා නැඟිට සිටින්න, වහලියක වූ සියොන් පුරඟන, ඔබේ ගෙල වටා ඇති විලංගු ගලවාදමන්න.
නුඹ ධර්මිෂ්ඨකමෙහි පිහිටුවනු ලබන්නෙහි ය. නුඹ පීඩාවෙන් දුරු ව බිය නැති ව සිටින්නෙහි ය. භීතියක් නුඹට ළං වන්නේ නැත.
ආක්‍රමණය කරන හමුදාවේ පාවහන් ද ලෙයින් තැවරුණු ඔවුන්ගේ ඇඳුම් සියල්ල ද ගින්නෙන් දවාලනු ලැබේ.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවස පැමිණි විට මම ඔවුන්ගේ ගෙල මත ඇති වියගහ කඩාදමමි. ඔවුන්ගේ විලංගු බිඳදමන්නෙමි. ඔව්හු තවත් විදේශීන්ට වහල් නොවන්නෝ ය.
“මෝවබ් වට කර සිටින සියල්ලෙනි, එහි නාමය දන්න සියල්ලෙනි, ඒ රට ගැන විලාප කියන්න. ‘අහෝ! බලවත් ජයකොන්තය, අලංකාර සැරයටිය කැඩුණු හැටි ය’යි කියන්න.
නුඹලා මිසර වාසීන්ගේ වහලුන් නො වන පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි. නුඹලා පාලනය කළ ඔවුන්ගේ බලය බිඳදමා, නුඹලාට හිස ඔසවා යෑමට මම සැලැසුවෙමි.”
අසිරියන්වරුන් නුඹලා කෙරෙහි පෑ බලය නැති කර, ඔවුන් නුඹලා බැඳ තැබූ දම්වැල් මම සිඳ දමන්නෙමි.”