Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 14:25 - Sinhala New Revised Version 2018

25 මාගේ ඉශ්රායෙල් දේශයේ මම අසිරියන්වරුන් විනාශ කොට මාගේ කඳු පිට ඔවුන් පයින් පාගාදමන්නෙමි. මාගේ සෙනඟ අසිරියාවේ වහල්කමෙන් ද ඔවුන් පිට පටවන ලද බරෙන් ද නිදහස් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 මාගේ ඉශ්රායෙල් දේශයේ මම අසිරියන්වරුන් විනාශ කොට මාගේ කඳු පිට ඔවුන් පයින් පාගාදමන්නෙමි. මාගේ සෙනඟ අසිරියාවේ වහල්කමෙන් ද ඔවුන් පිට පටවන ලද බරෙන් ද නිදහස් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 එනම්, මම අෂූරියයා මාගේ දේශයේදී සුන්කොට මාගේ කඳු පිට ඔහු පාගාදමන්නෙමි. එවිට ඔහුගේ වියගහ ඔවුන් කෙරෙන් පහවන්නේය, ඔහුගේ බරද ඔවුන්ගේ කරෙන් පහවන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 14:25
19 හුවමාරු යොමු  

මන්ද යත්, ඔවුන්ට බරක් වූ වියගහ ද කර මත තැබූ වියදණ්ඩ ද ඔබ කඩාදැමූ සේක. පෙර කලක ඔබ මිදියන් හමුදා පරාජය කළාක් මෙන් ඔවුන්ට පීඩා කළ ජාතිය ඔබ විසින් පරාජය කරනු ලැබී ය.


අසිරියන්වරුන් නුඹලා කෙරෙහි පෑ බලය නැති කර, ඔවුන් නුඹලා බැඳ තැබූ දම්වැල් මම සිඳ දමන්නෙමි.”


සමිඳුන් දුෂ්ටයන්ගේ යෂ්ටියත්, නපුරු පාලකයන්ගේ බලයත් කෙළවර කර ඇත.


ඉශ්රායෙල් කඳුවල නුඹ සහ නුඹේ සියලු හමුදා ද නුඹ සමඟ සිටින ජනයන් ද වැටෙනු ඇත. සියලු ආකාර ගොදුරුවලට ගිජු පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් නුඹ ගොදුරු පිණිස දෙන්නෙමි.


එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සියොන් කන්දෙහි හා ජෙරුසලමෙහි මා කරන දේ නිම කළ පසු අසිරියාවේ රජුගේ පාරට්ටුවත්, අහංකාරයත් නිසා මම ඔහුට දඬුවම් කරමි.”


කිසිවකු විසින් කොල්ලකනු නොලැබූ නමුත්, කොල්ලකන, ද්‍රෝහිකම් කරනු නොලැබූ නමුත්, ද්‍රෝහිකම් කරන අපේ සතුරන්ට වන විපතක මහත! ඔවුන්ගේ කොල්ලකෑම හා ද්‍රෝහිකම් කිරීමේ කාලය අවසාන වේ. එවිට ඔවුන් ම කොල්ලකෑමටත්, ද්‍රෝහිකමටත් භාජනය වනු ඇත.


ජෙරුසලම, ඔබ ධූලි ගසාදමා නැඟිට සිටින්න, වහලියක වූ සියොන් පුරඟන, ඔබේ ගෙල වටා ඇති විලංගු ගලවාදමන්න.


ඔව්හු සිය කඩුවලින් අසිරියන් රට ද කඩු තලයෙන් නිම්රොද් දේශය ද ජයගන්නෝ ය. අසිරියන්වරුන් අපේ දේශයට පැමිණි විට, අපේ සීමා බිඳ දමන විට, ඒ නායකයෝ ඔවුන් අතින් අප බේරා ගන්නෝ ය.


එවිට සමිඳාණන් වහන්සේ දේව දූතයෙකු එවූ සේක. ඔහු අසිරියාවේ රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධ භටයන් ද ප්‍රධානීන් ද අධිපතීන් ද මරා දැමුවේ ය. මෙසේ සෙනකෙරීබ් රජ අපකීර්තියට පත් වී හැරී තම දේශයට ආපසු ගියේ ය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාගේ ම පුත්‍රයෝ එහි දී ඔහු කඩුවෙන් මැරුවෝ ය.


“අසිරියාව සහ ඇගේ මුළු හමුදාව එහි ය. ඔවුන්ගේ මිනී වළවල් ඔහු අවටින් ඇත්තේ ය. ඔව්හු සියල්ලෝ ම කඩුපහරින් වැටී මැරුම් කෑහ.


එතුමාණෝ සාමදානය ගෙන දෙන සේක. අසිරියන්වරුන් අපේ රට ආක්‍රමණය කොට අපේ බලකොටු බිඳගෙන ඇතුළු වූ විට ඔවුන් සමඟ සටන් කිරීමට අපි අපේ පාලකයන් සත්දෙනා සහ ප්‍රධානීන් අටදෙනා යවන්නෙමු.


ඔවුන් විපත්තිය නමැති මුහුද මැදින් යන විට, මම මුහුදේ තරංගවලට පහර දෙන්නෙමි. එවිට නයිල් ගංගාවේ පත්ල වියළී යන්නේ ය. අසිරියාවේ අහංකාරය පහත් කරනු ලබන්නේ ය; මිසරයේ ජයකොන්තය නැති වී යන්නේ ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්