Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 48:17 - Sinhala New Revised Version 2018

17 “මෝවබ් වට කර සිටින සියල්ලෙනි, එහි නාමය දන්න සියල්ලෙනි, ඒ රට ගැන විලාප කියන්න. ‘අහෝ! බලවත් ජයකොන්තය, අලංකාර සැරයටිය කැඩුණු හැටි ය’යි කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 “මෝවබ් වට කර සිටින සියල්ලෙනි, එහි නාමය දන්න සියල්ලෙනි, ඒ රට ගැන විලාප කියන්න. ‘අහෝ! බලවත් ජයකොන්තය, අලංකාර සැරයටිය කැඩුණු හැටි ය’යි කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ඔහු වටකර සිටින සියල්ලෙනි, ඔහුගේ නාමය දන්නා සියල්ලෙනි, ඔහු ගැන විලාප කියන්න; අහෝ බලවත් ජයකොන්තයවන අලංකාර සැරයටිය කැඩුණු හැටියයි කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 48:17
12 හුවමාරු යොමු  

මන්ද යත්, ඔවුන්ට බරක් වූ වියගහ ද කර මත තැබූ වියදණ්ඩ ද ඔබ කඩාදැමූ සේක. පෙර කලක ඔබ මිදියන් හමුදා පරාජය කළාක් මෙන් ඔවුන්ට පීඩා කළ ජාතිය ඔබ විසින් පරාජය කරනු ලැබී ය.


බලන්න, මෝවබ් සුණු විසුණු වී තිබෙන හැටි! අහෝ! එහි සෙනඟ වැලපෙන හැටි! මෝවබ් ලජ්ජාවෙන් පිටුපා සිටින හැටි! මෙසේ මෝවබ් එය වටකර සිටි සියල්ලන්ට සරදමට හා භීතියට කරුණක් වී ඇත.”


හෙෂ්බොන්හි කෙත් ද සිබ්මාහි මිදි වැල් ද මැලවී ගොස් ඇත. ජාතීන්ගේ පාලකයන් මත් වූයේ ඒ මිදි වැල්වලින් ලබාගත් මිදියුස බීමෙන් ය. එක් කාලයක දී ඒ මිදි වතු නැගෙනහිර ජාශර් නගරය හා කාන්තාරය දක්වා ද බස්නාහිර මළ මුහුදෙන් එහා පැත්ත දක්වා ද විහිදී ගොස් තිබිණි.


මාගේ උදහසට ලක් වූ ජාතියට දඬුවම් කරන පිණිස මම අසිරියාව මුගුරක් හෙවත් සැරයටියක් සේ පාවිච්චි කරමි.


සමිඳාණන් සියොන්හි සිට ජයකොන්තය ඔබ අතට දුන් විට ඔබේ සතුරන් මැද රජකම් කළ මැනව.


මන්ද, ඔව්හු යටත් කරගත් ජාතීන්ට ඉමහත් කෝපයෙන් නොනැවතී තළා පෙළා පීඩා කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්