යෙසායා 37:27 - Sinhala New Revised Version 2018 එහි සිටි සෙනඟ බෙලහීන ය; ඔව්හු කැළඹී වියවුල් වූවෝ ය. ඔව්හු කෙතේ තණ කොළ ද අමු පලා ද පියසි උඩ තණ කොළ ද වැඩෙන්න පළමුවෙන් වියළී ගිය ගොයම් ද මෙන් වූ හ. Sinhala New Revised Version එහි සිටි සෙනඟ බෙලහීන ය; ඔව්හු කැළඹී වියවුල් වූවෝ ය. ඔව්හු කෙතේ තණ කොළ ද අමු පලා ද පියසි උඩ තණ කොළ ද වැඩෙන්න පළමුවෙන් වියළී ගිය ගොයම් ද මෙන් වූ හ. Sinhala Revised Old Version එබැවින් ඒවායේ වැසියෝ බෙලහීනව සිටියෝය, ඔව්හු කැළඹී වියවුල්වූහ; ඔව්හු කෙතෙහි තෘණද, අමු පලාද, පියසි උඩ තණකොළද, වැඩෙන්ට පළමුවෙන් වේළුණු ගොයම්ද මෙන් වූවෝය. |
එබැවින් ඒවායේ වැසියෝ බෙලහීන ව සිටියහ. ඔව්හු කැළඹී වියවුලට පත් වූ හ. ඔව්හු කෙතේ තෘණ ද අමු පල ද පියසි උඩ තණ කොළ ද වැඩෙන්න පළමුවෙන් වියළුණු ගොයම් ද මෙන් වූ හ.
දුදනන් වල් පැළෑටි මෙන් වැඩෙන නමුත්, නපුරුකම් කරන සියල්ලන් සශ්‍රීක වන නමුත්, එතුමාණෝ සදහට ම ඔවුන් වනසන සේක.
සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට දඬුවම් කරන්න අත ඔසවා ඇති බව ඔවුන් දුටු විට, මිසරයේ සෙනඟ ස්ත්‍රියක මෙන් බයාදුකමින් තැති ගැනී වෙවුළන්නෝ ය.
නුඹලාට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරුන්ගේ මුළු සේනාවට නුඹලා පහර දී ඔවුන් අතරෙන් දරුණු තුවාළ ලත් අය පමණක් ඔවුන්ගේ කූඩාරම් වල ඉතිරි කරන නමුත්, ඔවුන් නැඟිට මේ නගරය ගින්නෙන් දවා දමනු ඇත.’ ”
දේශය සහමුලින් ම විනාශ නොකර මිදි අතු කපා දමන්නට කියා ද අතු සමිඳාණන් වහන්සේට අයිති නැති නිසා ඒවා කපා දමන්නට කියා ද මම නියම කරමි.
නුඹලා මට විරුද්ධ ව නැඟී සිට මට ගරහන විධියට බොහෝ සේ කතා කර ඇත. එය මම මාගේ ම කනින් ඇසීමි.”
සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පමණක් කැරලි නොගසන්න. ඒ රට වාසීන්ට ද බිය නොවන්න. මන්ද, අපි ඔවුන් ගොදුරු කොට ගන්නෙමු. සමිඳාණන් වහන්සේ අප සමඟ වන බැවින් ඔවුන්ට අරක්ගත් දෙවිවරුන් ඔවුන්ගෙන් ඉවත ගොස් ඇත. ඔවුන්ට බිය නොවැන්නැ”යි කීවෝ ය.
මා විසින් ඔබට අඳුරේ දී පවසන ලද දෙය ඔබ දවාලේ දී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දෙය, ගෙමුදුන්වලින් ප්‍රකාශ කරන්න.
මන්ද “සියලු මනුෂ්‍ය වර්ගයා තණ පත් මෙනි, ඔවුන්ගේ සකල තේජස තණ මල මෙනි; තණ කොළ වියළෙයි, මල වැටී යයි,