Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 92:7 - Sinhala New Revised Version 2018

7 දුදනන් වල් පැළෑටි මෙන් වැඩෙන නමුත්, නපුරුකම් කරන සියල්ලන් සශ්‍රීක වන නමුත්, එතුමාණෝ සදහට ම ඔවුන් වනසන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 දුදනන් වල් පැළෑටි මෙන් වැඩෙන නමුත්, නපුරුකම් කරන සියල්ලන් සශ්‍රීක වන නමුත්, එතුමාණෝ සදහට ම ඔවුන් වනසන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 දුෂ්ටයන් තණකොළ මෙන් වැඩෙන්නෙත්, අයුතුකම්කරන සියල්ලන් සඵලවන්නෙත්, ඔවුන් සදාකාලේට විනාශවන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 92:7
21 හුවමාරු යොමු  

කොල්ලකාරයන්ගේ නිවෙසට සාමය උදා වෙයි; දෙවිඳුන් කෝප කරන අය යහතින් වසති. ඔවුන්ගේ ම ශක්තිය ඔවුන්ගේ දෙවියන් වී ඇත.


අපරාධකරුවෝ එක ගොඩේ විනාශ කරනු ලබති; දුදනන්ගේ පරපුර වැනසී නිම වෙයි.


දුදනන් දෙස බලන්න; ඔවුන්ට විපුල සම්පත් ඇත. ඒවා තවතවත් ඔව්හු වැඩි කරගන්නෝ ය.


එවිට මම වැටහීමක් නැති මෝඩයෙකු මෙන් වූයෙමි. ඔබ අබිමුව තිරිසනෙකු බවට පත් වුණෙමි.


අපරාධකාරයෝ තව කොපමණ කල් අහංකාර වන්නෝ ද? ඔව්හු තමන්ගේ අපරාධ ගැන තව කොපමණ කල් වහසි බස් දොඩන්නෝ ද?


අනුවණ දනෝ නැණනුවණට පිටුපා මියයති; අමන දනෝ නොසැලකිලිකමින් වැනසී යති.


එහි සිටි සෙනඟ බෙලහීන ය; ඔව්හු කැළඹී වියවුල් වූවෝ ය. ඔව්හු කෙතේ තණ කොළ ද අමු පලා ද පියසි උඩ තණ කොළ ද වැඩෙන්න පළමුවෙන් වියළී ගිය ගොයම් ද මෙන් වූ හ.


අපට පෙනෙන හැටියට නම් වාසනාව ඇත්තේ උඩඟු අයට ය; දියුණු වන්නේ නපුරුකම් කරන අය ය. ඔව්හු දෙවියන් වහන්සේ පරීක්ෂා කරතත් නිදහස් ව සිටිති’යි නුඹලා කියන්නහු ය.”


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය.


මන්ද “සියලු මනුෂ්‍ය වර්ගයා තණ පත් මෙනි, ඔවුන්ගේ සකල තේජස තණ මල මෙනි; තණ කොළ වියළෙයි, මල වැටී යයි,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්