සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්දේ සීමාව තුළ කිසි නපුරක් වත්, අනතුරක් වත් නොවන්නේ ය. මුහුද, ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.”
යෙසායා 32:16 - Sinhala New Revised Version 2018 දේශයේ සෑම තැන ම පාළුකරයේ යුක්තියත්, සාරවත් භූමියේ ධර්මිෂ්ඨකමත් පවතින්නේ ය. Sinhala New Revised Version දේශයේ සෑම තැන ම පාළුකරයේ යුක්තියත්, සාරවත් භූමියේ ධර්මිෂ්ඨකමත් පවතින්නේ ය. Sinhala Revised Old Version එකල යුක්තිය කාන්තාරයෙහි වාසයකරන්නේය, ධර්මිෂ්ඨකම උයනෙහි පවතින්නේය. |
සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්දේ සීමාව තුළ කිසි නපුරක් වත්, අනතුරක් වත් නොවන්නේ ය. මුහුද, ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.”
එතුමාණෝ විනිශ්චයකාරයන්ට යුක්තිය පිළිබඳ හැඟීමක් ද නගරයේ දොරටුවලට පහර දෙන සතුරන් පලවා හරින අයට ධෛර්යය ද දෙන සේක.
සමිඳාණෝ මහෝත්තම වන සේක. සියල්ල කෙරෙහි එතුමාණෝ ආණ්ඩු කරන සේක. එතුමාණෝ ජෙරුසලම පුරා යුක්තියත්, ධර්මිෂ්ඨකමත් පිහිටුවන සේක.
ශුද්ධවන්තකමේ මාර්ගය යන නමින් මහා මාවතක් එහි ඇති වේ. පවිටුන්ට එහි ගමන් කළ නොහැකි ය. අනුවණයන් ද එහි මුළා නොවේ.
කාන්තාරය හා එහි නගර ද කේදාර්හි සිටින සෙනඟ ද සේලා නගර වැසි සියල්ලෝ ද කඳු මුදුන්වල සිට ප්‍රීති ඝෝෂා නඟත් වා!
සැබැවින් ම යුක්තිය ඉටු කරන්නේ ය; එතුමා කලකිරෙන්නේ වත්, අධෛර්ය වන්නේ වත් නැත; මිහි පිට යුක්තිය පිහිටුවන තුරු එතුමාගේ දහම් මඟ උදාවන තුරු දිවයින් බලා සිටිනු ඇත.”
නුඹලා මාගේ ආඥාවලට සවන් දුන්නහු නම්, මාගේ ආශීර්වාද නොසිඳී ගලන ගඟක් සේ නුඹලා කරා ගලා එන්නේ ය. මුහුදේ රළ පතර මෙන් දැහැමිකම නුඹලා වෙත පැමිණෙන්නේ ය.
ඔබේ සෙනඟ සියල්ලෝ ම දැහැමි ව, සදහට ම දේශය උරුම කරගන්නෝ ය; ඔව්හු මා විසින් පැළ කරන ලද මාගේ පැළෑටියක් හා සමාන ය; මාගේ මහිමය ප්‍රකාශ කරන පිණිස මා විසින් මවන ලද්දෝ වෙති.
ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “සෙනඟගේ උරුමය මා ඔවුන්ට යළි ලබා දුන් විට, ‘එම්බා ධර්මිෂ්ඨකමේ වාසභූමිය! එම්බා ශුද්ධ කන්ද! සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!’ යන කීම ඔවුන් ජුදා දේශයෙහි ද එහි නගරවල ද නැවත භාවිතා කරනු ඇත.
ඉන්පසු ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ද දාවිත් නම් තමන්ගේ රජු ද සොයා එන්නෝ ය. මතු කාලයේ දී ඔව්හු ගරුබිය ඇති ව සමිඳාණන් වහන්සේ වෙත පැමිණ, උන් වහන්සේගේ යහපත් දීමනා ලබන්නෝ ය.
ජෙරුසලමෙහි සියොන් කන්දට ආපසු පැමිණ මම එහි වැඩ වාසය කරන්නෙමි. ජෙරුසලම විශ්වාසවන්ත නගරය වශයෙන් ද සියලු බලැති දෙවියන් වහන්සේගේ කන්ද ශුද්ධ කන්ද වශයෙන් ද ප්‍රසිද්ධ වන්නේ ය.