ඔබ වහන්සේගේ දාසයා වන මා හට පෑවා වූ සියලු කරුණාව හා විශ්වාසවන්තකම ලැබීමට මා සුදුස්සෙක් නොවෙමි. මන්ද, මා මේ ජොර්දානෙන් එතෙර වූයේ මාගේ සැරයටියේ ආධාරයෙන් පමණ ය. එහෙත්, දැන් මා කණ්ඩායම් දෙකක් වී ඇත.
ප්‍රේම ගී 4:3 - Sinhala New Revised Version 2018 ඔබේ තොල් රතු නූල් මෙන් ය. ඔබේ මුඛය ශෝභමාන ය. ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ දෙකපොල දෙළුම් මෙන් ය. Sinhala New Revised Version ඔබේ තොල් රතු නූල් මෙන් ය. ඔබේ මුඛය ශෝභමාන ය. ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ දෙකපොල දෙළුම් මෙන් ය. Sinhala Revised Old Version නුඹේ තොල් රතු නූලක් මෙන්ය, නුඹේ මුඛය ශෝභමානය. නුඹේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන නුඹේ කම්මුල් දෙළුම් පළුවක් මෙන්ය. |
ඔබ වහන්සේගේ දාසයා වන මා හට පෑවා වූ සියලු කරුණාව හා විශ්වාසවන්තකම ලැබීමට මා සුදුස්සෙක් නොවෙමි. මන්ද, මා මේ ජොර්දානෙන් එතෙර වූයේ මාගේ සැරයටියේ ආධාරයෙන් පමණ ය. එහෙත්, දැන් මා කණ්ඩායම් දෙකක් වී ඇත.
‘මාගේ දෙවියන් වහන්ස, මම ලජ්ජාවට පත් වී, මාගේ දෙවි වන ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්නට බියෙන් සිටිමි. මන්ද, අපේ ද්‍රෝහිකම අපේ හිස්වලටත් ඉහළින් නැඟී ගොස් ඇත. අපේ පාප ස්වර්ගය දක්වා නැඟී තිබේ.
රජිඳුනි, ඔබ මෙන් රූපසම්පන්න කෙනෙක් මිනිසුන් අතර තවත් නැත. ඔබ ව්‍යක්ත කථිකයෙකි, දෙවි තුමාණෝ ඔබට සැම දා ආසිරි දුන් සේක.
ජෙරුසලම් වනිතාවෙනි, මා කේදාර් කූඩාරම් මෙන් කළු නමුත් රූප සම්පන්න ය; සලමොන්ගේ මාලිගාවේ තිර මෙන් ශෝභන ය.
මාගේ මනාලිය, ඔබේ තොල්වලින් මී වදයකින් මෙන් පැණි වැගිරෙයි. ඔබේ දිව යට මී පැණිත්, කිරිත් තිබේ. ඔබේ වස්ත්‍රවල සුගන්ධය ලෙබනොන්හි සුවඳ මෙන් ය.
ඔහුගේ දෙකොපුල් සුවඳ ගස් පාත්තියක් ද සුවඳ පැළ ඇති පස් කඳු ද මෙන් ය. ඔහුගේ දෙතොල් මානෙල් මෙනි; දියර ගන්ධරස එයින් වෑස්සෙන්නේ ය.
ඔහුගේ මුඛය ඉතා මිහිරි ය. එසේ ය, ඔහු මුළුමනින් ම පියකරු ය. ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා මේ ආකාර ය; මාගේ මිත්‍රයා මෙබන්දෙක් ය.
ඔබේ මුඛය ඉතා අනගි මිදියුස මෙන් ද වේ වා! ඒ මිදියුස මා පෙම්වතා වෙත ඔහුගේ දෙතොල් පිටත්, දත් පිටත් ගලා යේ වා!
නුඹ කළ සියලු වරදට මම නුඹට කමා වන්නෙමි. එහෙත්, නුඹ ඒවා සිහි කොට ලජ්ජාවෙන් තවත් කට නෑර සිටින්නෙහි ය. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”
පවිත්‍ර වීමේ පිළිවෙත සඳහා පණපිටින් පවිත්‍ර පක්ෂීන් දෙදෙනෙකු ද කිහිරි ගසින් ලී කෑල්ලක් ද දම් පාට රෙදි කඩක් ද හිසොප් නම් පැළෑටියක් ද ගෙනෙන්නට අණ කළ යුතු ය.
ඉන්පසු වතුරට උඩින් තබා මරන ලද පළමු පක්ෂියාගේ ලේවල, පණපිටින් සිටින අනික් පක්ෂියා ද කිහිරි ලී කෑල්ල ද දම් පාට රෙදි කඩ ද හිසොප් පැළය ද ගිල්වා,
පූජකවරයා ම කිහිරි ගහෙන් දර කෑලි ද හිසොප් නම් පැළ ද රතු රෙදි කඩක් ද ගෙන වැස්සී දැවෙන ගින්න මැදට දැමිය යුතු ය.
පසුව මේවා පිට දම් පාට රෙද්දක් අතුරා, පදම් කළ සම් ආවරණයකින් ඒ සියල්ල වැසිය යුතු ය. මෙසේ කළ පසු මෙය උසුලාගෙන යෑමට හරස් පොලු දැමිය යුතු වේ.
යහපත් මිනිසා තමා රැස් කළ යහපත් දෙයින් යහපත් දේ පිටතට ගෙනෙයි. නපුරු මිනිසා තමා රැස් කළ නපුරු දෙයින් නපුරු දේ පිටතට ගෙනෙයි.
සියල්ලෝ ම උන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුම ව, “මේ ජෝසෙප්ගේ පුතා නොවේ දැ”යි කී හ.
කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නෑර, අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිත මනහර වචන කතා කරන්න.
රස මුසු, සිත් පිණවන බසින් කතා කරන්න. හැම කෙනෙකුට නිසි පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ යි දැන ගන්න.
මන්ද, මෝසෙස් ව්‍යවස්ථාව අනුව මුළු ජනතාවට සියලු ආඥා කියා දුන් පසු, වස්සන්ගේත්, එළුවන්ගේත් ලේ සමඟ වතුර ද රතු ලොම් ද හිසොප් ද ගෙන:
එසේ කරන්නට නම්, අප මේ දේශයට ආ කල මේ රතු නූල් පටිය ඔබ අප බැස්සෙව් කවුළුවේ බැඳ තබා, ඔබේ පියා ද මව ද සහෝදරයන් ද පියාගේ ගෙයි වැසි සියල්ලන් ද ඔබ සමඟ නිවෙසට එක්රැස් කරගන්න.