Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 14:6 - Sinhala New Revised Version 2018

6 ඉන්පසු වතුරට උඩින් තබා මරන ලද පළමු පක්ෂියාගේ ලේවල, පණපිටින් සිටින අනික් පක්ෂියා ද කිහිරි ලී කෑල්ල ද දම් පාට රෙදි කඩ ද හිසොප් පැළය ද ගිල්වා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඉන්පසු වතුරට උඩින් තබා මරන ලද පළමු පක්ෂියාගේ ලේවල, පණපිටින් සිටින අනික් පක්ෂියා ද කිහිරි ලී කෑල්ල ද දම් පාට රෙදි කඩ ද හිසොප් පැළය ද ගිල්වා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 එවිට පූජකයා පණ ඇති පක්ෂියා සහ කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද රැගෙන ඒවාද පණ ඇති පක්ෂියාද බැස යන ජලය පිට මරනලද පක්ෂියාගේ ලෙයෙහි ගිල්වා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 14:6
13 හුවමාරු යොමු  

ජීවමාන තැනැත්තා ය. මම මැරුණෙමි; එහෙත් බලන්න, මම සදහට ම ජීවත් ව සිටිමි. මරණයේ ද පාතාල ලෝකයේ ද යතුරු මට ඇත.


මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක.


උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.


අපි සතුරන් ව සිටිය දී ම දේව පුත්‍රයාණන්ගේ මරණය නිසා උන් වහන්සේ සමඟ සමඟි කරනු ලැබුවෙමු නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, දැන් ඊටත් වඩා ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය නිසා ගැළවීම ලබමු.


උන් වහන්සේ වනාහි අපේ පව් නිසා මරණයට පාවා දෙනු ලැබ, අප දෙවියන් වහන්සේ හා සමඟ දමිටු බවට පමුණුවනු පිණිස උත්ථාන කරනු ලැබූ සේක.


තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති. එහෙත් ඔබ මා දකින්නහු ය; කුමක් හෙයින් ද, මා ජීවත් වන නිසා ඔබත් ජීවත් වන බැවිනි.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී පාපය හා රූප වන්දනාවෙන් දාවිත්ගේ ගෝත්‍රය ද ජෙරුසලමේ වැසියන් ද පවිත්‍ර කරන පිණිස උල්පතක් ඇරෙන්නේ ය.


පවිත්‍ර වීමේ පිළිවෙත සඳහා පණපිටින් පවිත්‍ර පක්ෂීන් දෙදෙනෙකු ද කිහිරි ගසින් ලී කෑල්ලක් ද දම් පාට රෙදි කඩක් ද හිසොප් නම් පැළෑටියක් ද ගෙනෙන්නට අණ කළ යුතු ය.


පසුව පිරිසිදු වතුර දැමූ මැටි බඳුනක් තුළ, වතුරට උඩින් පක්ෂීන් දෙදෙනාගෙන් එකෙකු මැරීමට අණ කළ යුතු ය.


ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි.


පිරිසිදු වතුර ඇති මැටි බඳුනක උඩින් තබා එක පක්ෂියෙකු මරා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්