ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 12:12 - Sinhala New Revised Version 2018

එදින රාත්‍රියේ මම මිසර දේශය මැදින් ගොස්, එහි මිනිසුන්ගේ හා මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දෙමි. තවද, මිසරයේ දෙවිදේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවමි. මම සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එදින රාත්‍රියේ මම මිසර දේශය මැදින් ගොස්, එහි මිනිසුන්ගේ හා මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දෙමි. තවද, මිසරයේ දෙවිදේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවමි. මම සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද ඒ රාත්‍රියේදී මිසර දේශය මැදින් යන්නෙමි, මිසර දේශයෙහි මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද සියලු කුලුඳුලන්ට පහරදෙන්නෙමි; මිසරයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චයයන් ඉෂ්ටකරන්නෙමි. මම ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 12:12
26 හුවමාරු යොමු  

ඔව්හු තමන්ගේ දේව රූප එහි අත්හැර ගියෝ ය. එකල දාවිත් දුන් ආඥාව ලෙස ඒවා ගින්නෙන් පුළුස්සා දමන ලද්දේ ය.


එතුමාණෝ මිසර වැසියන්ගේත්, මෘගයන්ගේත් කුලුඳුලන්ට පහර දුන් සේක.


දෙවිඳාණෝ දේව සභාවෙහි මුල’සුන ගන්න සේක. දෙවිවරුන් මැද විනිශ්චය කරන සේක.


“ඔබ දෙවිවරු ය”යි මම කීවෙමි; ඔබ සියල්ලෝ අති උත්තමයාණන්ගේ දරුවෝ වන්නහු ය.


දහසක් ඔබේ වම් පසින් ද දස දහසක් ඔබේ දකුණු පසින් ද වැටෙන්නෝ ය. එහෙත්, පීඩාවක් ඔබට නම් ඇති නොවන්නේ ය.


මන්ද, සමිඳාණෝ, බලසම්පන්න දෙවිඳාණෝ වන සේක; උතුම් දේවාතිදෙවිඳාණෝ වන සේක.


මන්ද, සමිඳාණන් වහන්සේ මිසරයට පහර දීමට දේශය මැදින් යන සේක. මෙසේ යද්දී උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණුවල ලේ උන් වහන්සේ දකින විට, එම දොර පසු කොට ගොස් ඔබ මැරීමට, මාරක දූතයාට ඔබගේ ගෙවලට ඇතුළු වීමට ඉඩ නොදෙන සේක.


තවද, සමිඳාණන් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උත්තරීතර බව මම දැන් දනිමි. මන්ද, මිසර වාසීන් ඉතා අහංකාර ලෙස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ක්‍රියා කළ විට උන් වහන්සේ මෙය කළ සේකැ”යි කී ය.


ඔහුගේ ස්වාමියා ඔහු දෙවියන් වහන්සේ වෙතට ගෙන යා යුතු ය. දොර හෝ උළුවහු කණුව හෝ ළඟට ඔහු ගෙන ගොස්, ස්වාමියා ඔහුගේ කන උල් කටුවකින් විද්ද යුතුයි. ඉන්පසු ඔහු සදහට ම ස්වාමියාට සේවය කළ යුතු වේ.


“නුඹ, නුඹලාගේ දෙවියන් වහන්සේට පරිභව නොකළ යුතු ය. නුඹලා සෙනඟගේ අධිපතියෙකුට ද සාප නොකළ යුතු ය.


දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “මම සමිඳාණන් වහන්සේ ය.


පසුදින උන් වහන්සේ එලෙස කළ සේක. එවිට මිසරයේ ගවසම්පත මුළුමනින් ම වැනසිණි. එහෙත්, ඉශ්රායෙල් ජනයාගේ ගවසම්පතින් එකෙක් වත් නොමළේ ය.


මිසරය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: සමිඳාණෝ ශීඝ්‍ර වලාකුළක් පිට නැඟී මිසර දේශයට වඩින සේක. මිසරයේ දේවතා රූප එතුමන් ඉදිරියෙහි චංචල වන්නේ ය. එහි සෙනඟ අධෛර්යයට පත් වන්නෝ ය.


මම ද මිසරයේ දේවාල ගිනිබත් කරන්නෙමි. බබිලෝනියේ රජු ලවා ඒ දෙවිවරුන් පුළුස්සාදැමීමට හෝ ඔවුන් පැහැරගෙන යාමට හෝ සලස්වන්නෙමි. එඬේරෙකු තමාගේ ඇඳුමේ ඇති කිනිතුල්ලන් පිස දමා පවිත්‍ර කරන්නාක් මෙන් බබිලෝනියේ රජ මිසර දේශය පවිත්‍ර කර ජයාන්විත ව එතැනින් පිටත් ව යන්නේ ය.


ඔහු මිසර දේශයේ තිබෙන බෙත්-ෂෙමෙෂ්හි කුලුණු බිඳදමා, මිසරයේ දේවාල ගින්නෙන් දවාලන්නේ ය.’ ”


සියලු බලැති ස්වාමීන් වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක; “මෙන්න, මම තීබ්ස්හි දෙවියා වන ආමොන්ටත්, පාරාවෝටත්, මිසරයටත්, එහි දෙවිවරුන්ටත්, එහි රජවරුන්ටත්, පාරාවෝ කෙරේ විශ්වාසය තබන්නන්ටත් දඬුවම් කරමින්,


එහෙත්, මම ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද ගළවා ඉතිරි කරන්නෙමි. මෙසේ කරන්නේ, ඔවුන් පැමිණෙන දේශවල සෙනඟට ඔවුන්ගේ සියලු පිළිකුල්කම් ඔවුන් ප්‍රකාශ කරන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”


සියලු මිදි වතුවලත් වැලපීම වන්නේ ය. මන්ද, නුඹලාට දඬුවම් කරන පිණිස මම එන්නෙමි.”


සමිඳාණන් වහන්සේ ඔවුන් තැතිගන්වන සේක; ලෝකයේ සියලු දෙවිවරුන් නැත්තට ම නැති කරන සේක. හැම ජාතීන්ගේ ම රටවල වැසියන් තම තමන්ගේ ස්ථානවල සිට උන් වහන්සේට නමස්කාර කරනු ඇත.


එකල මිසර වාසීහු සමිඳාණන් වහන්සේ මැරූ ඔවුන්ගේ කුලුඳුලන් වළලමින් සිටියහ. මෙලෙස උන් වහන්සේ ඔවුන්ගේ දෙවි දේවතාවන්ට ද දඬුවම් කළ සේක.


පසු දා අලුයම අෂ්දොද්හි වැසියන් අවදි වූ විට, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට දාගොන් මුණින්තළා වී තිබෙනවා ඔව්හු දුටුහ. ඔව්හු දාගොන් රැගෙන නැවත ඔහු කලින් තිබූ ස්ථානයෙහි ම තැබූ හ.


එබැවින් ගඩු රූප ද රට නාස්ති කරන මී රූප ද සාදා ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට ගෞරව දෙන්න. එසේ කළොත්, සමහර විට උන් වහන්සේ ස්වකීය බාහු බලයන් ඔබ කෙරෙන් ද ඔබේ දෙවිවරුන් කෙරෙන් ද ඔබේ දේශය කෙරෙන් ද ඉවත් කරනු ඇත.