Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 33:4 - Sinhala New Revised Version 2018

4 එකල මිසර වාසීහු සමිඳාණන් වහන්සේ මැරූ ඔවුන්ගේ කුලුඳුලන් වළලමින් සිටියහ. මෙලෙස උන් වහන්සේ ඔවුන්ගේ දෙවි දේවතාවන්ට ද දඬුවම් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එකල මිසර වාසීහු සමිඳාණන් වහන්සේ මැරූ ඔවුන්ගේ කුලුඳුලන් වළලමින් සිටියහ. මෙලෙස උන් වහන්සේ ඔවුන්ගේ දෙවි දේවතාවන්ට ද දඬුවම් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 එසේ ආවේ මිසරවරුන් ස්වාමීන්වහන්සේ විසින් ඔවුන් අතරෙහි පහරදෙනලද්දවුන් වන සියලුම කුලුඳුලන් ඔවුන් විසින් තැන්පත්කරද්දීය. ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ දෙවිවරුන් කෙරෙහිත් විනිශ්චයන් ඉෂ්ටකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 33:4
8 හුවමාරු යොමු  

එදින රාත්‍රියේ මම මිසර දේශය මැදින් ගොස්, එහි මිනිසුන්ගේ හා මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දෙමි. තවද, මිසරයේ දෙවිදේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවමි. මම සමිඳාණන් වහන්සේ ය.


මිසරය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: සමිඳාණෝ ශීඝ්‍ර වලාකුළක් පිට නැඟී මිසර දේශයට වඩින සේක. මිසරයේ දේවතා රූප එතුමන් ඉදිරියෙහි චංචල වන්නේ ය. එහි සෙනඟ අධෛර්යයට පත් වන්නෝ ය.


සමිඳාණන් වහන්සේ ඔවුන් තැතිගන්වන සේක; ලෝකයේ සියලු දෙවිවරුන් නැත්තට ම නැති කරන සේක. හැම ජාතීන්ගේ ම රටවල වැසියන් තම තමන්ගේ ස්ථානවල සිට උන් වහන්සේට නමස්කාර කරනු ඇත.


තවද, සමිඳාණන් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උත්තරීතර බව මම දැන් දනිමි. මන්ද, මිසර වාසීන් ඉතා අහංකාර ලෙස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ක්‍රියා කළ විට උන් වහන්සේ මෙය කළ සේකැ”යි කී ය.


එතුමාණෝ ඔවුන්ගේ පුරුෂ ශක්තියේ නිධානයන් වූ ප්‍රථම ඵලයන් වූ මිසර දේශයේ සියලු කුලුඳුලන් මරාදැමූ සේක.


මන්ද, සියලු කුලුඳුලෝ මට අයිති ය. මිසර දේශයේ සියලු කුලුඳුලන් මැරූ දිනයේ දී, මම ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුල් දරුවන් හා කුලුඳුල් සතුන් මට ම කැප කොටගතිමි. ඔවුන් මට අයිති වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්