අපි මේ නුවර විනාශ කරන්නට යන්නෙමු. මෙහි වසන්නන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේ වෙත නැඟී ඇති චෝදනා ඉතා දරුණු බැවින්, මෙය විනාශ කිරීමට උන් වහන්සේ අප එවූ සේකැ”යි කී හ.
ද්විතීය නීතිය 4:26 - Sinhala New Revised Version 2018 මම එදින ඔබට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් අහසත්, පොළොවත් කැඳවා ඔබ අයිති කරගන්නට යන ජොර්දාන් ගඟෙන් එතෙර රටින් ඔබ හැම සහමුලින් ම වනසාලන හැටියට දිවුරා කියමි. එම රටෙහි ඔබ වැඩි කල් ජීවත් නොවනු ඇත. ඔබ සහමුලින් ම වැනසෙනු ඇත. Sinhala New Revised Version මම එදින ඔබට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් අහසත්, පොළොවත් කැඳවා ඔබ අයිති කරගන්නට යන ජොර්දාන් ගඟෙන් එතෙර රටින් ඔබ හැම සහමුලින් ම වනසාලන හැටියට දිවුරා කියමි. එම රටෙහි ඔබ වැඩි කල් ජීවත් නොවනු ඇත. ඔබ සහමුලින් ම වැනසෙනු ඇත. Sinhala Revised Old Version නුඹලා හිමිකරගන්ට යොර්දානෙන් එතරට යන දේශය මතු පිටින් නුඹලා ඉක්මනට සහමුලින් විනාශවෙන බවට අද දවසේ නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටද පොළොවටද හඬගසමි; එහි නුඹලාගේ දවස් වැඩිනොවී, නුඹලා සහමුලින්ම විනාශ වන්නහුය. |
අපි මේ නුවර විනාශ කරන්නට යන්නෙමු. මෙහි වසන්නන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේ වෙත නැඟී ඇති චෝදනා ඉතා දරුණු බැවින්, මෙය විනාශ කිරීමට උන් වහන්සේ අප එවූ සේකැ”යි කී හ.
මම ඉශ්රායෙල්වරුන්ට දුන් දේශයෙන් ඔවුන් නෙරපාදමන්නෙමි. මාගේ නාමය සඳහා මා විශුද්ධ කළ මේ මාලිගාවත් මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. ඉශ්රායෙල්වරුන් ද සියලු ජාතීන් අතර සමච්චලයක් හා උපහාසයක් වනු ඇත.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සමිඳුන් වන මා කියන දේට අහස සවන් දෙන්න; පොළොව කන් දෙන්න. මා විසින් හදාවඩා, ඇතිදැඩි කරගන්නා ලද දරුවෝ ම මට විරුද්ධ ව කැරලි ගැසූ හ.
එවිට මම, “සමිඳුනි, මෙසේ වන්නේ කොපමණ කලකට දැ”යි ඇසීමි. එතුමාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “වැසියෙකු නැති ව නගර ද මිනිසෙකු නැති ව ගෙවල් ද පාළු වන තුරුත්, දේශය සහමුලින් ම ජනශූන්‍ය වන තුරුත් ය.
එබැවින්, නුඹලා වත්, නුඹලාගේ පියවරුන් වත් දැන නොගත් දේශයකට මම නුඹලා නෙරපාදමන්නෙමි. එහි නුඹලා රෑ දහවල් අන් දෙවිවරුන්ට සේවය කරනු ඇත. මම නුඹලාට කිසි අනුකම්පාවක් නොදක්වමි.’
“මෙන්න, නගරය අල්ලාගන්න පිණිස ඒ වටා පස් කඳු සාදා ඇත. බබිලෝනිවරු නගරයට පහර දෙන්නෝ ය. යුද්ධයත්, සාගතයත්, වසංගතයත් කරණකොටගෙන නගරය ඔවුන්ට අත්පත් වන්නේ ය. ස්වාමීනි, ඔබ වදාළ දේ සිද්ධ වී තිබෙන බව ඔබට පෙනෙන්නේ ය.
එසේ ඔබේ දුෂ්ටකම් ද ඔබ කළ පිළිකුල් ක්‍රියා ද සමිඳාණන් වහන්සේට තවත් ඉවසන්නට නොහැකි විය. එබැවින් ඔබේ දේශය අද තිබෙන හැටියට වැසියෙකු නැති ව, පාළු වී, සාප ලද්දක් ව තිබේ;
එම්බා පොළොව! සවන් දෙන්න. මේ සෙනඟ මාගේ වචනවලට කීකරු නොවී, මාගේ ආඥා ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුන්ගේ උපායවලට නියම විපාකය වන විපත්තිය ඔවුන් පිට පමුණුවන්නෙමි.
මම දේශය පාළුවක් ද නාස්තියක් ද කරන්නෙමි. ඇගේ ශක්තිය කෙරෙහි අභිමානය අවසාන වන්නේ ය; ඉශ්රායෙල් කඳුවලට කිසිවෙකු යාමට වුවමනා නොවන ලෙස ඒවා පාළු වන්නේ ය.
එබැවින් එම්බා ඉශ්රායෙල් කඳු! දෙවි ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න. කඳුවලටත්, හෙල්වලටත්, දෙණිවලටත්, මිටියාවත්වලටත්, අවට ඉතිරි ව සිටින ජාතීන්ට කොල්ලයක් ව කවටකමක් ව තිබෙන පාළු වූ නාස්ති වූ ඉඩම්වලටත්, ජනහීන ව තිබෙන නුවරවලටත් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.
නුඹලාට කලින් ඔවුන් එසේ කර, දේශය එහි වැසියන් නෙරපාදැමී ය. එලෙස ම නුඹලාත් දේශය කෙලෙසුවොත්, දේශය නුඹලාත් නෙරපාදමනු ඇත. එබැවින් එලෙස නොකිරීමට වග බලාගත යුතු ය.
සියලු ජනයෙනි, මෙයට සවන් දෙන්න, පොළොව හා එහි ඇති සියල්ලෙනි, මෙයට ඇහුම්කන් දෙන්න. දෙවි සමිඳාණෝ සිය ශුද්ධ මාලිගාවේ සිට ඔබට විරුද්ධ ව සාක්ෂි දෙන සේක.
එම්බා කඳු! සමිඳාණන් වහන්සේගේ චෝදනාවට කන් දෙන්න. පොළොවේ ස්ථිර අත්තිවාරම්, මේ පැමිණිල්ල අසන්න. මන්ද, සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව කරන පැමිණිල්ලක් ඇත. උන් වහන්සේ ඉශ්රායෙල්ට විරුද්ධ ව චෝදනාවක් කරන්න යන සේක.
ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝ ය; සියලු විජාතීන්ගේ රටවලට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝ ය; විදේශීන්ගේ පාලන අවදිය නිම වනතෙක් ජෙරුසලම විජාතීන් විසින් මඬිනු ලබන්නී ය.”
ඔබ එසේ නොකළොත්, ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිලෙනු ඇත. වැසි නොවස්නා පිණිස ද, පොළොවෙන් පලදාව ඇති නොවන පිණිස ද උන් වහන්සේ අහසේ වැහි කවුළු වසා දමන සේක. එවිට උන් වහන්සේ ඔබට දෙන සාර භූමියෙහි ඔබ විගස මියයනු ඇත.
“ඔබේ නපුරු ක්‍රියාවලින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හළ නිසා උන් වහන්සේ ඔබ නාස්ති වී, විගස වැනසී යන තෙක් ඔබටත් ඔබේ වැඩකටයුතු සියල්ලටත් සාපය ද වියවුල් ද තර්ජන ද පමුණුවන සේක.
සමිඳාණන් වහන්සේ ක්ෂය රෝගය සහ උණ ද ඉදිමුම සහ උණසන්නිපාතය ද ඔබට වැළඳෙන්න සලස්වා පීඩා කරන සේක. ඔබේ පලදාවන් නියඟයෙන් ද කොළ රෝගයෙන් සහ හතු රෝගයෙන් ද වනසාලන සේක. ඔබ නාස්ති වී යන තෙක් ඒවා ඔබ ලුහුබැඳ එනු ඇත.
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ ආඥා නීති හා නියෝගවලට, ඔබ අකීකරු වී ඒවා නොපිළිපැදි බැවින් ඔබ වැනසී යන තෙක් මේ සාප සියල්ල ම ඔබ පිට පැමිණ, ඔබ ලුහුබැඳ ගොස් ඔබ අසු කරගන්නේ ය.
මේ නීති සංග්‍රහයේ ලියා නැති ලෙඩරෝග සහ වසංගත සියල්ල ම උන් වහන්සේ ඔබ වනසාලන තෙක් ඔබ පිට පමුණුවන සේක.
සමිඳාණන් වහන්සේ කෝපයෙන් සහ උදහසින් ද දැඩි ක්‍රෝධයෙන් ද ඇවිළී ඔවුන්ගේ මවු බිමින් ඔවුන් මුලින් උදුරා, අද සිටින පරිදි වෙනත් රටකට ඔවුන් පලවා දැමූ සේක.’
ඔබේ ගෝත්‍රවල ප්‍රජා මූලිකයන් ද නිලධාරීන් ද අසාගෙන සිටින විට මේ කරුණු කියා, ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දීමට අහසත් පොළොවත් කැඳවනු පිණිස, ඔවුන් සියල්ලන් මා වෙතට රැස් කරන්න.
එසේ කළොත්, අන් දෙවි දේවතාවන් හට වැඳුම්පිදුම් කරනු පිණිස, මා අනුගමනය කිරීමෙන් ඔව්හු ඔබේ පුත්‍රයන් වළක්වන්නෝ ය. එවිට සමිඳාණන් වහන්සේගේ කෝපය ඔබට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ විගස ඔබ වනසාලනු ඇත.
ඔබ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කොට, අන් දෙවි දේවතාවන් පසුපස යමින් ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කළොත්, ඔබ ඇත්තට ම නැසීවැනසී යන බව මම අද සහතික කොට කියමි.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට ඔබ කීකරු නො වූ වොත්, සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් ඉදිරිපිට දී ම ජාතීන් විනාශ කළාක් මෙන්, ඔබ ද විනාශ කරන සේක.”
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ ගිවිසුම ඔබ කඩ කළහොත්, අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කළහොත්, උන් වහන්සේගේ උදහස ඔබට විරුද්ධ ව ඇවිළී ඔබට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඔබ විගසින් නැති කරදමනු ඇත.”
ඉතින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නහු නම්, උන් වහන්සේ ඔබට කලින් යහපත කළ නමුත්, දැන් ඔබට විරුද්ධ වී ඔබට විපත්ති පමුණුවා ඔබ විනාශ කරන සේකැ”යි කීවේ ය.