Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 28:45 - Sinhala New Revised Version 2018

45 “දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ ආඥා නීති හා නියෝගවලට, ඔබ අකීකරු වී ඒවා නොපිළිපැදි බැවින් ඔබ වැනසී යන තෙක් මේ සාප සියල්ල ම ඔබ පිට පැමිණ, ඔබ ලුහුබැඳ ගොස් ඔබ අසු කරගන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 “දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ ආඥා නීති හා නියෝගවලට, ඔබ අකීකරු වී ඒවා නොපිළිපැදි බැවින් ඔබ වැනසී යන තෙක් මේ සාප සියල්ල ම ඔබ පිට පැමිණ, ඔබ ලුහුබැඳ ගොස් ඔබ අසු කරගන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

45 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ තමන්ගේ ආඥාද තමන්ගේ පනත්ද පවත්වන පිණිස උන්වහන්සේගේ හඬට කන්නුදුන් බැවින් මේ සියලු ශාප නුඹ පිටට පැමිණ, නුඹ නාස්තිවෙන තුරු නුඹ පස්සේ එළවාගෙන ඇවිත් නුඹ අසුකරගන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:45
18 හුවමාරු යොමු  

“මා අද දින ඔබට නියම කරන දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝගයන් ද පිළිපදිනු සඳහා උන් වහන්සේගේ හඬට කීකරු නොවන්නහු නම්, පහත දක්වන සාප සියල්ල ද ඔබ වෙත පැමිණ, ඔබ සමඟ පවතින්නේ ය.


අකීකරු වී කැරලි ගසන්නහු නම් කඩුවෙන් මැරුම් කන්නහු ය.” සමිඳාණෝ සිය සිරි මුවෙන් මෙය වදාළ සේක.


“තවද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ජෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මෘගයන් ද සිඳදමන පිණිස මා විසින් ඊට මාගේ තද දඬුවම් සතර වන කඩුව ද සාගතය ද චණ්ඩ මෘගයන් ද වසංගතය ද යැවූ කල්හි තව කොපමණ වැඩියෙන් බලාපොරොත්තු හීන වන්නේ ද?


“පිටත යුද්ධ, ඇතුළත වංසගතය හා සාගත තිබේ. එළිමහන් තැන්හි සිටින අය කඩුවෙන් මැරෙනු ඇත; නගරයේ සිටින අය සාගතයෙන් ද වසංගතයෙන් ද විනාශ වන්නෝ ය.


විපත පවිටුන් ලුහුබැඳ එයි; සැපත දමිටුන්ගේ විපාකය වෙයි.


ඔබේ ආඥාවලට පිටුපා යන, සාපලත් උඩඟු අයට ඔබ තරවටු කරන සේක.


සමිඳාණන් වහන්සේ ද මුළු ඉශ්රායෙල් වංශය අත්හැර ඔවුන්ට පීඩා කොට ඔවුන් තමන්ගේ ඇස් හමුයෙන් ඉවත්කර දමන තුරු කොල්ලකාරයන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක.


“ඔබේ පැසට ද පිටි අනන බඳුනට ද ආශීර්වාද ලැබෙන්නේ ය.


මම ද කෝපාවිෂ්ට ව නුඹලාගේ පාප නිසා නුඹලාට තව හත් ගුණයකින් දරුණු ලෙස දඬුවම් කරමි.


අපි මේ නුවර විනාශ කරන්නට යන්නෙමු. මෙහි වසන්නන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේ වෙත නැඟී ඇති චෝදනා ඉතා දරුණු බැවින්, මෙය විනාශ කිරීමට උන් වහන්සේ අප එවූ සේකැ”යි කී හ.


“ඔබ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ලබා, බොහෝ කාලයක් එම රටෙහි විසූ පසු, නෙළූ පිළිම හෝ යම්කිසි රූපයක් හෝ සාදා පවට වැටෙමින් ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුර කොට උන් වහන්සේ කුපිත කළහොත්


මම එදින ඔබට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් අහසත්, පොළොවත් කැඳවා ඔබ අයිති කරගන්නට යන ජොර්දාන් ගඟෙන් එතෙර රටින් ඔබ හැම සහමුලින් ම වනසාලන හැටියට දිවුරා කියමි. එම රටෙහි ඔබ වැඩි කල් ජීවත් නොවනු ඇත. ඔබ සහමුලින් ම වැනසෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්