Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 24:20 - Sinhala New Revised Version 2018

20 ඉතින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නහු නම්, උන් වහන්සේ ඔබට කලින් යහපත කළ නමුත්, දැන් ඔබට විරුද්ධ වී ඔබට විපත්ති පමුණුවා ඔබ විනාශ කරන සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඉතින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නහු නම්, උන් වහන්සේ ඔබට කලින් යහපත කළ නමුත්, දැන් ඔබට විරුද්ධ වී ඔබට විපත්ති පමුණුවා ඔබ විනාශ කරන සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ඉදින් නුඹලා ස්වාමීන්වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට සේවයකරන්නහුනම් උන්වහන්සේ නුඹලාට යහපත කළ නුමුත් හැරී නුඹලාට විපත්ති පමුණුවා නුඹලා විනාශකරනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 24:20
19 හුවමාරු යොමු  

“ඉතින්, ඔබ මේ හොඳ දේශය භුක්ති විඳ, ඔබට පසු ව ඔබේ පුත්‍රයන්ට එය සදහට ම උරුම කර දෙන පිණිස, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා පිළිපදිමින් ඒවා සොයන්න කියා සමිඳාණන් වහන්සේගේ සභාව වන සියලු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් ඉදිරිපිට ද අපේ දෙවියන් වහන්සේට ඇසෙන ලෙස ද මම ඔබට අවවාද කරමි.


“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.


ඔහු ආසාගේ පෙරමඟට ගොස් මෙසේ කී ය: “ආසා සහ සියලු ජුදාවරුනි, බෙන්ජමින්වරුනි, මට සවන් දෙන්න. ඔබ සමිඳාණන් වහන්සේ සමඟ සිටින තුරු උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ උන් වහන්සේ සොයන්නහු නම්, උන් වහන්සේ ඔබ සියල්ලන්ට සම්බ වනු ඇත. ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ද ඔබ අත්හරිනු ඇත.


මා එසේ කෙළේ, ‘අපේ දෙවියන් වහන්සේගේ ආශීර්වාද දායක හස්තය උන් වහන්සේ සොයන සියල්ලන් කෙරෙහි පවතින්නේ ය’ කියා ද ‘උන් වහන්සේගේ බලවත් උදහස උන් වහන්සේ අත්හරින සියල්ලන්ට විරුද්ධ ව පවතින්නේ ය’ කියා ද අප රජුට කියා තිබූ නිසා, ගමන් මාර්ගයේ දී අප සතුරන්ගෙන් ආරක්ෂා කරන පිණිස හේවා හමුදාවක් ද අසරුවන් ද රජුගෙන් ඉල්ලන්නට ලජ්ජා වූ බැවිනි.


ඔව්හු මාගේ නියෝග නොසලකා හරින්නෝ නම්, මාගේ අණපනත් නොපිළිපදින්නෝ නම්,


එහෙත්, ද්‍රෝහිකම් කරන්නෝ ද පව්කාරයෝ ද එකට විනාශ කරනු ලබන්නෝ ය; සමිඳුන් අත්හරින්නෝ ද විනාශ වෙති.


එහෙත්, ඔව්හු කැරලි ගසා, උන් වහන්සේගේ ශුද්ධාත්මයට දුක් දුන්නෝ ය. ඒ නිසා, එතුමාණෝ ඔවුන්ට සතුරු වී ඔවුන්ට විරුද්ධ ව සටන් කළ සේක.


ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව වන සමිඳුනි, ඔබ අත්හරින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති. ඔබ ජීවමාන උල්පත වන බැවින් ඔබ අත්හැර යන සියල්ලන් ධූලි මත ලියූ නම් ලෙසින් නියතින් පහ වී යනු ඇත.


“එහෙත්, ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම් කොට, දුෂ්ටයා කරන සියලු ම පිළිකුල් ක්‍රියා කළොත්, ඔහු ජීවත් වේ ද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහි කරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම් නිසාත්, ඔහු කළ ඔහුගේ පාප නිසාත් ඔහු නසින්නේ ය.


එවිට දෙවියන් වහන්සේ ඔවුන් වෙතින් හැරී, ග්‍රහ දේවතා නමස්කාරයට ඔවුන් අත්හැරදැමූ සේක. දිවැසිවරයන්ගේ පොතේ ඒ ගැන, ‘ඉශ්රායෙල් වංශය, කාන්තාරයෙහි සතළිස් වසක් තුළ ඔබ මට බිලි හා පූජා ඔප්පු කළහු ද?


“ඔබ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ලබා, බොහෝ කාලයක් එම රටෙහි විසූ පසු, නෙළූ පිළිම හෝ යම්කිසි රූපයක් හෝ සාදා පවට වැටෙමින් ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුර කොට උන් වහන්සේ කුපිත කළහොත්


මම එදින ඔබට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් අහසත්, පොළොවත් කැඳවා ඔබ අයිති කරගන්නට යන ජොර්දාන් ගඟෙන් එතෙර රටින් ඔබ හැම සහමුලින් ම වනසාලන හැටියට දිවුරා කියමි. එම රටෙහි ඔබ වැඩි කල් ජීවත් නොවනු ඇත. ඔබ සහමුලින් ම වැනසෙනු ඇත.


ඉදින් මාගේ දැහැමි තැනැත්තා ඇදහිල්ලෙන් ජීවත් වේ. එහෙත් ඔහු පසුබට වන්නේ නම්, ඔහු ගැන මට සතුටක් නැත.”


සෙනඟ ද පිළිතුරු දෙමින්, “නැත. අප වැඳුම්පිදුම් කරන්නේ සමිඳාණන් වහන්සේට ම ය”යි ජෝෂුවාට කීවෝ ය.


එහෙත්, ඔබ හැම සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී, උන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසන්නහු නම්, උන් වහන්සේ ඔබේ රජතුමාටත්, ඔබටත් විරුද්ධ ව සිටින සේක.


එහෙත්, ඔබ තවදුරටත් නපුරුකම් කරන්නහු නම්, ඔබ ද ඔබේ රජු ද විනාශ වනු ඇත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්