එකල සෙනඟ ද ඔවුන්ගේ භාර්යාවෝ ද තමන්ගේ සහෝදර ජුදෙව්වරුන්ට විරුද්ධ ව මහා කෑමොරගැසීමක් කළෝ ය.
ද්විතීය නීතිය 15:7 - Sinhala New Revised Version 2018 “දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි, ඔබේ වාසල් දොරටු ඇතුළත ඔබේ සහෝදරයන් අතර යම් දිළින්දෙක් සිටී නම්, ඔබේ සිත දැඩි කර නොගෙන, ඒ දිළින්දාට උදව් උපකාර කිරීම ප්‍රතික්ෂේප නොකළ යුතු ය. Sinhala New Revised Version “දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි, ඔබේ වාසල් දොරටු ඇතුළත ඔබේ සහෝදරයන් අතර යම් දිළින්දෙක් සිටී නම්, ඔබේ සිත දැඩි කර නොගෙන, ඒ දිළින්දාට උදව් උපකාර කිරීම ප්‍රතික්ෂේප නොකළ යුතු ය. Sinhala Revised Old Version නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ යම් නුවරක් තුළ නුඹේ සහෝදරයන්ගෙන් යම් දිළින්දෙක් නුඹ වෙත සිටින්නේ නම්, නුඹ නුඹේ හෘදය දැඩිකරගන්නේවත් නුඹේ දිළිඳු සහෝදරයා වෙතින් නුඹේ අත පියාගන්නේවත් නැතුව, |
එකල සෙනඟ ද ඔවුන්ගේ භාර්යාවෝ ද තමන්ගේ සහෝදර ජුදෙව්වරුන්ට විරුද්ධ ව මහා කෑමොරගැසීමක් කළෝ ය.
“නුඹලා මගේ සෙනඟ අතර සිටින දිළින්දෙකුට මුදල් ණයට දුන්නොත්, පොළියට මුදල් දෙන අය මෙන් නොහැසිරිය යුතු ය. නුඹලා බලයෙන් පොළියක් ද නොගත යුතු ය.
සාගිනි ඇත්තාට අනුකම්පා කර, අසරණයන් තෘප්තියට පමුණුවන්නහු නම්, නුඹේ අඳුර එළිය වන්නේ ය; ඝනාන්ධකාරය මද්දහන මෙන් එළිය වන්නේ ය.
“යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිළිඳු බවට පත් වී, තමා නඩත්තු කරගැන්මට නොහැකි වේ නම්, ඔහුට නුඹලා සමඟ ජීවත් වීමට හැකි වන ලෙස, නුඹලා විදේශිකයෙකුට හෝ ආගන්තුකයෙකුට හෝ ආධාර කරන්නා සේ ඔහුට ද ආධාර කළ යුතු ය.
දිළින්දෝ කවරදාත් දේශයෙහි සිටින්නෝ ය. එබැවින් රටෙහි සිටින දිළින්දා සහ අගහිඟකම් ඇති ඔබේ සහෝදරයන් කෙරෙහි ත්‍යාගශීලී වන ලෙස මම ඔබට අණ කරමි.”
‘ණයෙන් මිදෙන අවුරුද්ද වන හත් වන අවුරුද්ද ආසන්න ය’යි යන දුෂ්ට හිතකට ඉඩ නොදෙන්න. ඔබේ දිළිඳු සහෝදරයා දෙස නපුරු ඇසකින් බලා, ඔහුට කිසිත් නුදුන් පසු ඔහු ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට මොරගැසුවොත්, එය ඔබට පාපයක් වනු ඇත.
“ඔබේ සහෝදර ජනතාවගෙන් හෝ ඔබේ දේශයේ නගරවල විදේශීන්ගෙන් හෝ දිළිඳු, අසරණ කුලීකරුවෙකුට පීඩා නොකළ යුතු ය.