Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 25:35 - Sinhala New Revised Version 2018

35 “යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිළිඳු බවට පත් වී, තමා නඩත්තු කරගැන්මට නොහැකි වේ නම්, ඔහුට නුඹලා සමඟ ජීවත් වීමට හැකි වන ලෙස, නුඹලා විදේශිකයෙකුට හෝ ආගන්තුකයෙකුට හෝ ආධාර කරන්නා සේ ඔහුට ද ආධාර කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 “යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිළිඳු බවට පත් වී, තමා නඩත්තු කරගැන්මට නොහැකි වේ නම්, ඔහුට නුඹලා සමඟ ජීවත් වීමට හැකි වන ලෙස, නුඹලා විදේශිකයෙකුට හෝ ආගන්තුකයෙකුට හෝ ආධාර කරන්නා සේ ඔහුට ද ආධාර කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 නුඹ වෙත නුඹේ සහෝදරයෙක් දිළිඳුවී ඔහුගේ අතමිට හිඟවුණොත් ඔහුට උපකාරකරන්න. විදේශියෙකු හා ආගන්තුකයෙකු මෙන් ඔහු නුඹ වෙත වාසයකෙරේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:35
36 හුවමාරු යොමු  

එහෙත්, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, යහපත කරන්න, ආපසු ලබන බලාපොරොත්තුවක් නැති ව ම ණයට දෙන්න. එවිට ඔබේ පල විපාක මහත් වේ; ඔබ පරමෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහු ය. මන්ද, කෙළෙහි ගුණ නොදත් අයට ද දුෂ්ටයන්ට ද උන් වහන්සේ කාරුණික ය.


ලෞකික සම්පත් ඇති කෙනෙක්, තම සහෝදරයාගේ අගහිඟකම දැක දැකත්, ඔහුට අනුකම්පා නොකරත් නම්, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද?


එවිට ශ්‍රාවකයෝ එකිනෙකා තම තමාගේ වත්කමේ හැටියට ජුදයෙහි සිටි සහෝදරයනට ආධාර යවන්නට තීරණය කරගත්හ.


දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි; දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි.


ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය; ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය; ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය.


දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ; ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය.


දිළින්දා සලකන්නා ආසිරි ලද්දේ ය. ඔහුගේ විපතින් සමිඳාණෝ ඔහු මුදන සේක.


දවස දෙවේලේ ඔහු නොමසුරු ව ණයට දෙයි; ඔහුගේ දරු පරපුර රටට ආසිරියකි.


ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ.


ඔවුන් අපෙන් කළ එක ම ඉල්ලීම නම් දිළිඳුන් සිහි කරන ලෙස ය. මා කරන්න ආශාවෙන් සිටියේත් එය ම ය.


සැදැහැවතුන්ට ආධාර දීම ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත.


අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ත්‍යාගශීලී කරුණාව ඔබ දන්නහු ය. උන් වහන්සේ ධනවත් ව සිටි නමුත්, තමන් වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ ධනවත් වන පිණිස ඔබ උදෙසා දිළිඳු වූ සේක.


මෙසේ ද ලියා ඇත: “ඔබේ සතුරාට බඩගිනි නම් කන්නට දෙන්න. පිපාස නම් බොන්නට දෙන්න; එවිට ඔහු හිස ගිනිගත් කෙනෙකු මෙන් ලජ්ජාවෙන් දැවෙනු ඇත.”


ඔබට හැකි පමණට හැම දෙනා සමඟ සාමකාමී ව සිටීමට උත්සාහ කරන්න.


සැදැහැවතුන්ගේ ඕනෑඑපාකම් වල දී උපකාර කරන්න. ආගන්තුක සත්කාරයට ලැදි ව සිටින්න.


දිළින්දෝ නම් ඔබ සමඟ නිතර ම සිටිති; එහෙත් මම ඔබ සමඟ නිතර ම නොසිටිමි”යි වදාළ සේක.


දුගීහු ඔබ සමඟ හැම දා ම සිටිති. ඔබ කැමැති හැම විටක ම ඔවුන්ට යහපත කරන්න ඔබට පුළුවන. එහෙත්, මම හැම දා ම ඔබ සමඟ නොසිටිමි.


මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න දුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න දුන්නහු ය. ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට පිළිගත්තහු ය.


දිළිඳුන්ට දෙන්නා සමිඳුන්ට ණයට දෙයි, පසු ව සමිඳාණෝ ඔහුට වැඩි වැඩියෙනුත් දෙන සේක.


දිළිඳාට උසුළු-විසුළු කිරීම මැවුම්කාර දෙවිඳුට අවමන් කිරීමකි. අනුන්ගේ දුක් විපත් ගැන ප්‍රීති වෙන්නාට දඬුවම සිකුරු ය.


යමෙකු දිළිඳු තත්ත්වයට පත් ව, ඔහුගේ ඉඩකඩම් විකුණන්නට ඔහුට සිදු වී නම්, ඔහුගේ කිට්ටු ම නෑයෙකු ඉදිරියට අවුත්, ඒ තැනැත්තා විකුණූ ඉඩකඩම් ඔහුට මිල දී ආපසු ගත හැකි ය.


නුඹලා අතර වාසය කරන විදේශිකයා සැලකිය යුත්තේ, නුඹලා අතර උපන් කෙනෙකු මෙන් ය. නුඹලා නුඹලාට ප්‍රේම කරන ලෙස ම ඔහුට ද ප්‍රේම කළ යුතු ය. මිසර දේශයේ දී නුඹලා විදේශිකයන් මෙන් සිටි බව සිහි කරන්න. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


“විදේශිකයෙකුට පීඩා නොකරන්න. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශී ව සිටි හෙයින් විදේශිකයන් විඳින දේ දන්නහු ය.”


“නුඹලා විදේශිකයෙකුට අයුත්තක් වත් හිරිහැරයක් වත් නොකළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශිකයන් ව සිටි හෙයිනි.


“නුඹලා මගේ සෙනඟ අතර සිටින දිළින්දෙකුට මුදල් ණයට දුන්නොත්, පොළියට මුදල් දෙන අය මෙන් නොහැසිරිය යුතු ය. නුඹලා බලයෙන් පොළියක් ද නොගත යුතු ය.


“ඔබේ සහෝදරයාට පොළියට කිසිවක් ණයට දිය යුතු නොවේ. පොළී ගැනීම සඳහා මුදල් හෝ කෑම බීම හෝ අන් කිසිවක් හෝ දීම නොකළ යුතු ය.


එකල සෙනඟ ද ඔවුන්ගේ භාර්යාවෝ ද තමන්ගේ සහෝදර ජුදෙව්වරුන්ට විරුද්ධ ව මහා කෑමොරගැසීමක් කළෝ ය.


එවිට මගේ උදහස ඇවිළී, මම කඩුවෙන් නුඹලා නසන්නෙමි. නුඹලාගේ භාර්යාවෝ කණවැන්දුම් ස්ත්‍රීහු ද, නුඹලාගේ දරුවෝ අනාථ දරුවෝ ද වන්නෝ ය.


සමහරු, “සාගතය නිසා ධාන්‍ය ලබා ගනු පිණිස අපේ කෙත් ද මිදි වතු ද ගෙවල් ද උකස් තබන්නට අපට සිදු වී තිබේ ය”යි කී හ.


මම කිසි දා දිළිඳුන්ට පිහිට නොවී නොසිටියෙමි. වැන්දඹුවක දුක් බරින් පසු වන්නට ඉඩ නොහැරියෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්