Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 15:9 - Sinhala New Revised Version 2018

9 ‘ණයෙන් මිදෙන අවුරුද්ද වන හත් වන අවුරුද්ද ආසන්න ය’යි යන දුෂ්ට හිතකට ඉඩ නොදෙන්න. ඔබේ දිළිඳු සහෝදරයා දෙස නපුරු ඇසකින් බලා, ඔහුට කිසිත් නුදුන් පසු ඔහු ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට මොරගැසුවොත්, එය ඔබට පාපයක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ‘ණයෙන් මිදෙන අවුරුද්ද වන හත් වන අවුරුද්ද ආසන්න ය’යි යන දුෂ්ට හිතකට ඉඩ නොදෙන්න. ඔබේ දිළිඳු සහෝදරයා දෙස නපුරු ඇසකින් බලා, ඔහුට කිසිත් නුදුන් පසු ඔහු ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට මොරගැසුවොත්, එය ඔබට පාපයක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 නුඹ මිදීමේ අවුරුද්දවූ සත්වෙනි අවුරුද්ද ළඟයයි කියමින් නුඹේ සිතේ දුෂ්ට කල්පනාවක් හටගෙන, නුඹේ දිළිඳු සහෝදරයාට නොදෙන ලෙස නුඹේ බැල්ම ඔහු කෙරෙහි අප්‍රසන්න වන බැවින් ඔහු නුඹට විරුද්ධව ස්වාමීන්වහන්සේට මොරනොගසන හැටියටත්, එසේ නුඹ පිටට පාපය නොපැමිණෙන හැටියටත් බලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 15:9
30 හුවමාරු යොමු  

ඉර බැස යාමට පෙර ඔහුගේ දවසේ කුලිය ඔහුට ගෙවිය යුතු ය. ඔහු දිළිඳු නිසා, ඔහු ඒ කුලිය බලාපොරොත්තුවෙන් සිටියි. එසේ නොගෙව්වහොත් ඔහු සමිඳාණන් වහන්සේට මොරගසනු ඇත, එය ඔබට පාපයක් වන්නේ ය.


මා සන්තක දෙයින් මා කැමැති දෙයක් කිරීමට මට අයිතියක් තිබෙනවා නොවේ ද? මා කාරුණික බැවින් ඔබ ඊර්ෂ්‍යා වන්නේ මන්දැ’යි ඇසී ය.


සහෝදරයෙනි, ඔබ විනිශ්චයට ලක් නොවන පිණිස එකිනෙකාට විරුද්ධ ව චෝදනා නොකරන්න. මෙන්න, විනිශ්චයකාරයාණෝ දොරකඩ සිටින සේක.


සමිඳුන් වන මම, මිනිසාගේ සිත සෝදිසි කර බලමි; මිනිසාගේ හදවත පරීක්ෂා කර බලමි. එසේ කරන්නේ, මිනිසාගේ හැසිරීම අනුව ඔහු ජීවත් වන පිළිවෙළ ලෙස ඔහුට විපාක දෙන පිණිස ය.”


නුඹලා ඔවුන්ට හිරිහැර කොට ඔවුන් මට මොරගැසුවොත් මම සැබැවින් ම ඔවුන්ගේ මොරගැසීමට සවන් දෙමි.


බලන්න, ඔබගේ කෙත් වතුවල අස්වැන්න නෙළූ ගොවීන්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධ ව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිඳාණන් වහන්සේගේ කන්වල වැටෙන්නේ ය.


නපුරු චේතනා, මිනීමැරුම්, කාමරාග, සල්ලාලකම්, සොරකම්, බොරු සාක්ෂි සහ අපහාස නික්මෙන්නේ හදවතින් ය.


වස්තු ලෝභියා වස්තුව සොය සොයා වේගයෙන් දුවයි; කවදා හරි හිඟකමට පැමිණෙන බව ඔහු නොදනියි.


මසුරෙකු සමඟ කෑමට නොයන්න, ඔහුගේ ප්‍රණීත ආහාර වැළඳීමට ලොල් නොවන්න. ඒ කෑම කෙස් රොදක් මෙන් උගුරේ හිර වෙනු ඇත.


ඔව්හු දිළිඳුන්ගේ මොරගැසීම එතුමාණන් වෙත නැඟී එන්නට සැලැස්වූ හ, දුගී ජනයාගේ අයැදුමට එතුමාණෝ සවන් දුන් සේක.


සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුඃඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධ ව නඟින මොරගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි.


මැසිවිලි නොකියා එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.


එබැවින් යමෙක් කළ යුතු යහපත දැන දැනත් එය නොකරන්නේ නම්, ඔහු පව්කාරයෙකි.


“දෙවියන් වහන්සේ අප තුළ පිහිටුවා වදාළ ආත්මය උන් වහන්සේ දැඩි ආශාවකින් රකින සේකැ”යි ශුද්ධ ලියවිල්ලේ ඇති කීම නිෂ්ඵල කතාවකැ යි ඔබ සිතන්නහු ද?


මෝඩයාගේ කොයි යෝජනාවත් පාපී ය. උඩඟු මිනිසා සෙසු අයට පිළිකුලකි.


දිළිඳා මොරගසන කල, සවන් නොදෙන්නාගේ කන්නලව්වට සවන් දෙන කෙනෙක් නැත.


අන් හැම දෙයට ම වඩා ඔබේ සිත රැකගන්න; මන්ද, ඔබේ දිවි මඟ හැඩගැසෙන්නේ එයිනි.


දුක්ගැනවිලි ඇති කවරෙකු වත් එතුමාණෝ අමතක නොකරන සේක. වරද කරන කාටත් සමිඳුන්ගේ දඬුවම හිමි වේ.


“සෑම සත් අවුරුද්දක් අවසානයේ දී ඔබ ණය බරින් නිදහසක් දිය යුතු ය.


අප සමිඳාණෝ මෙසේ වදාරති: “පිහිටක් නැති දිළිඳා තළාපෙළා දමන නිසා, ඒ දුක මට ඇසෙන නිසා, මම දැන් එහි වැඩම කරමි; ඔවුන් පතන රැකවරණය සලසා දෙමි.”


මාගේ ඇස් කිසි නීච දෙයක් කෙරෙහි නොරඳවන්නෙමි. දෙවිඳුන් කෙරෙන් ඈත් වන්නන්ගේ ක්‍රියා මම නුරුස්සන්නෙමි. ඒවාට මම ඇලුම් නොවන්නෙමි.


නුඹලා කණවැන්දුම් ස්ත්‍රියකට වත්, අනාථ දරුවෙකුට වත් හිරිහැර නොකළ යුතු ය.


තවද, මෝසෙස් ඔවුන්ට මෙසේ අණ කරමින්, “සෑම සත් අවුරුද්දක් කෙළවර දී, මිදීමේ අවුරුද්ද පැමිණි විට,


කෙනෙකු හෙළා දැකීම පාපයකි; දිළිඳුන්ට අනුකම්පා කිරීම වාසනාවකි.


නුඹලාට විකුණනු ලැබ, හය වසක් නුඹලාට සේවය කළ පසු නුඹලාගේ සහෝදර හෙබ්‍රේවරුන් එකිනෙකා නිදහස් කර හැරිය යුතු යයි මම කීවෙමි. එහෙත්, නුඹලාගේ ආදි පියවරුන් මට සවන් දුන්නේ වත්, මා කී දේ සිතට ගත්තේ වත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්