Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 58:10 - Sinhala New Revised Version 2018

10 සාගිනි ඇත්තාට අනුකම්පා කර, අසරණයන් තෘප්තියට පමුණුවන්නහු නම්, නුඹේ අඳුර එළිය වන්නේ ය; ඝනාන්ධකාරය මද්දහන මෙන් එළිය වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 සාගිනි ඇත්තාට අනුකම්පා කර, අසරණයන් තෘප්තියට පමුණුවන්නහු නම්, නුඹේ අඳුර එළිය වන්නේ ය; ඝනාන්ධකාරය මද්දහන මෙන් එළිය වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 බඩගිනි ඇත්තා කෙරෙහි කරුණාව පෙන්වා, අසරණ ප්‍රාණය තෘප්තියට පමුණුවන්නෙහි නම්, අඳුරේදී නුඹේ එළිය නැගී එන්නේය, නුඹේ කළුවරකම ඉරමුදුන් වේලාව මෙන් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 58:10
19 හුවමාරු යොමු  

අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙන යන්නෙමි: ඔවුන් නොදත් මාර්ගවලින් යන්න මම සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියේ අන්ධකාරය ආලෝකයට හරවා, ඇද තැන් ඇද හරින්නෙමි. මම මේ දේවල් නොවරදවා ම කරන්නෙමි. මම ඔවුන් අත් නොහරින්නෙමි.


හිමිතුමාණන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක.


ඔබේ ජීවිතය මද්දහනේ හිරුට වඩා දීප්තිමත් වනු ඇත. ඔබේ ගන’ඳුර හිරු උදාවට හැරෙනු ඇත.


ජේසුස් වහන්සේ ඒ අසා, “ඔබට තව එක අඩුපාඩුවක් ඇත. ඔබ සතු සියල්ල විකුණන්න, විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක.


දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි; දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි.


ඒ දවස පැමිණි විට පොතකින් කියවන විට බිහිරන්ට ඇසෙනු ඇත. අඳුරෙහි ජීවත් වූ අන්ධයින්ට ඇස් පෙනීම ලැබෙනු ඇත.


දිළිඳුන්ට දෙන අයට කිසි හිඟයක් නැත; දිළිඳුන් දෙස නොබලන අයට අධික සාපය ඇත.


දිළින්දා සලකන්නා ආසිරි ලද්දේ ය. ඔහුගේ විපතින් සමිඳාණෝ ඔහු මුදන සේක.


පොළොව අඳුරෙන් ද ජාතීන් ගන’ඳුරෙන් ද වසනු ලබන නමුත්, සමිඳාණෝ ඔබ මත බබළන සේක. එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස් වන්නේ ය.


කිසිවෙකුට පීඩා කරන්නේ නැත; ඔහු ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු දෙන්නේ ය; සොරකම් කරන්නේ නැත; සාගින්නෙන් පෙළෙන්නාට තමාගේ කෑම දෙන්නේ ය; වස්ත්‍ර නැති අයට වස්ත්‍ර දෙන්නේ ය;


දුර බැහැර අය පැමිණ සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමට උදව් වන්නෝ ය. එවිට සියලු බලැති සමිඳාණන් වහන්සේ මා නුඹලා වෙත එවූ බව නුඹලා දැනගන්නහු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට නුඹලා මුළුමනින් කීකරු වන්නහු නම් මෙසේ සිදු වනු ඇත.”


දවාලත්, රැයත් නොවී, සවස් වේලාවට එළිය ඇත්තා වූ, සමිඳාණන් වහන්සේ පමණක් දන්නා වූ, එක්තරා දවසක් පැමිණෙන්නේ ය.


“කෙසේ වුවත් ඔබ අතර දිළිඳුන් නොසිටිය යුතු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට හිමි කරදෙන දේශයෙහි උන් වහන්සේ ඔබ හට ඉමහත් ලෙස ආශීර්වාද කරන සේක.


මා අමුත්තන් සතුටින් පිළිගන්න බව මට සේවය කරන හැම දෙන ම දනිති.


සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය; ඔහු දයාවන්ත ය; සානුකම්පිත ය; දැහැමි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්