එසේ කෙළේ, ඔවුන් එතුමාණන්ගේ අණපනත් රක්ෂා කරන පිණිස ය, එතුමාණන්ගේ නීති නියෝග පවත්වන පිණිස ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
තීතස් 2:12 - Sinhala New Revised Version 2018 අභක්තිය ද ලෞකික තෘෂ්ණා ද හැරදමා, ආශීර්වාද ලත් බලාපොරොත්තුව ගැනත්, අපගේ මහෝත්තම දෙවියන් වහන්සේ හා ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත ආගමනය ගැනත් බලා සිටිමින්, සිහිනුවණින් යුතු ව දැහැමි ලෙසත් භක්තිවන්ත ලෙසත් මෙලොව ජීවත් වන පිණිස ඒ දේව වරප්‍රසාදය අපට අනුශාසනා කරන්නේ ය. Sinhala New Revised Version අභක්තිය ද ලෞකික තෘෂ්ණා ද හැරදමා, ආශීර්වාද ලත් බලාපොරොත්තුව ගැනත්, අපගේ මහෝත්තම දෙවියන් වහන්සේ හා ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත ආගමනය ගැනත් බලා සිටිමින්, සිහිනුවණින් යුතු ව දැහැමි ලෙසත් භක්තිවන්ත ලෙසත් මෙලොව ජීවත් වන පිණිස ඒ දේව වරප්‍රසාදය අපට අනුශාසනා කරන්නේ ය. සිංහල කාලීන පරිවර්තනය මේ වත්මන් යුගයේ දේව අභක්තිය හා ලෞකික ආශා පිටුදැකීමට පුහුණුව ලබමින්, සංයමයෙන්, යුක්ති ගරුකව හා දේව භක්තියෙන් යුතුව ජීවත් වන පිණිස, Sinhala Revised Old Version අභක්තිකකමද ලෞකික තෘෂ්ණාද එපාකර, ආශීර්වාදලත් බලාපොරොත්තුව ගැනත් මහෝත්තම දෙවියන්වහන්සේගේද අපගේ ගැළවුම්කාර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේද තේජසේ ප්‍රකාශවීම ගැනත් බලාසිටිමින්, |
එසේ කෙළේ, ඔවුන් එතුමාණන්ගේ අණපනත් රක්ෂා කරන පිණිස ය, එතුමාණන්ගේ නීති නියෝග පවත්වන පිණිස ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
මාගේ ආත්මානුභාවය නුඹලා තුළ නිදන් කොට, නුඹලා මාගේ පනත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්න සලස්වන්නෙමි.
යමෙක් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට විරුද්ධ ව වචනයක් කියන්නේ ද, එය ඔහුට කමා කරනු ලබන්නේ ය. එහෙත්, යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ද, එය ඔහුට මේ යුගයේ දී වත්, එන යුගයේ දී වත් කමා කරනු නොලබන්නේ ය.”
එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: “යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා!
මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ.
තවදුරටත් ඔබ සමඟ කතා කිරීමට නුපුළුවන. ලෝකයේ අධිපතියා එන්නේ ය. මා කෙරෙහි කිසි බලපුළුවන්කාරකමක් ඔහුට නැත.
මුහුදෙන් එගොඩ දී උන් වහන්සේ හමු වී, “ගුරුදේවයෙනි, ඔබ මෙහි වැඩියේ කොයි වේලේ දැ”යි ඔව්හු ඇසූ හ.
ඒ නිසා මමත් ඔවුන් මෙන් ම දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්නට ද නිතර ම උත්සහ කරමි.
පාවුලු, සුචරිතය ගැන ද ආත්ම දමනය ගැන ද මතු පැමිණෙන විනිශ්චය ගැන ද කතා කරද්දී ෆීලික්ස් බියපත් ව, “දැනට යන්න, මට ඉඩ ප්‍රස්ථාවක් ලැබුණු විට ඔබ නැවත කැඳවන්නෙමි”යි කී ය.
ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී, සිත අලුත් කරගැනීමෙන් වෙනස් අය වන්න. එවිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම්, යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක් ද කියා ඔබට තේරුම්ගත හැකි ය.
ඔබ කායික තෘෂ්ණාවලට අවනත නොවන ලෙස මින් මතු ඔබගේ මැරෙන සුලු ශරීරයෙහි පාපය රජකම් නොකෙරේ වා.
ඔබගේ තේරුම් ගැනීමේ දුර්වලතා මා දන්න නිසා නිදර්ශන දක්වමින් ඔබට කතා කරමි. එනම්, ඔබ වරක් අයුතුකම් කරන ලෙස ඔබේ ඉන්ද්‍රියයන් අපිරිසුදුකමේත් අයුක්තියේත් වහල් සේවයට භාර දුන්නාක් මෙන්, දැන් පාරිශුද්ධත්වය සඳහා ඔබේ ඉඳුරන් දමිටුකමේ වහල් සේවයට භාර දෙන්න.
ඔබ මාංසයට ගැති ව ජීවත් වන්නහු නම් මරණයට පත් වනු ඇත. එහෙත් ආත්මයාණන් මඟින් ඔබ මාංසික ක්‍රියා නසන්නහු නම්, ඔබ සැබැවින් ම ජීවත් වන්නහු ය.
අපගේ පාරට්ටුව මෙයයි. එනම්, ලෝකයා අතරත් විශේෂයෙන් ඔබ අතරත් අපගේ හැසිරීම, ලෞකික ප්‍රඥාවෙන් නොව දේව වරප්‍රසාදයෙන් ද දෙවියන් වහන්සේ දුන් ශුද්ධවන්තකමින් ද අවංකකමින් ද පාලනය වූ බවට අපගේ හෘදය සාක්ෂිය සහතික කරයි.
ප්‍රේමවන්ත සහෝදරවරුනි, මෙවැනි පොරොන්දු අපට ඇති බැවින් සිත කය කෙලෙසන සියලු දෙයින් වැළකී අප ම පවිත්‍ර කරගනිමින් දේව ගරුබිය ඇති ව අපගේ ශුද්ධවන්තකම පරිපූර්ණ කරගනිමු.
ක්‍රිස්තුන් වහන්සේ, අපගේ දෙවි පියාණන්ගේ කැමැත්ත ලෙස, මේ නපුරු යුගයෙන් අප ගළවන පිණිස, අපේ පව් උදෙසා සිය දිවි පිදූ සේක.
ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග, ක්ලේශ සහිත මාංසික ජීවිතය කුරුසියෙහි ඇණ ගසා ඇත.
ප්‍රේමයෙන් උන් වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධ ව නොකැළැල් ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් සේක.
එකල ඔබ අනුගමනය කෙළේ මේ යුගයේ පවිටු මඟ ය. තවද, අකීකරු අය තුළ ක්‍රියා කරන බලවේගය වන, ආකාශ බලධාරීන්ගේ අධිපතියාට ද ඔබ යටත් ව සිටියහු ය.
එහෙත් දැන් දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ගේ ජීවිතය හා මරණය කරණකොටගෙන තමන් හට ඔබ සමඟි කරගත් සේක. එසේ කෙළේ ඔබ ශුද්ධ, නොකැළැල්, නිදොස් අය හැටියට දැන් උන් වහන්සේ ඉදිරියට පමුණුවාගැනීම සඳහා ය.
එහෙත් සහෝදර ප්‍රේමය ගැන ඔබට ලියා එවීම වුවමනා නැත. කුමක් හෙයින් ද, එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබ දෙවියන් වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහු ය.
ඔබගේ තරුණකම නිසා ඔබ සුළු කොට සැලකීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඔබේ කතාවෙන් ද හැසිරීමෙන් ද ප්‍රේමයෙන් ද ඇදහිල්ලෙන් හා පිරිසිදුකමින් ද අදහන්නන්ට ආදර්ශයක් වන්න.
උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, සියල්ල අපට භුක්ති විඳීමට දෙන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනවතුන්ට, අවවාද කරන්න.
ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂාවලටත්, උගුල්වලටත්, අසු වන්නෝ ය. නාස්තියටත්, විනාශයටත් පමුණුවන, නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔව්හු වසඟ වන්නෝ ය.
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දේව භක්තික ව ජීවත් වන්නට කැමැති සියල්ලෝ ම පීඩා විඳින්නෝ ය.
මන්ද, දේමස් ලෞකික ජීවිතයට ඇලුම් වී, මා අත්හැර, තෙසලෝනිකයට ගියේ ය. ක්‍රස්කේන්ස් ගලාතියටත්, තීතස් දල්මතියාවටත් ගියෝ ය.
මන්ද, අපිත් වරක් අඥාන ව, අකීකරු ව සිටියෙමු. මුළා ව ගොස්, අනේකාකාර තෘෂ්ණාවලටත්, සැප සෙල්ලමටත් වහල් ව සිටියෙමු. කුඩුකේඩුකමිනුත් ඊර්ෂ්‍යාවෙනුත් හැසිරෙමින්, අන්‍යයන්ගේ වෛරය ලැබීමට සුදුස්සන් ව එකිනෙකාට වෛර කරමින් සිටියෙමු.
සමිඳාණන් වහන්සේ දැනගන්න කියා එකිනෙකා තමාගේ පුරවැසියාටත්, සහෝදරයාටත් නූගන්වන්නේ ය. මන්ද, ඔවුන් අතර ලොකු කුඩා සියල්ලෝ ම මා දැනගන්නෝ ය.
අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නිර්මල භක්තිය නම්, මව්පියන් නැති දරුවන්ට ද වැන්දඹුවන්ට ද ඔවුන්ගේ විපත්තිවල දී පිහිට වීමත්, ලෝකයෙන් තමා ම කිළුටු නොවී ආරක්ෂා වීමත් ය.
මෙයින් පෙනෙන්නේ, සමිඳාණන් වහන්සේ භක්තිවන්තයන් පරීක්ෂාවලින් ගළවන්නට ද අභක්තිකයන් විනිශ්චයේ දවස දක්වා දඬුවම යටතේ තබන්නට ද දන්නා බව ය.
මේ මුළු විශ්වය මේ අයුරින් විනාශ වී යන බැවින්, ඔබ කොයි ආකාර අය විය යුතු ද? ඔබ ශුද්ධ හැසිරීමකින් භක්තිවන්ත ලෙස ජීවත් විය යුතු ය.
උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.
උන් වහන්සේ තුළ ජීවත් වන්නේ යයි කියන තැනැත්තා, ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වුණාක් මෙන් ජීවත් විය යුතු ය.
“අන්තිම දවස්වල දී, ආගමට ගරහමින් තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන අය පැමිණෙනු ඇතැ”යි ඔව්හු කී හ.
දෙවියන් වහන්සේගේ ආඥා ද, ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ද රක්ෂා කරන සැදැහැවතුන්ට ඉවසීම අවශ්‍ය වන්නේ මේ නිසා ය.