Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 යොහන් 2:27 - Sinhala New Revised Version 2018

27 උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 එහෙත් උන්වහන්සේගෙන් ඔබ ලැබූ ආලේපය ඔබ තුළ පැවත සිටී; එනිසා අන් කෙනකුගේ ඉගැන්වීමක් ඔබට අවශ්‍ය නැත. උන්වහන්සේගේ ඒ ආලේපය, හැම දෙයක් ගැනම ඔබට උගන්වන ලෙස, එය සත්‍යය ය; බොරුවක් නො වේ; එය ඔබට ඉගැන්වූ පරිදි උන්වහන්සේ තුළ පැවත සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 නුඹලා ගැන වනාහි, නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේය, යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑකරන්නේ නැත; එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද, එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද, එයින් නුඹලාට ඉගැන්නූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවතෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 2:27
28 හුවමාරු යොමු  

නපුරු මිනිස්සු යුක්තිය තේරුම් නොගනිති; සමිඳුන් සොයා යන්නෝ එය මුළුමනින් ම තේරුම්ගනිති.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක නිල තනතුරේ සමිඳාණන් වහන්සේට සේවය කරනු පිණිස ඉදිරිපත් කොට, ඔවුන් ආලේප කළ දවසේ දී ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවලින් ඔවුන්ට හිමි කොටස මෙය වේ.


ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.


උන් වහන්සේ මෙසේ උත්තර දුන් සේක: “ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත.


එවිට මම පියාණන් වහන්සේගෙන් අයැදින්නෙමි; උන් වහන්සේ ද ඔබ සමඟ සදහට ම සිටින පිණිස වෙනත් සහායදායකයෙකු දෙන සේක.


ඒ සහායදායකයාණෝ, සත්‍යයේ ආත්මයාණෝ ය. උන් වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත් ය. මන්ද, ලෝකයා උන් වහන්සේ දකින්නේ වත් හඳුනන්නේ වත් නැත. එහෙත්, ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය. මන්ද, උන් වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින්, ඔබ තුළ වැඩ වසන සේක.


එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහායදායකයාණන් වහන්සේ, එනම්, ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින්, මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක.


එසේ වී නමුත්, ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන් වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක. මන්ද, උන් වහන්සේ සිය කැමැත්තෙන් ම කතා නොකොට, උන් වහන්සේ අසන දේ ම පවසා, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත.


එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක.


‘සියල්ලෝ ම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති’යි දිවැසාවලියෙහි ලියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී, උන් වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝ ම මා වෙත එති.


එහෙත් දෙවියන් වහන්සේ නොමසුරු ව අපට දුන් සියල්ල තේරුම් ගන්නා පිණිස, අප ලබා ඇත්තේ මෙලොවේ ප්‍රඥාවක් නොව, දෙවියන් වහන්සේගෙන් නික්ම එන ශුද්ධාත්මයාණෝ ය.


අප මේ සියල්ල පවසන්නේ මිනිස් ප්‍රඥාවෙන් උපදින වචනවලින් නොව, ආධ්‍යාත්මික දේ, ආධ්‍යාත්මික සත්‍යයන් හා සසඳමින් ශුද්ධාත්මයාණන් අපට උගන්වන වචනවලින් ය.


ක්‍රිස්තුන් වහන්සේ තුළ, ඔබ සමඟ අප ශක්තිමත් කරන්නේ දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ අප ආලේප කර,


සැබැවින් ම උන් වහන්සේ ගැන ඔබ ඇසුවා පමණක් නොව, කිතුනුවන් වශයෙන් උන් වහන්සේ තුළ වූ සත්‍යය ද ඔබට උගන්වන ලදී.


එබැවින් ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ වශයෙන් පිළිගෙන තිබෙන බැවින් උන් වහන්සේ හා ඒකාබද්ධ වී ජීවත් වන්න.


තවත් කරුණක් ගැන අපි දෙවියන් වහන්සේට නොකඩවා තුති පුදමු. දෙවියන් වහන්සේගේ පණිවුඩය අප ඔබ වෙත ගෙනා කල, ඔබ එය අසා පිළිගත්තේ මනුෂ්‍යයන්ගෙන් එන පණිවුඩයක් මෙන් නොව, ඇත්තෙන් ම දෙවියන් වහන්සේගෙන් ම එන පණිවුඩයක් හැටියට ය. මන්ද, අදහන ඔබ අතර ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ ය.


එහෙත් සහෝදර ප්‍රේමය ගැන ඔබට ලියා එවීම වුවමනා නැත. කුමක් හෙයින් ද, එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබ දෙවියන් වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහු ය.


ඒ පිළිබඳ දේශනාකාරයෙකු ද අපෝස්තුළුවරයෙකු ද ලෙස මා පත් කරනු ලැබුවේ විජාතීන්ට සත්‍ය ඇදහිල්ල උගන්වන පිණිස ය. මා මේ කියන්නේ බොරුවක් නොව සත්‍යයක් ම ය.


ඔබ නැවත උත්පාද කරනු ලැබුවේ දිරා යන බීජයකින් නොව, දෙවියන් වහන්සේගේ ජීවමාන, සදාතන වචනය නමැති දිරා නොයන බීජයෙන් ය.


ඉතින් මාගේ ප්‍රිය දරුවෙනි, උන් වහන්සේ තුළ පවතින්න. එසේ කළ යුත්තේ උන් වහන්සේ ප්‍රකාශ වූ විට ඔබ නිසැක ව සිටින පිණිසත්, උන් වහන්සේගේ ආගමනයේ දී ඔබ උන් වහන්සේ ඉදිරියේ ලජ්ජා රහිත ව සිටින පිණිසත් ය.


උන් වහන්සේගේ ආඥා පිළිපදින්නා, උන් වහන්සේ තුළ වෙසෙයි; උන් වහන්සේ ද ඔහු තුළ වැඩවසන සේක. උන් වහන්සේ අප තුළ වැඩවසන බව අප දන්නේ උන් වහන්සේ අපට දුන් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ය.


එසේ කරන්නේ අප තුළ ඇති සදහට ම පවතින සත්‍යය නිසා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්