“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද?
යෝබ් 36:26 - Sinhala New Revised Version 2018 දෙවිඳුන් අති ශ්‍රේෂ්ඨ ය; අපි එතුමාණන් නොදනිමු. එතුමාණන්ගේ ආයු ප්‍රමාණය දන්නෝ කවුරු ද? Sinhala New Revised Version දෙවිඳුන් අති ශ්‍රේෂ්ඨ ය; අපි එතුමාණන් නොදනිමු. එතුමාණන්ගේ ආයු ප්‍රමාණය දන්නෝ කවුරු ද? Sinhala Revised Old Version බලව, අපට දැනගත නොහැකි තරම් දෙවියන්වහන්සේ උතුම්ය; උන්වහන්සේගේ අවුරුදුවල ගණන සොයා දැනගත නොහැකිය. |
“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද?
මේ එතුමන්ගේ තෙද විකුමෙන් බිඳක් පමණි; එතුමන් ගැන අපට ඇසෙන්නේ සිහින් රාවයක් පමණි; එතුමන්ගේ වීර වික්‍රම ගිගුරුම් හඬ තේරුම්ගත හැකි කාට ද?”
එතුමාණන් කර ඇති සියල්ල සැම දෙන දැක ඇත. එහෙත්, එතුමාණන් යථා පරිදි තේරුම්ගත හැකි කිසිවෙක් නැත.
දෙවිඳුන්ගේ මහානුභාවය අචින්ත්‍ය ය, බලපරාක්‍රමයෙන් ද යුක්තියෙන් ද දැහැමිකමෙන් ද එතුමාණෝ උත්තරීතර ය. එතුමාණන්ට ළඟා වීමට අපට නොහැකි ය.
සමිඳාණෝ උතුම් ය, උසස් ම පැසසුම් ලැබිය යුතු ය. එතුමාණන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකි ය.
කඳු හෙල් ඇති වන්නට පෙර සිට ඔබ පොළොව ද සකල ලොව ද මවන්නට පෙර සිට සදාකාලයෙන් සදාකාලයට ම ඔබ දෙවියන් වහන්සේ වන සේක.
දැන් අපට කැඩපතකින් මෙන් නොපැහැදිලි ව පෙනෙන්නේ ය. මතු අපි මුහුණට මුහුණ ලා දකින්නෙමු. දැන් මාගේ දැනුම අසම්පූර්ණ ය. එහෙත් මතු, මා පිළිබඳ දෙවියන් වහන්සේගේ දැනුම මෙන් මාගේ දැනුම ද සම්පූර්ණ වන්නේ ය.
ඔබ ඒවා සළුවක් මෙන් අකුළන සේක, වස්ත්‍ර මෙන් ඒවා මාරු කරනු ලබයි. එහෙත් ඔබ ඒකාකාර ම ය, ඔබගේ වයසට සීමාවක් නැතැ”යි වදාරන සේක.
එහෙත් ප්‍රේමවන්තයෙනි, ‘සමිඳාණන් වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන් ය, අවුරුදු දහසක් එක දවසක් මෙන් ය,’ යන වැදගත් සත්‍යය අමතක නොකරන්න.