Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 36:26 - Sinhala Revised Old Version

26 බලව, අපට දැනගත නොහැකි තරම් දෙවියන්වහන්සේ උතුම්ය; උන්වහන්සේගේ අවුරුදුවල ගණන සොයා දැනගත නොහැකිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 දෙවිඳුන් අති ශ්‍රේෂ්ඨ ය; අපි එතුමාණන් නොදනිමු. එතුමාණන්ගේ ආයු ප්‍රමාණය දන්නෝ කවුරු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 දෙවිඳුන් අති ශ්‍රේෂ්ඨ ය; අපි එතුමාණන් නොදනිමු. එතුමාණන්ගේ ආයු ප්‍රමාණය දන්නෝ කවුරු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 36:26
14 හුවමාරු යොමු  

කඳුවල උත්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන්, සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවියන්වහන්සේය.


ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය; උන්වහන්සේගේ උතුම්කමද සොයා දැනගත නොහැකිය.


එසේය, දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය; නුමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුය; නුමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි.


සර්වපරාක්‍රමයාණන්වහන්සේ නම් අපට සොයා දැනගන්ට බැරි කෙනෙක්ය; උන්වහන්සේ පරාක්‍රමයෙන්ද යුක්තිය හා සම්පූර්ණ ධර්මිෂ්ඨ කමෙන්ද උතුම්ව සිටිනසේක, උන්වහන්සේ පීඩා නොකරනසේක.


දෙවියන්වහන්සේ ස්වකීය හඬින් පුදුමලෙස ගර්ජනාකරනසේක. අප නොදන්න මහත් දේ කරනසේක.


නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම පොළොවෙහි වසන්ට සතුටුවනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබවහන්සේට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊට වඩා කොපමණ මදිද?


මේ වනාහි උන්වහන්සේගේ මාර්ගවල අල්පමාත්‍රයක් පමණකි. එයින් අපට ඇසෙන්නේ කෙතරම් හීන් ශබ්දයක්ද! එසේනම් උන්වහන්සේගේ පරාක්‍රමයේ ගර්ජනාව තේරෙන්නේ කාටදැයි කීවේය.


ඔබ ඒවා සළුවක් මෙන් අකුළනසේක, වස්ත්‍රයක් මෙන් ඒවා මාරුවන්නේය. නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු තීන්දු නොවන්නේයයි කියනසේක.


නුමුත්, ප්‍රේමවන්තයෙනි, ස්වාමීන්වහන්සේට එක දවසක් අවුරුදු දහසක්මෙන්ය, අවුරුදු දහසක් එක දවසක්මෙන්ය යන මේ එක කාරණය මතකනැති නොකරන්න.


ඔබගේ දවස් මනුෂ්‍යයාගේ දවස් වාගේද? නොහොත් ඔබගේ අවුරුදු මනුෂ්‍යයාගේ අවුරුදු වාගේද?


සියලු මනුෂ්‍යයෝ ඒ දෙස බැලුවෝය; මනුෂ්‍යයා දුර සිට බලන්නේය.


උන්වහන්සේ දිය බින්දු ඉහළට ඇදගන්න කල උන්වහන්සේගේ මීදුමෙන් වැස්ස සෑදෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්