Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 පේත්‍රැස් 3:8 - Sinhala New Revised Version 2018

8 එහෙත් ප්‍රේමවන්තයෙනි, ‘සමිඳාණන් වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන් ය, අවුරුදු දහසක් එක දවසක් මෙන් ය,’ යන වැදගත් සත්‍යය අමතක නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එහෙත් ප්‍රේමවන්තයෙනි, ‘සමිඳාණන් වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන් ය, අවුරුදු දහසක් එක දවසක් මෙන් ය,’ යන වැදගත් සත්‍යය අමතක නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 එහෙත් ප්‍රේමණීයයනි, මෙන්න මේක අමතක නො කරන්න; එනම් එක දවසක් ස්වාමින්වහන්සේට අවුරුදු දහසක් හා සමාන වගත්, අවුරුදු දහසක් එක දවසක් හා සමාන වගත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 නුමුත්, ප්‍රේමවන්තයෙනි, ස්වාමීන්වහන්සේට එක දවසක් අවුරුදු දහසක්මෙන්ය, අවුරුදු දහසක් එක දවසක්මෙන්ය යන මේ එක කාරණය මතකනැති නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 පේත්‍රැස් 3:8
5 හුවමාරු යොමු  

ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය, රැයේ එක යාමයක් වැනි ය.


සහෝදරයෙනි, ඔබ ඥානවන්තයෝ යයි සිතමින් අහංකාර නොවන පිණිස ඔබ දත යුතු අබිරහසක් ඇතැ යි සිතමි. එනම්, ඉශ්රායෙල් ජනතාව තුළ තරමක සිත් දැඩිකමක් පවතින්නේ විජාතීන් සියලු දෙනා ම ගැළවීම ලබන තුරු පමණකි.


සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වී දැ යි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔව්හු සියල්ලෝ ම වලාකුළක මඟ පෙන්වීම ලැබූ හ. ඔව්හු සියල්ලෝ ම රතු මුහුදින් එතෙර වූ හ.


සහෝදරවරුනි, ශුද්ධාත්ම දීමනා ගැන නියම තතු ඔබ දැන සිටිනවාට මම කැමැත්තෙමි.


ප්‍රේමවන්තයෙනි, දැන් මෙය මා ඔබ වෙත ලියා එවන දෙ වන හසුන ය. මාගේ මේ හසුන් දෙකින් ම ඔබට යම් යම් දේ සිහිගන්වා, ඔබ තුළ සිත් පිබිදවීමක් ඇති කිරීමට උත්සාහ කළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්