ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 34:29 - Sinhala New Revised Version 2018

නිහඬ ව සිටියත්, එතුමාණන්ට වරද තබන්නෝ කවරහු ද? කිසිත් නොකර සිටියත්, එතුමාණන්ට දොස් තැබිය හැකි ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නිහඬ ව සිටියත්, එතුමාණන්ට වරද තබන්නෝ කවරහු ද? කිසිත් නොකර සිටියත්, එතුමාණන්ට දොස් තැබිය හැකි ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ ශාන්තිය දෙන විට වරද තබන්නේ කවුද? උන්වහන්සේ තමන් මුහුණ සඟවන විට එය දකින්නේ කවුද?

පරිච්ඡේදය බලන්න



යෝබ් 34:29
26 හුවමාරු යොමු  

දාවිත් රජුගේ සියලු සතුරන්ගෙන් සමිඳාණන් වහන්සේ ඔහුට හැම අතින් ම නිදහස දුන් පසු, ඔහු සිය නිවෙසෙහි වාසය කෙළේ ය.


එසේ කරන්නේ, මා ඉශ්රායෙල් කෙරෙහි වීර පුරුෂයන් පත් කළ කාලයේ දී මෙන් ය. නුඹේ සියලු සතුරන්ගෙන් නිදහස ලැබෙන්නට සලස්වන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් උපදවා දෙන බව සමිඳාණන් වහන්සේ ම නුඹට දන්වන සේක.


මෙසේ ජෙහෝෂාපාට්ගේ රාජ්‍යය සාමකාමී ව පැවතුණේ ය. එසේ වූයේ, ඔහුගේ දෙවියන් වහන්සේ හාත්පසින් ම ඔහුට සාමදානය දුන් බැවිනි.


එතුමාණන් කඩාදමන තැන පුනරුත්ථානයක් නැත. එතුමාණන් සිරගත කරන මිනිසාට විමුක්තියක් නැත.


එතුමාණන් යමක් තීරණය කළොත් එය වෙනස් නොවන්නේ ය; ඒවා වෙනස් කළ හැක්කේ කාට ද? එතුමාණෝ තමන් සිතූ දේ ඉටු කරන සේක.


ඔව්හු දිළිඳුන්ගේ මොරගැසීම එතුමාණන් වෙත නැඟී එන්නට සැලැස්වූ හ, දුගී ජනයාගේ අයැදුමට එතුමාණෝ සවන් දුන් සේක.


හිතුවක්කාර සෙනඟක් කෙරේ හෝ ජාතියක් කෙරේ හෝ එතුමාණන් අභක්තිකයෙකු රජකමට පත් කළත් කුමක් කළ හැකි ද?


සමිඳාණන් වහන්ස, කොතෙක් කලක් ඔබ මා අමතක කරන සේක් ද? සදහට ම ද? ඔබ මා හැර දමා අහක බලාගෙන සිටින සේක් ද?


සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.


මා කෙරෙන් ඔබේ මුහුණ සඟවා නොගත මැනව; උදහසින් ඔබ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ සරණ වන සේක. මාගේ විමුක්තිදායක දෙවියෙනි, මා පහ නොකළ මැනව; මා අත් නොහළ මැනව.


සමිඳුනි, ඔබේ කරුණාවෙන් ඔබ මා නොසැලෙන පව්වක් මෙන් තහවුරු කළ සේක. එහෙත්, ඔබ මා කෙරෙන් සැඟවුණ විට, මම කැළඹුණෙමි.


විජාතීන්ට දඬුවම් දෙන දෙවිඳාණෝ දඬුවම් නොදෙන සේක් ද? මිනිසාට නැණනුවණ දෙන සමිඳාණෝ මිනිස් සිතුවිලි නොදන්න සේක් ද?


ඔහුගේ විපත්ති දිනවලට පසු ඔහුට ඔබ නිදහස දෙන සේක; එසේ වන්නේ, දුදනන් හට වළක් කණින තුරු ය.


උන් වහන්සේ කතා කොට, “මම නුඹ සමඟ ගොස්, නුඹට යෙහෙන් විසීමට ඉඩ දෙන්නෙමි”යි වදාළ සේක.


තිරසර අරමුණු ඇති ව, ඔබ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට ම සමිඳුනි, ඔබ සදා ශාන්තිය දෙන සේක.


සියලු දෙනා ම හරි දේ කරන බැවින් සාමයත්, ආරක්ෂාවත්, සදහට ම පවතින්නේ ය.


“යම් ජාතියක් හෝ රාජ්‍යයක් හෝ බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, ඔහුගේ පාලනය නමැති වියගහට කර තබන්නේ නැත්නම්, මා ඒ ජාතිය හෝ රාජ්‍යය හෝ නෙබුකද්නෙශර් ලවා වනසාදම්මන තුරු, මම එයට කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


මම ම මාගේ බැටළුවන්ට එඬේරා වන්නෙමි; මම ම උන්ට ලගින්න තැනක් සොයා දෙන්නෙමි. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය.


“ශාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි; මාගේ ශාන්තිය ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබේ සිත් කැළඹෙන්නට වත් බිය වන්නට වත් ඉඩ නොදෙන්න.


එවිට සියලු නැණනුවණ ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සාමදානය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේ ය.