යෝබ් 22:26 - Sinhala New Revised Version 2018 එවිට ඔබ සව් බලැති දෙවිඳුන් කෙරෙහි ප්‍රීතිමත් ව, ඔබේ මුහුණ එතුමාණන් වෙත ඔසවනු ඇත. Sinhala New Revised Version එවිට ඔබ සව් බලැති දෙවිඳුන් කෙරෙහි ප්‍රීතිමත් ව, ඔබේ මුහුණ එතුමාණන් වෙත ඔසවනු ඇත. Sinhala Revised Old Version මක්නිසාද එකල නුඹ සර්වපරාක්‍රමයාණන් කෙරෙහි ප්‍රීතිමත්වී, නුඹේ මුහුණ දෙවියන්වහන්සේ දෙසට ඔසවනවා ඇත. |
ඔහු සව් බලැති දෙවි තුමන් කෙරෙහි ප්‍රීති වන්නේ ද? එතුමන්ට නිරතුරු යැදුම් පුදනු ඇද් ද?
ඔහු දෙවිඳුන්ට අයැදින විට එතුමාණෝ ඔහුට පිළිතුරු දෙන සේක. එවිට ඔහු ප්‍රීතියෙන් එතුමාණන් නමදින්නේ ය. දෙවි තුමාණෝ යළි ඔහු දැහැමිකමට පමුණුවන සේක.
උදය කාලයේ ඔබේ කරුණා ගුණය දකින්න මට සැලසුව මැනව. මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා යා යුතු මාර්ගය මට දැක්වුව මැනව. ඔබ දෙස මාගේ සිත ඔසවමි.
වනයේ ගස් අතරේ ජම්බු ගස් යම් සේ ද තරුණයන් අතරේ මාගේ පෙම්වතාත් එසේ ම ය. ඒ රුක් සෙවණෙහි හිඳීමට මම ප්‍රිය කරමි; එහි ඵල මා මුවට ඉමිහිරි ය.
මට සේවය කිරීමෙන් ඇති වන ප්‍රීතිය නුඹලා භුක්ති විඳින්නහු ය. ලොවෙහි උසස් ම ගෞරවය නුඹලාට අත් කර දෙන්නෙමි. නුඹලාගේ පිය වූ ජාකොබ්ට උරුමයක් වශයෙන් දුන් දේශය නුඹලා භුක්ති විඳින්නහු ය. මෙසේ වදාරන්නේ සමිඳුන් වන මම ය.”
තවද, අපි උන් වහන්සේගේ ආඥා පිළිපදින නිසා ද, උන් වහන්සේට ප්‍රියමනාප දේ කරන නිසා ද, උන් වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමු.